Site icon Eyeview Sri Lanka

ආර්පිකෝ ඉන්ෂුවරන්ස්, 2023 පළමු කාර්තුවේදී අඛණ්ඩ වර්ධනයක් වාර්තා කරයි

Share with your friend

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමූහ සමාගමක් වන රිචඩ් පීරිස් සමූහ ව්‍යාපාරයට අයත්, මෙරට වඩාත් නවී‍කරණය වූ විශ්වාසනීයතම ජීවිත රක්ෂණ සමාගමක් ලෙස ප්‍රකට ආර්පිකෝ රක්ෂණ සමාගම, 2023 පළමු කාර්තුව තුළ දළ ලිඛිත වාරික ආදායමෙහි (GWP) 19.5%à¶š වර්ධනයක් සනිටුහන් කිරීමට සමත්ව ඇති à¶…à¶­à¶», එය මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත්‍රය තුළ එම කාර්තුවෙහි පස්වැනි ඉහළම වර්ධනය වීම විශේෂත්වයකි. 

රු. මිලියන 226කට අධික අගයක් සනිටුහන් කරමින් සමාගමේ සමූහ ජීවිත රක්ෂණ ඉතිහාසයේ ඉහළම දළ ලිඛිත වාරික ආදායම සමාලෝචිත කාර්තුව තුල වාර්තා කරන ලද අතර, ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ දෙවන ඉහළතම ව්‍යාපාර පරිමාවද ළඟාකරගැනීමට ආර්පිකෝ රක්ෂණ සමාගම සමත්විය. මීට අමතරව, සමාගමේ වෙළඳපොළ හිමිකාරීත්වයෙහි කැපී පෙනෙන වර්ධනයක් අත්පත් කරගෙන ඇත.

රක්ෂණ ඔප්පුහිමියෙකුට සිය ප්‍රධාන ජීවිත රක්ෂණ ඔප්පුවට අමතරව à¶’à·Š සදහා එක්කරගත හැකි අතිරේක ආවරණ (Riders) අලෙවියෙහි සිදුවූ සුවිශේෂි වර්ධනය හේතුවෙන්, සමාගමේ අතිරේක ආවරණ අනුපාතය (Rider Attachment Ratio) 50%à¶šà·Š ඉක්මවන, කැපීපෙනෙන අගයක් ලඟාකරගෙන ඇත. වඩාත් අංගසම්පූර්ණ ආවරණයක් සැපයීමෙහිලා ඉවහල්වන මෙම අතිරේක ආවරණ මගින් ‘ජීවත්වන්නන් සදහා රැකවරණය’ යන තේමාපාඨය වඩාත් තීවර ලෙස  ක්‍රි‍යාවට නැංවේ. 

″මෑත කාලය තුළ රට මුහුණ දුන් විවිධාකාර අභියෝගයන් මධ්‍යයේ වුවද à¶…à¶´ ක්ෂේත්‍රයේ ඉදිරියට යාමට හැකිවීම පිළිබඳව සතුටු වන à¶…à¶­à¶» ව්‍යාපාරයේ වැදගත් අංශයන්හි අඛණ්ඩ වර්ධනයක් පවත්වාගෙන යාමට සමත්වීමු. සමාගමේ ඉදිරි දැක්ම ඉතා ශුභවාදී වන à¶…à¶­à¶» à¶’ à¶’ අංශයන් à·„à·’ අපගේ උපායමාර්ගික ප්‍රමුඛතා තවදුරටත් ශක්තිමත් කිරීමට අඛන්ඩව පියවර ගනිමින් සිටින්නෙමු″, යනුවෙන් ආර්පිකෝ රක්ෂණ සමාගමෙහි ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය කැලුම් සේනානායක මහතා ප්‍රකාශ කළේය.  

″අපගේ දර්ශක අනුව වඩාත් ප්‍රගතිශීලී කාර්යසාධනයක් ළඟාකරගැනීමට à¶…à¶´à¶§ හැකිවූ à¶…à¶­à¶», විශේෂයෙන්ම අපගේ සමූහ ජීවිත රක්ෂණ ව්‍යාපාරය වර්ධනය කිරීමට සහ සංවර්ධනය කිරීමට විශාල පරිශ්‍රමයක් දැරුවෙමු. à¶­à·€ ද à¶’ අංශ සඳහා නවීන ක්‍රියාවලීන් සහ සුවිශේෂී මට්ටමේ පාරිභෝගික සත්කාරය තුලින් බලගැන්වෙන ශුභවාදී අනාගත සැලසුම් à¶…à¶´ සතු ය. මෙම වසර ආරම්භයේදී ම රක්ෂණ ක්ෂේත්‍රය තුළ COT සාමාජිකයෙකු à¶¶à·’à·„à·’ කිරීමට ලැබීම ගැන ද à¶…à¶´à·’ ආඩම්බර වන්නෙමු″, යනුවෙන් ආර්පිකෝ රක්ෂණ සමාගමෙහි ක්‍රමෝපාය සැලසුම් සහ සබඳතා සාමාන්‍යාධිකාරි,  ප්‍රමෝද කරුණාතිලක මහතා පැවසුවේය.

වසර 90à¶š ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකාවේ විශාලතම සහ වඩාත් සාර්ථක ලෙස විවිධාංගීකරණය වූ ව්‍යාපාර සමූහයක්වන Richard Pieris & Company PLC à·„à·’ අනුබද්ධිත ආයතනයක් වන ආර්පිකෝ ඉන්ෂුවරන්ස් යනු ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව විසින් නියාමනය කරනු ලබන විශාලතම ජීවිත රක්‍ෂණකරුවන් 10 දෙනා à¶…à¶­à¶» සිටින ගෞරවනීය ජීවිත රක්‍ෂණ සමාගමකි. සැමට ජීවිත රක්‍ෂණ ලබාදීමට කැපවී සිටින එම සමාගම, පරිත්‍යාග රක්ෂණ, සෞඛ්‍ය රක්ෂණ, කාලීන රක්ෂණ, අධ්‍යාපන සැලසුම්, ආයෝජන සැලසුම්, විශ්‍රාම සැලසුම්, සමූහ රක්ෂණ, ණය ආරක්ෂණය සහ සහන සැලසුම් වැනි රක්‍ෂණ විසඳුම් රැසක් ඉදිරිපත් කරයි.  


Share with your friend
Exit mobile version