ආසියානු සම්මේලන පිරිමි කණිෂ්ඨ හොකී කුසලාන තරගාවලියේ දී නිල විධිමත් ඇඳුම් සැපයුම් සහකරුවා ලෙස අනුග්‍රහය දැක්වීමට Signature ශ්‍රී ලංකා හොකී සම්මේලනය සමග අත්වැල් බැඳගනී

Share with your friend

ශ්‍රී ලංකාවේ වඩාත් ප්‍රචලිත පිරිමි ඇඳුම් සන්නාමය Signature, ආසියානු සම්මේලන පිරිමි කණිෂ්ඨ හොකී කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ නිල විධිමත් ඇඳුම් සැපයුම් සහකරුවා ලෙස සිය අනුග්‍රහය දැක්වීමට ශ්‍රී ලංකා හොකී සම්මේලනය සමග ගිවිසුම් ගතවීම ඉතාමත් ආඩම්බරයෙන් සමරයි. ආසියානු කලාපයේ තරුණ හොකී ක්‍රීඩකයින්ගේ ක්‍රීඩා කෞෂල්‍ය උරගා බැලීමට මෙම තරගාවලිය ජුනි 13වැනිදා සිට 23වැනිදා දක්වා සිංගප්පූරුවේ දී පැවැත්විණි.  

ආසියානු සම්මේලන පිරිමි කණිෂ්ඨ හොකී කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ නිල විධිමත් ඇඳුම් සැපයුම් සහකරුවා ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට ඉතාමත් විචිත්‍ර අභිමාණවත් ඇඳුම් නිර්මාණය කිරීමට ආයතනය සමත් වූ අතර එහිදී වඩාත් උචිත නිර්මාණයක් සහ අභිමාණවත් විලාසිතාවක් නිර්මාණය කිරීමට සන්නාමයේ කැපවීම මොනවට පැහැදිළි විය. මෙම සහයෝගීතාවයේ ඇඳුම් විලාසිතා නිර්මාණය ක්ෂේත්‍රයේ සන්නාමය සතු පෙරමග දකින සුවිශේෂීත්වය සහ ක්‍රීඩා ක්ෂේත්‍රයේ නැගී එන තරුණ ජවය දිරිමත් කිරීම වෙනුවෙන් ආයතනයේ කැපවිම පැහැදිළි වෙයි. තවද ශ්‍රී ලංකාව තුළ හොකී ක්‍රීඩාව දියුණු කිරීමට අතදෙමින් එය උසස් තලයකට නගා සිටුවීමට පසුබිම සැකසීම මෙහි තවත් අරමුණකි.


Signature, ආයතනයේ අධ්‍යක්ෂ අම්ජාඩ් හමීඩ් මහතා මේ අවස්ථාවේ දී සිය අදහස් දැක්වීය,“ශ්‍රී ලංකා හොකී සම්මේලනය සමග අත්වැල් බැඳගනිමින් ආසියානු සම්මේලන පිරිමි කණිෂ්ඨ හොකී කුසලාන තරගාවලියට අනුග්‍රහය දැක්වීමට ලැබීම ගැන අපි ඉතාමත් සතුටු වෙනවා. විලාසිතා ලෝකයේ හෝ ක්‍රීඩා ක්ෂේත්‍රයේ තමන්ගේ හැකියාවන්ගෙන් ඉහළටම යන්නට උත්සහ කරන ඕනෑම කෙනෙක්ව බලගැන්වීමට Signature, අපි ඉතාමත් කැමැත්තෙන් ඉදිරිපත් වෙනවා. මෙම අනුග්‍රහක දායකත්වය තුළින් ලංකාවේ විවිධ ක්ෂේත්‍ර වැඩිදියුණු කිරීමට සන්නාමයක් ලෙස අපගේ කැපවීම සහ අනාගතය වෙනුවෙන් කරන ආයෝජනය මනාව පිළිබිඹු වෙනවා.”


1990 වසරේ දී හඳුන්වාදුන් Signature සන්නාමය සාමාන්‍ය ඇඳුම් (casual wear) සහ කාර්යාල ඇඳුම් (formal wear) කාණ්ඩ තුළ අගය එකතු කිරීමෙන් සහ විලාසිතා හඳුන්වාදීමෙන්, පරම්පරාවෙන් පරම්පරාවට නොවෙනස් තාරුණ්‍යයේ සන්නාමය ලෙස ඉදිරියට පැමිණ විලාසිතාවලට කැමති ශ්‍රී ලාංකික පිරිමි පාර්ශවය අතර ඉහළ පිළිගැනීමක් අත්පත් කරගෙන තිබේ. මෙම සන්නාමය තුළින් formal, ceremonial, smart casual, casual, linen, party wear, suits, shirts, blazers, trousers, denim සහ accessories එකතුවක් පාරිභෝගිකයන්ට හඳුන්වාදී ඇත. එසේම පිරිමි පාර්ශවයේ විලාසිතාවන්ගේ වටිනාකම තවත් ඉහළ නැංවීමට විශාල පරාසයක සම් පාවහන් නිෂ්පාදන සහ පිරිමි පැළඳුම් ආයිතම ගණනාවක් හඳුන්වාදීමට Signature මූලිකත්වය ගෙන ඇති අතර සෑම ඇඳුමක්ම පැළඳුමක්ම නිවැරදි විලාසිතා ආකෘතියකින් මනා පරිපූර්ණත්වයට පත් කිරීමට ඉවහල් වී ඇත.


සෑම මිනුමක්ම ඉහළ නිරවද්‍යතාවයක පවත්වා ගනිමින් වඩාත් උසස් විලාසිතාවේ නිපැයුම් හරහා සියලු දෙනාගේ අභිමානය ඉහළ නැංවීමට Signature දිර්ඝ කාලයක් කැපවීමෙන් කටයුතු කළ අතර ලංකාවේ පිරිමි පාර්ශවය අතර ඉහළම නමක් දිනාගත් සන්නාමය බවට පත්වීමට නොනවතින කැපවීම ඉවහල් විය. රටපුරා විසිරි ඇති සුවිශේෂී ශාඛා ජාලය සහ රටේ ඕනෑම තැනකට ගෙනැවිත් භාරදීමේ පහසුකම් සහිත https://signature.lk ඔන්ලයින් අලෙවි ඩිජිටල් අවකාශය හරහා නියම පිරිමි විලාසිතාවන් සොයන, අභිමානයෙන් ඉදිරියට යන ශ්‍රි ලාංකික පිරිමින් අපේක්ෂා කරන සන්නාමය බවට පත්වීමට Signature සමත්වී තිබේ.


Share with your friend
Leave a Comment

Comments

No comments yet. Why don’t you start the discussion?

    Leave a Reply