Eyeview Sri Lanka

ඇග්‍රොමෙට් ඒෂියා සමාගම, වාර්ෂික ජාතික අපනයන සම්මාන උළෙලේදී බුහුමන් රැසකින් පිදුම් ලබයි

Share with your friend

ශ්‍රී ලංකාවේ මිශ්‍ර නොවූ ලෝහ ප්‍රතිචක්‍රීයකරණයෙන් පසු උසස් තත්ත්වයේ නිෂ්පාදන බවට පත්කිරීමේ විශේෂඥතාව සහිත ඇග්‍රොමෙට් ඒෂියා (Agromet Asia) පුද්ගලික සමාගම, ජාතික අපනයන වාණීජ මණ්ඩලය මගින් සංවිධානය කරන ලද 2024 වාර්ෂික අපනයන සම්මාන උළෙලේදී ගෞරව සම්මාන දෙකකින් පිදුම් ලැබීමට සමත්විය. මෙම සම්භාවනීය සම්මාන උළෙලෙ 2024 දෙසැම්බර් 6 වැනිදා කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී පැවැත්වුණි.

තිරසර නිෂ්පාදන භාවිතාවන් අනුගමනය කරමින් චක්‍රීය ආර්ථික ක්‍රියාවලියට ලබාදෙන දායකත්වය වෙනුවෙන් ප්‍රතිචක්‍රීයකරණ නිෂ්පාදන අංශයේ (දැවැන්ත පරිමාණ ආයතන කාණ්ඩයේ) රන් සම්මානය සමාගමට හිමිවිය. විශේෂයෙන්ම  මිශ්‍ර නොවූ ලෝහ ප්‍රතිචක්‍රීයකරණයේ නව කර්මාන්ත ප්‍රමිතීන් පවා සකස් කරමින් සමාගම සිදුකළ ක්‍රියාකාරකම් මෙහිදී ඇගැයුණු අතර, ප්‍රතිචක්‍රීයකරණ නිෂ්පාදන ක්ෂේත්‍රය තුළ සමාගමේ නායකත්වය සනිටුහන් කිරීමට ද සමත්විය.       

මීට අමතරව, අපනයන අංශය සඳහා සැපයුම් යන කාණ්ඩය යටතේ ද (දැවැන්ත පරිමාණ සමාගම් කාණ්ඩයේ) ලෝකඩ සම්මානයක් සමාගමට පිරිනැමුණි. තව ද, සමාගමේ පාරිසරික වගකීම් සහගතබව සහ ආචාර ධාර්මික වෙළෙඳ භාවිතාවන් අගයමින් ජාතික අපනයන වාණිජ මණ්ඩලයේ ආචාරධාර්මික වෙළෙඳ සහතිකය ද සමාගමට හිමිවිය.

ඇග්‍රොමෙට් ඒෂියා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ රිටේෂ් සිංහාල් මහතා මෙම ජයග්‍රහණ පිළිබඳ අදහස් දක්වමින් පැවසූයේ රන් සම්මාන මගින් තිරසරභාවය වෙනුවෙන් සමාගමේ නායකත්ව භූමිකාවත්, ලෝකඩ සම්මානය මගින් අපනයනකරුවන් වෙනුවෙන් සැපයුම්කරුවෙකු ලෙස සමාගම ලබාදෙන සුවිශේෂී දායකත්වයත් පිළිගැනීමට ලක්වුණු බව ය. දක්ෂතා පූර්ණ කාර්යමණ්ඩලය සහ පාරිභෝගික විශ්වාසය සමාගමේ මෙම සාර්ථකත්වයට හේතුවූ බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.  

ශ්‍රී ලංකාවේ විශාලතම සින්ක් ඔක්සයිඩ සැපයුම්කරුවන ඇග්‍රොමෙට් ඒෂියා සමාගම, මෙරට මෙන්ම අග්නිදිග ආසියාතික ප්‍රමුඛතම ටයර් සමාගම් වෙත සැපයුම් සිදුකරයි. එමෙන්ම පිරිපහදු කරන ලද පිත්තල යොදාගනිමින් උසස් තත්ත්වයේ පිත්තල පුවරු සමාගම නිෂ්පාදනය කරන අතර, ඒවා ජල කරාම ආදී විවිධ සනීපාරක්ෂක කර්මාන්ත නිෂ්පාදන වෙනුවෙන් අමුද්‍රව්‍ය ලෙස භාවිත කෙරේ. ශ්‍රී ලංකාව තුළ Gravity Die Casting (අච්චු භාවිතයෙන් ලෝහ නිෂ්පාදනය කරන නවීන වාත්තු නිෂ්පාදන ක්‍රමවේදයකි) ක්‍රමය භාවිත කරන එකම ආයතනය ද ඇග්‍රොමෙට් ඒෂියා සමාගමවන බැවින්, විදුලිබල, දුම්රිය සහ ඉංජිනේරු වැනි අංශ වෙනුවෙන් ද යුරෝපය, අමෙරිකා එක්සත් ජනපදය සහ අග්නිදිග ආසියාව වෙත තම අපනයන සිදුකරයි.

ඇග්‍රොමෙට් ඒෂියා සමාගමට මේ වනවිටත් ISO 9001:2015, ISO 14001:2015 සහ REACH ප්‍රමිති සහතික හිමිව තිබේ. 2000 වර්ෂයේ ආරම්භ කරන ලද සමාගම, ගෝලීය වශයෙන් ප්‍රසාරණය වෙමින් සහ රැකියා ජනනය කරමින්, ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට දායක වී තිබේ. පරිසරය වෙනුවෙන් තම වගවීම පිළිබිඹු කරමින් තම කර්මාන්තශාලා සූර්ය බලශක්තියෙන් බලගැන්වීමට පියවර ගෙන ඇති ඇග්‍රොමෙට් ඒෂියා සමාගම, වර්ෂ 2030 වනවිට 100%ක්ම හරිත බලශක්ති භාවිතය වෙනුවෙන් පරිවර්තනය වීමට සැලසුම්කර තිබේ. ඊට සමගාමීව කාබන් පියසටහන් මැනීම සහ පාරිසරික බලපෑම අවමකරණය වෙනුවෙන් ද සමාගම පියවර ගෙන තිබේ.

ඊට අමතරව හොරණ ප්‍රදේශයේ ප්‍රජාවගේ සුබසිද්ධිය වෙනුවෙන් ද විවිධ ක්‍රියාකාරකම් රැසක් සමාගම මගින් දියත් කර තිබේ. ඒ අතර, යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘති මෙන්ම සමාජ සවිබලගැන්වීමේ වැඩසටහන් ද වන අතර, කාර්මික වර්ධනය අතරතුර සමාජයේ ද යහපත තහවුරු කරන ශක්තිමත් ආයතනික සමාජ වගකීම් භාවිතාවක් ඇග්‍රොමෙට් ඒෂියා සමාගම ක්‍රියාත්මක කරයි.


Share with your friend
Exit mobile version