Eyeview Sri Lanka

ඉහළ සේවා අත්දැකීමක් ලබාදෙමින් පීපල්ස් ලීසිං සමාගම කිරිබත්ගොඩ ශාඛාව නව පරිශ්‍රයකට රැගෙන යයි.

Share with your friend

පීපල්ස් ලීසිං සමාගමේ කිරිබත්ගොඩ ශාඛාව අංක 157/2/2, මාකොළ පාර, කිරිබත්ගොඩ යන ස්ථානයට පිවිසීම පසුගියදා සිදුවිය. පීපල්ස් ලීසිං සමාගමේ ප්‍රධාන කළමනාකාර (මෙහෙයුම්) චමිල් හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් නව පරිශ්‍රය උත්සවාකාරයෙන් විවෘත කෙරුණි.

වර්ෂ 2016 ජුලි 06 දින කිරිබත්ගොඩ ප්‍රදේශයේ සුළු සහ මධ්‍ය පරිමාණ ගනුදෙනුකරුවන්ගේ මූල්‍ය අවශ්‍යතා සපුරාලීමේ අරමුණින් කිරිබත්ගොඩ ශාඛාව මෙහෙයුම් කටයුතු සඳහා විවෘත විය.

පාරිභෝගිකයින්ට වැඩි පහසුවක්, ගුණාත්මක බවක් සහ මූල්‍ය ප්‍රවේශයක් ලබාදෙන බවට පොරොන්දු වෙමින් ශාඛාව වෙනත් ස්ථානයකට රැගෙන යන ලද අතර, උසස් සේවාවක් අත්විඳීමට නව ශාඛාව වෙත පැමිණෙන ලෙස පීපල්ස් ලීසිං සමාගම සිය ගණුදෙනුකාරභවතුන්ට ආරාධනා කරයි.

රාජ්‍ය බැංකුවක් වන මහජන බැංකුවට අනුබද්ධිත ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ බැංකු නොවන මූල්‍ය ආයතනයක් (NBFI) වන පීපල්ස් ලීසිං සමාගම විශේෂිත ලීසිං සමාගමක් ලෙස වර්ෂ 1996 දී සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කරමින් 2011 වසරේ දී කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත විය.

බැංකු නොවන මූල්‍ය ආයතන ක්ෂේත්‍රයේ මිණුම් සලකුණක් තබමින් නවීන තාක්ෂණ ක්‍රමවේදයන්ගෙන් යුක්තව නව්‍ය ඩිජිටල් විසඳුම් ඇතුළුව මූල්‍ය සේවා රාශියක් සිය ගණුදෙනුකරුවන් වෙත පිරිනැමීම පීපල්ස් ලීසිං සමාගමේ අපේක්ෂාවය.පීපල්ස් ලීසිං සමාගම සිය 25වන කඩයිම පසුකරමින් බංග්ලාදේශයේ විදේශීය ව්‍යාපාරයක් ඇතුළුව අනුබද්ධිත ක්ෂේත්‍ර හයක් සමඟ විවිධාංගීකරණය වූ බැංකු නොවන මූල්‍ය බලවතෙක් දක්වා වර්ධනය වී ඇත.


Share with your friend
Exit mobile version