ලෝක සමුද්‍ර දිනය 2025 ජූනි 8 වැනිදාට යෙදී තිබුණු අතර, එක්සත් සාගර සමුළුව ජූනි 9 සිට 13 දක්වා ප්‍රංශයේ දී පැවැත්වීමට නියමිතය. මෙම සාගර සමුළුවට එක්රැස් වන ලෝක නායකයෝ, සාගර ගෝලය ආරක්ෂා කිරීම සඳහා වන සිය කැපවීම පිළිබඳව එහිදී සාකච්ඡා කිරීමට නියමිතය.

මෙම සමුළුව පැවැත්වෙන්නේ, මැයි 25 වන දින MSC ELSA 3 නම් නෞකාව කේරළ වෙරළට ආසන්නයේදී දරුණු අනතුරකට ලක්ව, එමගින් එම සාගර කලාපයට සිදු වූ බලපෑම තවත් දරුණු වෙමින් පවතින අතරවාරයේය. එම අනතුර හේතුවෙන් මුහුදට මුදා හැරෙන ඉන්ධන හා අනෙකුත් අන්තරායකර රසායනික මෙන්ම, හඳුනානොගත් භාණ්ඩ පිරුණු බහාලුම් මෙන්ම ප්ලාස්ටික් කොටස් සහ අපද්‍රව්‍ය ඉන්දීයාවේ කේරළ හා තමිල්නාඩු වෙරළට ගොඩ ගසමින් තිබේ. ඒ හේතුවෙන් වෙරළාසන්න පාරිසරික තත්ත්වය මේ වනවිට අයහපත් අතට හැරී තිබේ. පවතින මෝසම් කාලගුණ තත්ත්වයද, පාරිසරික තක්සේරු කිරීමේ කටයුතුවලට මෙන්ම, පිරිසිදු කිරීමේ කටයුතුවලට සුවිශාල බාධාවක් වී තිබේ. එමෙන්ම, ශ්‍රී ලංකාවේද, වසර 4කට පෙර සිදුවූ X-Press Pearl පර්ල් නෞකා අනතුර අදටද කලාපයේ සමුද්‍ර ජීවීන්ට, සමුද්‍රීය පරිසර පද්ධතියට සහ ධීවර ප්‍රජාවට අහිතකර ලෙසින් බලපාන අතර, එවැනි අනතුරකින් සිදුවන සමස්ත හානිය හරිහැටි තක්සේරු කළ නොහැක. මෙම අනතුරේ දිගුකාලීන ප්‍රතිවිපාක පිළිබඳව ගැඹුරු අධ්‍යයනයක් සිදුකිරීමේ අවශ්‍යතාවය, ඉන් අවධාරණය කෙරෙයි.
“එම කන්ටේනර්වල තිබුණේ මොනවාද? මෙම අනතුරෙන් වෙරළබඩ ජනතාවගේ ජීවනෝපාය අහිමිවීම සම්බන්ධයෙන් සහ එම පරිසරයට හා ආර්ථිකයට සිදු වූ හානියට වන්දි ගෙවන්නේ කවුද?” යනුවෙන් ග්‍රීන්පීස් ඉන්දියා හි හි ක්‍රියාකාරිනී අම්රුතා එස්. නායර් මහත්මිය ප්‍රශ්න කරයි. “අපි දේශීය බලධාරීන්ගෙන් වගේම, MSC සමාගමෙන් ඉල්ලා සිටින්නේ, MSC ELSA 3 නෞකාවේ සම්පූර්ණ භාණ්ඩ ලැයිස්තුව ප්‍රසිද්ධියට පත් කරන ලෙසයි. දකුණු ඉන්දියාවේ ජනතාවට සත්‍ය දැනගැනීමට අයිතියක් තිබෙනවා. මෙම නෞකාව අනතුරට පත්වී දැනටමත් සති දෙකක් ගතවී තිබෙනවා. මේ වනතුරුත් MSC සමාගම අනතුර පිළිබඳ සවිස්තරාත්මක ප්‍රකාශයකවත්, පිරිසිදු කිරීමේ හා වන්දි ගෙවීමේ පුළුල් සැලැස්මක් ඉදිරිපත් කරලා නැහැ. එක්සත් ජාතීන්ගේ සාගර සමුළුව මගින් සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබෙන්නේ, නාවික කර්මාන්තය තුළින් සාගරයට කාබන් මුදාහැරීම් අවම කිරීම හා ගෝලීය ප්ලාස්ටික් දූෂණය පිළිබඳව නාවුක කර්මාන්තය තුළින් විශාල වශයෙන් ලාභ ලබන MSC වැනි සමාගම්වලට මේ සා ව්‍යසනයක් සිදුකිරීම සම්බන්ධයෙන් වගකීම පැහැර හැරීමට හැකියාවක් නැහැ. ඒ මෙම අනතුර නිසා සමුද්‍රයට එකතු වෙන ප්ලාස්ටික් සමුද්‍ර ජීවීන්ගේත්, ධීවර ප්‍රජාවන්ගේත් පැවැත්මට බරපතල ලෙස බලපෑම් කර තිබෙන නිසයි.”
සාගර ආශ්‍රිතව සිදුවන මෙවන් අනතුරු සම්බන්ධයෙන්, අදාළ ආයතන හා සහයෝගීතාවයෙන් කටයුතු කරන Greenpeace සංවිධානය විසින් ඉහත ව්‍යසනයෙන් අනතුරුව, කඩිනමින් ඒ පිළිබඳ වාර්තා කිරීම සඳහා විශේෂ කණ්ඩායමක් යොදවනු ලැබීණි. එමෙන්ම, ඉකුත් සතිය පුරාමත්, සාගරය සුරැකීම සම්බන්ධයෙන් එම සංවිධානයේ පාර්ශවකරුවන්, තරුණ කණ්ඩායම් මෙන්ම ධීවර ප්‍රජාවන් හා සහයෝගයෙන් විවිධ ක්‍රියාකාරකම් දියත් කිරීමට පියවර ගන්නා ලදී. ඒ අනුව, “එක් සාගරයක්-ජීවිත ගණනාවක්” යන පණිවිඩය ඛූල්නා, බංග්ලාදේශය, ගාල්ල, කොළඹ සහ ඉන්දියාවේ ඔඩිෂා හා චෙන්නායි ඇතුළක් කලාපය පුරාම බෙදාහරිනු ලැබිණි.
“මෙවැනි සිදුවීම් මැද අපි ලෝක සමුද්‍රීය දිනය සැමරීමට, අපේ කලාපය පුරාම අප හා අත්වැල් බැඳගෙන කටයුතු කරන ආයතන හා පුද්ගයින් සමග එක්ව සුභ පණිවිඩයක් ලබා දීමට අපේක්ෂා කරනවා.” යනුවෙන් Greenpeace South Asia හි ශ්‍රී ලංකා ක්‍රියාකාරිනී අනීතා පෙරේරා මහත්මිය පවසයි. ” අපගේ කලාපයේ රටවල නායකයින්ගෙන් අපි ඉල්ලා සිටින්නේ, අපගේ සාගරවලින් 30%ක ප්‍රමාණයක් ආරක්ෂා කිරීම සඳහා වන ගෝලීය ‘High Seas Treaty’ ගිවිසුම [1] කඩිනමින් අනුමත කරන ලෙසයි. ඒ වගේම, වෙරළබඩ සම්පත් තිරසාර ලෙස කළමනාකරණය කරමින්, දේශීය වෙරළබඩ ආර්ථිකය යහපත් මට්ටමට ගෙනඒමට, කුඩා පරිමාණ ධීවරයින්ගේ හඬට ඇහුම්කන් දෙන ලෙසත්, සාගරය පිළිබඳව වෙරළබඩ ප්‍රජාවගේ දැනුවත්භාවය පිළිබඳව අවධානය යොමුකරන ලෙසත් කලාපයේ රටවල නායකයින්ගෙන් ඉල්ලා සිටිනවා.”
ලෝක සමුද්‍රීය දිනය සහ එක්සත් සාගර සමුළුව ඉදිරියේ ඇගේ මෙම ප්‍රකාශය අවධාරණය කරන්නේ, සමුද්‍රීය සම්පත් ආරක්ෂා කිරීමේ සහ දේශීය ප්‍රජාවන් සවිබල ගැන්වීමේ හදිසි අවශ්‍යතාවයයි.