ටෝකියෝ සිමෙන්ති සමූහයේ පූර්ණ දායකත්වයෙන් පාසල් දරුවන්ගේ පෝෂණ අවශ්‍යතා නංවාලීම උදෙසා දියත් කල සුපෝෂිත දැයක් පාසල් පෝෂණ වැඩසටහන ඉතා සාර්ථක ලෙස නව වසරේදීත් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව සමාගම සතුටින් දන්වා සිටියි. අධ්‍යාපන අමාත්‍යාංශය විසින් දරුවන්ගේ පෝෂණ අවශ්‍යතාවයන් මත හඳුනාගත් දිස්ත්‍රික්ක 4ක පිහිටි ග්‍රාමීය පාසල් 11ක දරුවන් 1244ක් වෙනුවෙන්, පාසැල පැවැත්වෙන සෑම දිනකම සමබල ආහාර වේලක් ටෝකියෝ සිමෙන්ති සුපෝෂිත දැයක් වැඩසටහනින් ලබාදෙයි.

ටෝකියෝ සිමෙන්ති සමූහයේ සුපෝෂිත දැයක් පෝෂණ සමාජ සත්කාර ව්‍යාපෘතිය යනු අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ගේ ප්‍රාථමික අධ්‍යාපනය සම්පූර්ණ කිරීමට අත්‍යවශ්‍ය පිටුබලයක් ලෙස, පාසල තුලදී සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ලබාදීමෙන් ඔවුන් පාසලට පැමිණීම දිරිගැන්වීම ඉලක්ක කරගත් දූරදර්ශී වැඩසටහනකි.
2022 වසරේ මොණරාගල සියඹලාණ්ඩුව ප්‍රදේශයේ පාසල් 5කින් ඇරඹි සුපෝෂිත දැයක් පාසල් පෝෂණ වැඩසටහනට, කොටියාගල, මො/සි/වත්තේගම සිරිමල් කනිෂ්ඨ විද්‍යාලය, සියඹලාණ්ඩුව, මො/සි/බඹරගස්රොද කනිෂ්ඨ විද්‍යාලය, කුකුලන්මුල්ල, මො/සි/මීයාගල කණිෂ්ඨ විද්‍යාලය, කඳන්කැටිය, මො/සි/බරවාය ප්‍රාථමික විද්‍යාලය සහ කන්දඋඩපංගුව, මො/සි/දනකීරිය කනිෂ්ඨ විද්‍යාලය යන ප්‍රාථමික පාසැල්වල සිසුන් 253ක් අයත් වෙති. වැඩසටහනේ දෙවන අදියරේදී ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ත්‍රි/තිරියායි දෙමළ මහා විද්‍යාලය, සහ මුලතිව් දිස්ත්‍රික්කයේ මු/තිරුමුරිකණ්ඩි හින්දු විද්‍යාලය සහ මු/ඉයන්කන්කුලම් මහා විද්‍යාලය යන පාසල් ත්‍රිත්වයේ දරුවන් 516ක් ඊට එක්වූහ. සුපෝෂිත දැයක් තෙවන පියවරේදී එක්වුනු දරුවන් 475 අයත් වන්නේ කිලිනොච්චි දිස්ත්‍රික්කයේ කි/වීරවිල් හින්දු මහා විද්‍යාලය, කි/කිරංචි රජයේ දෙමළ මිශ්‍ර පාසල සහ කි/වාලයිප්පාඩු රෝමානු කතෝලික දෙමළ මිශ්‍ර පාසල යන පාසැල් ත්‍රිත්වයටයි.
දුෂ්කර ග්‍රාමීය පසුබිම්වලින් පැමිණෙන පාසල් දරුදැරියන්ට පරිපූර්ණ දිවා ආහාර වේලක් ලබාදීමට ටෝකියෝ සිමෙන්ති සමූහය ඉදිරිපත් වූයේ පසුගිය කාලයේ සීග්‍රයෙන් ඉහළ ගිය ළමා මන්දපෝෂණ තත්ත්වයට ප්රත්යක්ෂ පිළියමක් යෙදීමේ අරමුණ ඇතිවයි. ආහාර සුරක්ෂිතතා ගැටළු හේතුවෙන් මතවූ ළමා මන්දපෝෂණය තුරන්කරන මෙම වැඩසටහනින් දරුවන්ගේ මූලික පෝෂණ අවශ්‍යතාවයන් පිරිමැසෙන විට, පවතින දුෂ්කර ආර්ථික වටපිටාවෙන් පීඩාවටපත් දෙමව්පියන් විසින් දරුවන් පාසල් යැවීමට ඇති නැඹුරුව වැඩිවෙනු ඇති අතරම, ඒ හරහා දරුවන්ගේ අධ්‍යාපන ප්‍රවේශය පරිපූර්ණ වෙනු දැකීම ටෝකියෝ සිමෙන්ති සමූහයේ අභිලාශයයි.
මෙම වැඩසටහනින් ලබාදෙන දෛනික ආහාර වේල, වැඩෙන දරුවන්ගේ පෝෂණ අවශ්‍යතාවන් සපුරාලන පරිදි අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සම්පාදිත මාර්ගෝපදේශ අනුගමනය කරමින්, සියලුම ප්‍රධාන ආහාර ඛාණ්ඩවලින් පරිපූර්ණ වන පරිදි, ධාන්‍ය, නැවුම් කිරි නිෂ්පාදනයක් සහ ප්‍රදේශයෙන් පහසුවෙන් සපයාගත හැකි පළතුරු වර්ගයකින් ද සමන්විතව පිළියෙල කෙරේ. තවද, සිසුන්ට මෙම සෞඛ්‍ය සම්පන්න දිවා ආහාරය නියමාකාරයෙන් අඛණ්ඩව සැපයීම සහ දරුවන්ගේ වර්ධන අවශ්‍යතාවන් එමඟින් සම්පූර්ණවීම තහවුරු කරගැනීම අරභයා, පාසලේ විදුහල්පති සහ ගුරුවර-දෙමව්පියන්ගෙන් සැදුම්ලත් මෙහෙයුම් කමිටුවක පරිපාලනය යටතේ, කලාප අධ්‍යාපන කාර්යාලය සහ ප්‍රාදේශීය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ අනුදැනුම ඇතිව ක්‍රියාත්මක පුළුල් අධීක්ෂණ ක්‍රියාවලියක් ද ටෝකියෝ සිමෙන්ති සමාගම විසින් යොදවා ඇත.
ටෝකියෝ සිමෙන්ති සමාගමේ සුපෝෂිත දැයක් වැඩසටහනේ සාර්ථකත්වය වෙනුවෙන් පාසල් බලධාරීන් සම්බන්ධීකරණය කිරීමේ විශේෂ කාර්යභාරයක් කලාප අධ්‍යාපන අධ්යක්ෂවරුන් විසින් ඉටු කරයි. ඒ ඒ පාසැලේ විදුහල්පතිතුමන් ඇතුළු ගුරුවරුන්ගේ මගපෙන්වීම ඇතිව ස්වේච්ඡාවෙන් ඉදිරිපත්ව සිටින දෙමව්පිය කණ්ඩායම් අතින් ඉතා සැලකිලිමත්ව දරුවන්ගේ දෛනික ආහාර පිළියෙළ කෙරෙන අතර, විධිමත් සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව මෙම ක්‍රියාවලිය සිදුකෙරෙන බව තහවුරු කරනුවස්, ප්‍රාදේශීය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් නිතිපතා පාසල්වලට පැමිණ වැඩසටහන අධීක්ෂණය කරනු ලබයි. ආහාර පිළියෙළ කිරීමේ ක්‍රියාවලිය ප්රශස්ත, සෞඛ්යාරක්ෂිත ක්‍රමවේදයන් යටතේ සිදුකිරීම සහතික කිරීමට වැඩසටහනට අනුයුක්ත සෑම පාසලකම මුළුතැන්ගෙය ඉහළ ප්‍රමිතියකින් පවත්වාගෙන යාමට අවශ්‍ය මූලික මුළුතැන්ගෙයි උපකරණ සහ පහසුකම් ද ටෝකියෝ සිමෙන්ති සමාගම විසින් සපයා දී ඇත.
ශ්‍රී ලංකාවේ දුෂ්කර ග්‍රාමීය ප්‍රදේශවල, විශේෂයෙන් අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ට පරිපූර්ණ ආහාර වේලක් නිතිපතා ලබාදීමට මවුපියන් මත පැටවී ඇති බර යම් පමණකින් සැහැල්ලු කිරීමට ප්‍රායෝගික විසඳුමක් ‘සුපෝෂිත දැයක්’ පාසල් පෝෂණ වැඩසටහන හරහා ලබාදීමට ටෝකියෝ සිමෙන්ති සමාගමට හැකිවී ඇත. ව්‍යාපෘතියේ සාර්ථකත්වයට ගුරුදෙගුරුන්ගෙන් ලැබෙන සහය, විශේෂයෙන්ම වැඩසටහනේ ප්‍රමිතිගත සාධනීය ගුණය පවත්වාගැනීම කෙරෙහි දෙමව්පියන් දක්වන ඍජු ශ්‍රමදායකත්වය සමාගම ධෛර්යමත් කරවයි. වැඩසටහනේ අභිප්රායය තහවුරු කරවමින්, මෙම පාසල් සියල්ලකම පාහේ නව පාසල් වර්ෂය සඳහා දරුවන් ලියාපදිංචිය කැපීපෙනෙන ලෙස ඉහළගොස් තිබීම සහ පාසල පැවැත්වෙන වේලාව දීර්ඝ කිරීමට හැකිවීමෙන් දරුවන් අධ්‍යාපන කටයුතු සහ විෂය බාහිර ක්‍රියාකාරකම්වලට යොමුකරවීමට හැකියාව ලැබී ඇති බව එම ගුරුවරු න් සහ විදුහල්පතිවරුන් පෙන්වා දෙයි. වැඩසටහන ක්‍රියාත්මක කල කෙටිකාලය තුල දරුවන්ගේ පාසල් පැමිණීම ඉහළ ගොස් තිබීම, දරුවන් අධ්‍යාපන සහ විෂය බාහිර ක්‍රියාකාරකම්වලට දක්වන වැඩි නැඹුරුව සහ උද්යෝගය මෙන්ම, පෙරට වඩා ඉහළ විභාග ප්‍රතිඵල ලබාගැනීම ‘සුපෝෂිත දැයක්’ පාසල් පෝෂණ වැඩසටහන අත්පත් කරගත් කැපීපෙනෙන ප්රතිලාභ ලෙස පෙන්වාදිය හැක.
අප රටේ ජන ජීවිත නඟාසිටුවීම උදෙසා දියත් කරන ලද සුවිශේෂී සමාජ සුභසාදන වැඩසටහන් අතර ටෝකියෝ සිමෙන්ති සමූහයේ “සුපෝෂිත දැයක්” ව්‍යාපෘතිය ප්රමුඛ තැනක් ගනී. සැබෑ ශ්‍රී ලාංකිකයෙකු ලෙස සමාජයට ඉටුවිය යුතු යුතුකම ඉටුකිරීමට හෘදයාංගමව ඉදිරිපත්ව සිටින ටෝකියෝ සිමෙන්ති සමූහය, අප රටේ ජනතාවගේ සුභසිද්ධිය පාදක කරගත් මෙවන් සමාජ සවිබල ගැන්වීමේ ව්‍යාපෘති කිහිපයකට සිය ශක්තිය සපයයි. ටෝකියෝ සිමෙන්ති සමූහයේ ආයතනික වගකීම සඳහා වන කැපවීම මෙවැනි වැඩසටහන් තුළින් ජීවමාන අතර, ඒ හරහා අප ජාතිය ගොඩනැගීමේ ප්‍රමුඛතම හවුල්කරුවා වීමේ දැක්ම සාක්ෂාත් කරවීම සමාගමේ අරමුණයි.