Eyeview Sri Lanka

ජේ එෆ් පැකේජින් සමාගම සිය මූලික මහජන කොටස් නිකුතුව (IPO) ප්‍රකාශයට පත් කරයි; ආයෝජක සමුළුව 2025 ඔක්තෝබර් 21 දින පැවැත්වීමට නියමිතයි.

Share with your friend

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නම්‍යශීලී ඇසුරුම්කරණ විසඳුම් සපයන්නෙක් මෙන්ම, ක්ෂේත්‍රයේ සම්මාන රැසකින් පිදුම් ලැබූ නවෝත්පාදකයෙකු වන ජේ එෆ් පැකේජින් සමාගම, සිය සාමාන්‍ය ඡන්ද හිමි කොටස් සඳහා වන මූලික මහජන කොටස් නිකුතුව (Initial Public Offering) නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට සූදානම් වේ.

සමාගමේ මෙහෙයුම් කටයුතු, ව්‍යාපාර ආකෘතිය සහ අනාගත වර්ධන සැලසුම් පිළිබඳව අනාගත ආයෝජකයින්ට ගැඹුරු අවබෝධයක් ලබා දීමේ අරමුණින්, ආයෝජක සමුළුව 2025 ඔක්තෝබර් මස 21 වන දින පැවැත්වීමට නියමිතය.

ලොව පුරා සිටින ආයෝජකයින්ට මාර්ගගත වීඩියෝ තාක්ෂණය (online video stream) ඔස්සේ මෙම සමුළුවට සම්බන්ධ වීමට ආරාධනා කෙරෙන අතර, එමගින් සමාගමේ කළමනාකාරීත්වය සමඟ සෘජුවම අදහස් හුවමාරු කර ගැනීමට අනගි අවස්ථාවක් උදා වේ. මෙම ආකර්ෂණීය ආයෝජන අවස්ථාව පිළිබඳව වටිනා අවබෝධයක් ලබා ගැනීම සඳහා මෙම සමුළුවට එක්වන ලෙස උනන්දුවක් දක්වන සියලුම පාර්ශ්වයන්ට සමාගම ගෞරවයෙන් ආරාධනා කර සිටියි.


Share with your friend
Exit mobile version