Site icon Eyeview Sri Lanka

තිරසාර ආර්ථිකයක් සඳහා පොදුජන ආර්ථික සමුළුව 2021

Share with your friend

ශ්‍රී ලංකාවේ ජාතික සංවර්ධන කතිකාවත සමූපකාර ක්ෂේත්‍රය වෙත නැවත යොමු කිරීම සඳහා දායක වීමේ අරමුණින්, සණස ජාත්‍යන්තර සමාගම විසින් අන්තර්ජාල සමුළුවක් පැවැත්වීමට කටයුතු යොදා à¶­à·’à¶¶à·š. ‘පොදුජන ආර්ථික සමුළුව 2021’ යන තේමාව යටතේ පවත්වන  මෙම සමුළුව, 2021 සැප්තැම්බර් 29 වැනි දින පෙරවරු 9.00 සිට පස්වරු 4.00 දක්වා අන්තර් ජාලය ඔස්සේ පැවැත්වීමට නියමිතය.

සණස ජාත්‍යන්තර සමාගම මගින්  වාර්ෂිකව  පැවැත්වීමට සැලසුම් කරන මෙම සමුළුවේ මංගල වැඩසටහන වන, පොදුජන ආර්ථික සමුළුව 2021, කැනඩාවේ විශාලතම මූල්‍ය සේවා සමූපකාර ජාලය වන දෙස්ජාර්දෙන් ණයදෙන සමූපකාර ව්‍යාපාරයේ ජාත්‍යන්තර සංවර්ධන අංශය වන à¶©à·“ .අයි. à¶©à·“ ආයතන සමග ඒකාබද්ධව සංවිධානය à¶šà¶» ඇති à¶…à¶­à¶» එයට ශ්‍රී ලංකාවේ සමූපකාර ක්ෂේත්‍රය  සහ කැනේඩියානු රජයේ අනුග්‍රහයෙන් ක්‍රියාත්මක වන EFFEC ව්‍යාපෘතිය අනුග්‍රාහකත්වය දරයි.

මෙම සමුළුවට ජාතික හා ජාත්‍යන්තර මට්ටමින් සමුපකාර ක්ෂේත්‍රය දියුණු කිරීමට, අනුග්‍රහය දැක්වීමට සහ නියාමනය කිරීමට කටයුතු කළ සහ කරන ප්‍රධාන පෙළේ ක්‍රියාකාරිකයින්, සමුපකාර ක්ෂේත්‍රයේ නායකයින්, ප්‍රතිපත්ති සම්පාදකයින්, සේවා සපයන්නන්, පර්යේෂකයින් සහ ජාතික බලධාරීන් සහභාගී වීමට නියමිත ය.

සමුළුව මගින් සමුපකාර ව්‍යවසාය විකල්ප සංවර්ධන ආකෘතියක් ලෙස වටහා  ගැනීමට සහභාගිවන්නන්ට ඉඩ සැලසෙන à¶…à¶­à¶», තිරසාර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමේදී සමුපකාර ක්ෂේත්‍රයෙහි පරිමාණය, විෂය පථය, කාර්යභාරය සහ ඉන් සිදු වන බලපෑම à¶´à·’à·…à·’à¶¶à¶³ දැනුවත් කිරීමද එහිදී සිදු කෙරේ.  ශ්‍රී ලංකාවේ සහ විදේශීය  වශයෙන් ක්‍රියාත්මක වන සාර්ථක සමූපකාර වැඩසටහන් හඳුනා ගැනීමද ශ්‍රී ලංකාවේ සමුපකාර ක්ෂේත්‍රය දියුණු කිරීම සඳහා හොඳම භාවිතයන්, නව ප්‍රවේශ සහ ප්‍රතිපත්තිමය ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටද නියමිතය.

මිනිසුන් විසින් මිනිසුන් උදෙසා සකස් කරගත් සමූපකාර වැඩසටහන් සහ  සමුපකාර ව්‍යවසායන් ගේ  අභිවෘද්ධියට ඉවහල් වන සක්‍රිය පරිසරයක් සකස් කිරීම සඳහා අත්‍යවශ්‍ය අංගයක් වන පාලන හා නියාමන රාමුන්  විවෘතව සාකච්ඡා කරමින් වඩාත්  පොදුජන -කේන්ද්‍රීය ආර්ථිකයක් සඳහා  සමුපකාර ක්ෂේත්‍රය ස්ථානගත කිරීමට අවශ්‍ය වන වෙනස් කිරීම් මෙන්ම, ජාතික  සංවර්ධනය සදහා පුද්ගලික, පොදු සහ සමූපකාර අංශ à¶…à¶­à¶» අත්‍යන්තයෙන් ම තිබිය යුතු සහයෝගිතාවය ගොඩනගා ගැනීමට ඇති අවකාශ පිළිබඳවද සාකච්ඡා කෙරෙනු ඇත.

 à·à·Šâ€à¶»à·“ ලංකා මහ බැංකුවේ 15 වන අධිපතිවරයා ලෙස හා මහබැංකුවේ මුදල් මණ්ඩලයෙහි à·„à·’à¶§à¶´à·” සභාපතිවරයා ලෙස කටයුතු à¶šà·… දේශමාන්‍ය මහාචාර්ය ඩබ්ලිව්. à¶©à·“. ලක්ෂ්මන් මහතා මෙම සමුළුවෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වීමට නියමිතය.

සක්‍රීය මහජන සහභාගිත්වයකින් යුතුව පැවැත්වීමට නියමිත  මෙම සමුළුව මගින්, ශ්‍රී ලංකාවේ සාර්ථක ලෙස  ක්‍රියාත්මක වන සමූපකාර වැඩසටහන්  කිහිපයක් පිළිබද මූලික අවබෝධයක් ඔබට ලබාදීමට නියමිත à¶…à¶­à¶», ක්ෂේත්‍රයේ ප්‍රධාන පාර්ශවකරුවන් සහ  සමූපකාරිකයන්, රටේ වත්මන් අභියෝග හමුවේ පුරවැසියන් ලෙසින් à¶šà·… යුතු දායකත්වය වඩාත් ශක්තිමත් කරගැනීම සඳහා à¶šà·… හැකි ක්‍රියාකාරකම් පිළිබඳවද සාකච්ඡා කරනු ඇත.

මෙම අන්තර්ජාල සංවාදය, වඩාත් පුළුල් මහජන සහභාගිත්වයකින් යුතු ජාතික සංවර්ධනයක් සිදු කිරීමට අවස්ථාව උදා කරලීම à¶´à·’à¶«à·’à·ƒ, සෑම අංශයකම සමූපකාර ව්‍යවසායන් දියුණු කිරීම උදෙසා වැදගත් සන්ධිස්ථානයක් වනු ඇත. 

සමුළුවට ලියාපදිංචි වී සම්පූර්ණ න්‍යාය පත්‍රය පිළිබඳව දැන ගැනීමට සහ ආරාධිත කථිකයින් පිළිබඳව දැන ගැනීමට www.sefec.lk/pef-guest-registration වෙත පිවිසෙන්න. à¶´à·„à¶­ සබැඳි ඔස්සේ, සමාජ මාධ්‍ය සංවාදයටද එක්වීමට හැකිය. 

https://www.facebook.com/peopleseconomicforumsrilanka

https://www.linkedin.com/company/people-s-economic-forum/https://www.instagram.com/peopleseconomic/


Share with your friend
Exit mobile version