නිව් ඇන්තනීස් සමූහය, ගෝල්ඩ් කොයින් ෆීඩ් මිල්ස් ලංකාහි පූර්ණ හිමිකාරිත්වය ලබාගනිමින් තම ව්‍යාපාර තත්ත්වය තවදුරටත් ශක්තිමත් කරගනියි

Share with your friend

ශ්‍රී ලංකාවේ මාංශ ආහාර නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක්වන නිව් ඇන්තනීස් ෆාම්ස් (පුද්ගලික) සමාගම, ආසියානු කලාපයේ ප්‍රමුඛතම කෘෂි ව්‍යාපාර සමාගමක්වන ගෝල්ඩ් කොයින් ෆීඩ් මිල්ස් (ලංකා) සමාගමේ සියලු කොටස්, Aboitiz Equity Ventures Inc (“AEV”)හි අනුබද්ධිත සමාගම්වන Gold Coin Management Holdings Pte Ltd සහ Glen Arbor Holdings (Singapore) Pte Ltd වෙතින් මිලදී ගනිමින් එහි පූර්ණ හිමිකාරීත්වය ලබාගත් බව මෙසේ නිවේදනය කර සිටියි. මේ සමඟ ගෝල්ඩ් කොයින් ෆීඩ් මිල්ස් (ලංකා) සමාගම, ඇන්තනීස් ෆීඩ්ස් සමාගම (Anthoney’s Feed Ltd) බවට පත්වෙමින් සත්ත්ව ආහාර නිෂ්පාදන අංශයේ පූර්ණ සැපයුම් දාම ශක්‍යතාවකින් හෙබි සමූහයක් බවට නිව් ඇන්තනීස් සමූහය පත්ව තිබේ.  

මෙම ව්‍යාපාර මිලදීගැනීමත් සමඟ සිය පූර්ණ නිෂ්පාදන ක්‍රියාවලියම පාලනය කිරීමට සහ කළමනාකරණය කිරීමට නිව් ඇන්තනීස් සමූහයට හැකිව ඇත. එමගින් පාරිභෝගිකයින් වෙත ලබාදෙන නිෂ්පාදනවල ගුණාත්මකබව වැඩිකිරීමටත්, නිෂ්පාදන කාර්යක්ෂමතාව වර්ධනය කරගැනීමටත් අවස්ථාව උදා වේ. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මාංශ ආහාර අපනයනකරුවෙකු වන නිව් ඇන්තනීස් සමූහයට මෙම ව්‍යාපාර මිලදීගැනීම මගින් තවදුරටත් අපනයන වර්ධනය කරගනිමින් විදෙස් විනිමය ඉපැයීමට හැකි වේ. 

මෙම මිලදීගැනීමට අදාළ ව්‍යාපාර හිමිකාරීත්ව ගිවිසුම ඉකුත් දෙසැම්බර් මස මැද භාගයේදී සිදුවූ අතර, Nithya Partners ඊට අවශ්‍ය නීතිමය දායකත්වය සැපයීය.  සමින්ද වීරසිංහ (CFA) මිලදී ගැනීමට අදාළ මූල්‍ය උපදේශනය ලබාදුනි. විකිණීමට අදාළ මූල්‍ය උපදේශනය සහ නීති උපදේශනය පිළිවෙළින් TWCorp සහ Julius & Creasy යන සමාගම්වලින් හිමිවිය.  

මෙම මිලදීගැනීම අපගේ ව්‍යාපාර ගමන්මඟ තුළ සුවිශේෂී සන්ධිස්ථානයක්. Aboitiz සමූහයේ සත්ත්ව ආහාර නිෂ්පාදන අංශය හිමිකරගැනීමත් සමඟ අපගේ ව්‍යාපාරය මහා පරිමාණ වශයෙන් වර්ධනය කරගනිමින් ගෝලීය මාංශ ආහාර නිෂ්පාදන කර්මාන්තයේ කීර්තිමත් සන්නාමයක් බවට පත්වීමට අපට හැකිවේවි. එමෙන්ම අප කෙරෙහි තැබූ විශ්වාසය වෙනුවෙන් Aboitiz සමූහයටත්, අපට මූල්‍ය ගනුදෙනුව සඳහා පහසුකම් සලසා දුන් TWCorp  සමාගමටත් මා මේ මොහොතේදී බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා″, යනුවෙන් ඒ පිළිබඳව අදහස් දක්වමින් නිව් ඇන්තනීස් ෆාම්ස්හි සභාපති එමිල් ස්ටැන්ලි මහතා ප්‍රකාශ කළේය. 

″මෙය අප හමුවේ ඇති බොහෝ සාධක සලකා බලමින් ගනු ලැබූ ඉතාම කාලෝචිත පියවරක්. මෙම ව්‍යාපාර මිලදී ගැනීමත් සමඟ සත්ත්ව ආහාර සපයා ගැනීමේදී කිසිදු අවහිරතාවකින් තොරව කටයුතු කිරීමටත්, ඒ හරහා දේශීය සහ විදේශීය වශයෙන් අපගේ නිෂ්පාදන සඳහා ඇති ඉල්ලුම සපුරාලීමටත් අපට හැකියාව ලැබෙනවා″, යනුවෙන් නිව් ඇන්තනීස් ෆාම්ස්හි ප්‍රධාන විධායක නිලධාරී සහ විධායක අධ්‍යක්ෂ නීල් සුරවීර මහතා පැවසුවේය. 

නිව් ඇන්තනීස් සමූහයේ පදනම වන්නේ, ජාතියට නිසි ප්‍රෝටීන් සංඝටක සපයන ගොවියා ජනතාවයි. එහි ප්‍රතිඵලයක් වශයෙන්, ජනතාව රටේ ප්‍රමාණය ද නොසලකා මාංශ ආහාර නිෂ්පාදකයින් මත රඳා පවතී. නිව් ඇන්තනීස් වැනි ආහාර නිෂ්පාදකයින්ට පරිසර හිතකාමී ව්‍යාපාරික භාවිතාවන් ජාතික වශයෙන් මෙහෙයවිය හැකිව ඇත්තේ ද ඔවුන් නිසා ය.

සැපයුම්-ඉල්ලුම් දාමයට පශු සම්පත් දායකත්වය ඉහළ නැංවීම සඳහා තිරසර ආර්ථික, සමාජීය සහ පාරිසරික දෘෂ්ටිකෝණයකින්, කුඩා පරිමාණ සහ මහා පරිමාණ සත්ත්ව නිෂ්පාදන පද්ධති වැඩිදියුණූ කිරීමට ද New Anthony’s සහාය දක්වයි.

විකුණුම්කරුවන් වන, Gold Coin Management Holdings Pte Ltd සහ Glen Arbor Holdings (Singapore) Pte Ltd, AEV හි අනුබද්ධ සමාගම් වන අතර, Aboitiz සමූහයේ ඒකාබද්ධ කෘෂි ව්‍යාපාර සහ ආහාර සහ පෝෂණ ව්‍යාපාරවලට (“Aboitiz Food Group”) අයත් ය. Aboitiz Food Group සිය මූලික වෙළඳපල කෙරෙහි අවධානය යොමු කිරීමට සහ ශ්‍රී ලංකාව වැනි මූලික නොවන වෙළඳපලවලින් පිටවීමට ගනු ලැබූ උපායමාර්ගික තීරණයක් ලෙස මෙම ව්‍යාපාර අලෙවිය සිදුවිය. 

වර්ෂ 1986දී ආරම්භ කෙරුණු නිව් ඇන්තනීස් සමූහය, එහි නිෂ්පාදන පෙළෙහි වර්ධනයත් සමඟ ශක්තිමත්ව වැඩෙමින් වර්තමානය වනවිට ජාත්‍යන්තර වෙළෙඳපොළ ද ජයගෙන තිබේ. අමෙරිකා එක්සත් ජනපදයේ ජාතික කුකුළු මස් කවුන්සිලයට අනුකූලව සත්ත්ව සුබසාධන පිරිවිතර අනුගමනය කරනු ලබන නිව් ඇන්තනීස් ෆාම්ස්, GMP, HACCP, ISO 22000 සහ දේශීය හා ජාත්‍යන්තර හලාල් ප්‍රතීතන සහතිකය ද හිමිකරගෙන සිටියි. 


Share with your friend
Leave a Comment

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply