Eyeview Sri Lanka

පීපල්ස් ලීසිං තිස්සමහාරාම ශාඛාව සිය ගණුදෙනුකරුවන් ගෙවතු වගාව සඳහා දිරිගන්වයි

Share with your friend

පීපල්ස් ලීසිං තිස්සමහාරාම ශාඛාව ගෙවතු වගාව සඳහා සිය ගණුදෙනුකාරභවතුන් යොමුකිරීමේ අරමුණින් පැළ 500ක් රෝපණය කර බෙදාදීම එම ශාඛා පරිශ්‍රයේදී පසුගියදා සිදු කෙරුණි. පීපල්ස් ලීසිං සමාගමේ තිස්සමහාරාම ශාඛාවේ ආයතනික සමාජ සත්කාරක ව්‍යාපෘතියක් ලෙස ඇරඹුණු මෙම ව්‍යාපෘතිය හරහා ගෙවතු වගාවට උනන්දුවක් දක්වන පෙර හඳුනාගත් විශ්වාසවන්ත ගණුදෙනුකරුවන්ට ශාඛා කාර්යය මණ්ඩලයේ දායකත්වයෙන් මෙම පැල බෙදාදීම සිදුවූයේ මෙය ශාඛා කළමණාකරුගේ ප්‍රධානත්වයෙන් සහ පීපල්ස් ලීසිං ප්‍රාදේශීය කාර්යාලයේ මඟපෙන්වීම යටතේය.  

පීපල්ස් ලීසිං තිස්සමහාරාම ශාඛා ප්‍රධානී මධුක නලින් මහතා (මැද) හිතවත් ගණුදෙනුකරුවෙකුට සහ ඔහුගේ දියණියට (වමේ) රෝපණය කරන ලද මිරිස් පැළයක් ලබා දෙන අයුරු. පසෙකින් තිස්සමහාරාම ශාඛා උප ප්‍රධානී ඊ.ඒ.එස්.ලක්මින්ද මහතා සහ මුදල් අයකැමි නිලධාරී ප්‍රදීප් චන්ද්‍රසේන යන මහත්වරු සිටිති.

ව්‍යාපෘතිය සාර්ථකව සිදුකිරීමට ස්වේච්ඡාවෙන් ශාඛා කාර්යය මණ්ඩල සාමාජිකයින් 15 දෙනෙකු තම වටිනා පෞද්ගලික කාලයෙන් පැය 109ක් වැයකර තම ශ්‍රම දායකත්වය සහ මූල්‍යමය දායකත්වයද ලබා දෙනු ලැබීය. 

“මේ වන විට ආර්ථික අර්බුදයකට මුහුණපා සිටින අප රටට ගෝලීය ආහාර අර්බුදය යන අභියෝගකාරී තත්ත්වයකටද මුහුණදීමටද සිදුව ඇත. ඊට අවශ්‍ය වපසරිය නිර්මාණයකිරීමේ වගකීම් සහගත ආයතනික පුරවැසියෙකු ලෙස අප මෙම සමාජ සත්කාරක ව්‍යාපෘතිය දියත් කළේ ගෙවතු වගාවට අපගේ වටිනා ගණුදෙනුකරුවන් දිරිමත්කිරීමේ අරමුණ පෙරදැරි කරගෙනය. ගණුදෙනුකරුවන් තම දෛනික පරිභෝජනය සඳහා අඛණ්ඩව කාබනික ආහාර සපයාගැනීමේ මාධ්‍යයක් ලෙස මෙම ගෙවතු වගාව සඳහා අප ලබා දුන් ශාඛ පැලවලට අමතරව තවත් ප්‍රභේද සමඟින් ඉදිරි කාලය තුළ ඔවුන්ගේ වගාව පුළුල් කරගනු ඇතැයි අපගේ අභිප්‍රාය සහ බලාපොරොත්තුවයි.’ පීපල්ස් ලීසිං තිස්සමහාරාම ශාඛා ප්‍රධානී මධුක නලින් මහතා පැවසීය. 

පීපල්ස් ලීසිං සමාගම යනු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ බැංකු නොවන මුදල් ආයතනයක් වන අතර ප්‍රමුඛ රාජ්‍ය බැංකුවක් වන මහජන බැංකුවට අනුබද්ධිත මුදල් ආයතනයකි. විශේෂිත ලීසිං සමාගමක් ලෙස වර්ෂ 1996 දී මෙහෙයුම් කටයුතු ආරම්භ කළ පීපල්ස් ලීසිං සමාගම 2011 වසරේ කොළඹ කොටස් වෙළඳපලේ ලැයිස්තුගත වියග අද වන විට පීපල්ස් ලීසිං සමාගම බංග්ලාදේශයේ විදේශීය ව්‍යාපාරයක් ඇතුළු අනුබද්ධිත ක්ෂේත්‍ර හයක් හරහා විවිධාංගීකරණය වු බැංකු නොවන මූල්‍ය බලවතෙක් දක්වා වර්ධනය වී ඇත.


Share with your friend
Exit mobile version