Eyeview Sri Lanka

බැංකු රක්ෂණ සේවාවන් උදෙසා අලියාන්ස් ලංකා නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සමග අත්වැල් බැඳ ගනියි

Share with your friend

අලියාන්ස් ලංකා සමාගම නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සමග එක්වී සාමාන්‍ය රක්ෂණ සේවාවන් සඳහා සුවිශේෂී බැංකු රක්ෂණ සේවා ගිවිසුමකට පසුගියදා අත්සන් තැබී ය. මෙමගින් ගනුදෙනුකරුවන් වැඩි පිරිසක් වෙත තම රක්ෂණ සේවා විසඳුම් සමීප කරවීමට අලියාන්ස් ලංකා සමාගමට හැකිවන අතර, මෙය දෙපාර්ශ්වයටම ප්‍රතිලාභ රාශියක් හිමිකර දෙන එකඟතාවක් වනු ඇත. වසර 3 ක කාලයක් පුරා දිවෙන මෙම හවුල්කාරීත්වයට ශ්‍රී ලංකාවේ විශාලතම බැංකු සාමන්‍ය රක්ෂණ හවුල්කාරීත්වය බවට පත්වීමේ හැකියාව පවතී. මෙම ගිවිසුම යටතේ නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ගනුදෙනුකරුවන්ට වඩාත් පහසුවෙන් අලියාන්ස් ලංකා සමාගමේ මෝටර් රථවාහන රක්ෂණ සහ අනෙකුත් රක්ෂණ මිලදී ගැනීමට අවස්ථාව හිමි වේ. එමෙන්ම ඔවුන්ට විශේෂ වාරික අනුපාත සහ තවත් ප්‍රතිලාභ හා වරප්‍රසාද රාශියක්ද හිමි වනු ඇත.

අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් හි ප්‍රධාන විධායක නිලධාරී ගානි සුබ්‍රමනියම් මහතා (වම් පස) සහ නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී හේමන්ත ගුණතිලක මහතා බැංකු රක්ෂණ සේවා (සාමන්‍ය රක්ෂණ) ගිවිසුම හුවමාරු කිරීම.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අලියාන් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් හි ප්‍රධාන විධායක නිලධාරී ගානි සුබ්‍රමනියම් මහතා පවසා සිටියේ “බැංකු රක්ෂණ සඳහා නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සමග හවුල්කාරිතත්වයක් ඇති කර ගැනීමට හැකි වීම පිළිබඳව අප ඉතා සතුටට පත් වන බවය. අපට හැකි පරිද්දෙන් වටිනාකම් එකතු කරමින් ඩිජිටලීකරණය ඔස්සේ ක්‍රියාත්මක වෙමින් පාරිභෝගික භවතුන් වෙත බාධාවකින් තොරව පහසු සේවා අත්දැකීමක් ලබා දීමට  අපගේ වටිනාකම් සහ අරමුණු පෙළ ගස්වා ඇත. එමෙන්ම තවදුරටත් අපගේ සම්පත් එක් කරමින්එක්ව වැඩ කිරීම තුළින් අප සමාගම් ද්විත්වයටම අපගේ පාර්ශ්වකරුවන් වෙත සුවිශේෂී අගයක් ලබා දීමට හැකි වනු ඇත. එමෙන්ම මෙම හවුල්කාරීත්වය ඔස්සේ ගනුදෙනුකරුවන්ට වඩාත් පහසුවෙන් රක්ෂණ විසඳුම් ලබාගැනීමට හැකිවනු ඇතැයි කියා අප බලාපොරොත්තු වනවා.” යනුවෙනි.     

අලියාන්ස් ලංකා සමාගමේ රථවාහන රක්ෂණ හිමියන්ට රථවාහන සඳහා පුළුල් ආවරණයක් සමග රු. මිලියන 5 ක් වටිනා පෞද්ගලික හදිසි අනතුරු ආවරණයක් වැනි විශේෂ ප්‍රතිලාභ එකතුවක්ද, නොමිලේ ගංවතුර සහ ස්වාභාවික අනතුරු ආවරණ, ලීසිං/හයර් පර්චස් ගිවිසුම්, එයාර් බෑග් ආවරණ සහ කුලී රථ වියදම් ප්‍රතිපූරණය ඇතුළු සම්මත ප්‍රතිලාභ රාශියක්ද හිමි වේ. මීට අමතරව හදිසි ප්‍රතිකාර වියදම්, රථවාහන වීදුරු ආවරණය, රථයේ ගමන් කරන දරුවන් සඳහා රැකවරණය, භාණ්ඩ ආවරණයක්, හදිසි අනතුරකදී ලීසිං වාරික සහ නවාතැන් වියදම් ප්‍රතිපූරණය ඇතුළු තවත් ප්‍රතිලාභ රැසක්ද ඔවුන්ට හිමිවනු ඇත. අනතුරකින් පසුව රථය අලුත්වැඩියා කිරීමේදී, හවුල්කාර නඩත්තු මධ්‍යස්ථාන මෙන්ම බාහිර නඩත්තු මධ්‍යස්ථාන වෙතින්ද විශේෂ වරප්‍රසාද හිමි වේ.  “Click and Go” අලුත්වැඩියාවන්, හවුල්කාර නඩත්තු ස්ථාන වෙතින් වගකීමක් සහිතව අලුත්වැඩියාව කරගැනීමේ අවස්ථාව, හිමිකරුගේ ගිණුමින් මුදල් අයකර ගැනීමක් සිදු නොවීම සහ හවුල්කාර නඩත්තු ස්ථාන වෙතින් වාහන ඇදගෙන යාමේ සේවාව නොමිලේ හිමිවීම ආදිය මෙම වරප්‍රසාද අතරට ඇතුළත් ය. රථවාහන නොවන රක්ෂණ හිමි ගනුදෙනුකරුවන්ටද සුවිශේෂී ප්‍රතිලාභ රාශියක් පිරිනැමීමට සැලසුම් කර තිබේ.

මෙම හවුල්කාරිත්වය පිළිබඳව අදහස් දැක්වූ නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරි හේමන්ත ගුණතිලක මහතා අදහස් දක්වමින් පවසා සිටියේ “බැංකු රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වූ අලියාන්ස් ලංකා සමග හවුල්කාරිත්වයක් ඇති කර ගැනීමට අවස්ථාවක් ලැබීම පිළිබඳව මහත් සතුටට පත් වන බවය. ඩිජිටල් පරිවර්තනයක් කරා ගමන් කරමින් සිටින බැංකුවක් ලෙස අපගේ පාරිභෝගික භවතුන් වෙත ප්‍රතිලාභ ලබා දීම උදෙසා අපගේ ඩිජිටල් බැංකුකරණ වේදිකාව සමග අලියාන්ස් හි ඩිජිටල් විසඳුම් ඒකාබද්ධ කිරීමට බලාපොරොත්තු වනවා. අපි අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රතිලාභ ලැබීය හැකි සම්බන්ධතාවයක් බලාපොරොත්තු වන අතරම මෙම හවුල්කාරිත්වය පිළිබඳව අපගේ පාර්ශ්වකරුවන් වෙත ඉතා සතුටින් දැනුම් දීමට කැමැත්තෙමි.” යනුවෙනි.

මෙම හවුල්කාරීත්වය තුළින් ගනුදෙනුකරුවන්ට අලියාන්ස් ලංකා සමාගමේ ඩිජිටල් රක්ෂණ සේවාවන් වෙතින් ලැබෙන ප්‍රතිලාභ සමග නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ඩිජිටල් බැංකුකරණ සේවාවන්ගේ ප්‍රතිලාභ එකවර අත්විඳීමට සුවිශේෂී අවස්ථාවක් හිමි වේ. ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්‍රයේ ඩිජිටල්කරණයේ පුරෝගාමියෙකු වන අලියාන්ස් ලංකා සමාගම ඵහ Allianz App සහ Allianz eMotor Partner Portal සහ  Allianz Virtual Assessor ඇතුළු ඩිජිටල් නවෝත්පාදන රාශියක් දැනටමත් හඳුන්වා දී ඇත. 

අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා සමාගම පිළිබඳව 

අලියාන්ස් ලංකා ලෙස පොදුවේ හඳුන්වනු ලබන අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා සමාගම ^Allianz Insurance Lanka Ltd.&  සහ අලියාන්ස් ලයිෆ් ඉන්ෂුවරන්ස් ලංකා ^Allianz Life Insurance Lanka Ltd.&”  ජාත්‍යන්තර Allianz SE හි පූර්ණ අයිතිය යටතේ පවතින අනුබද්ධ සමාගම් ලෙස ක්‍රියාත්මක වේ. ප්‍රධාන වශයෙන් රක්ෂණ සහ වත්කම් කළමනාකරණ ක්ෂේත්‍ර වල ක්‍රියාත්මක වන ජාත්‍යන්තර සමූහ ව්‍යාපාරයක් වන Allianz SE හි ප්‍රධාන කාර්යාලය ජර්මනියේ මියුනිච් නගරයේ පිහිටා ඇත. ජාත්‍යන්තර අලියාන්ස් සමූහ ව්‍යාපාරයේ ශක්තිය සහ අලියාන්ස් ලංකා හි දේශීය විශේෂඥ දැනුම හා පළපුරුද්ද එක්තැන් වීම, අලියාන්ස් සමාගමට ශ්‍රී ලංකාව තුළ මෙබඳු සාර්ථකත්වයක් අත්පත් කරගැනීමට මහෝපකාරී වී තිබේ.


Share with your friend
Exit mobile version