Eyeview Sri Lanka

රටවල් 240ක විශ්වාසයෙන් බැඳුනු සාක්ෂිකරුවන් JW.ORG හරහා සිය ජාත්‍යන්තර සමුළුව මහත් අභිමානයෙන් සමරයි

Share with your friend

දශක ගණනාවක් පුරා සම්ප‍්‍රදායකව පවත්වාගෙන ආ ලොව විශාලතම සමුළු මාලාව කෝවිඞ් සෞඛ්‍යාරක්ෂිත ක‍්‍රමවේද අනුගමනය කරමින් මෙවරත් අභිමානවත් අන්දමින් හරහා පැවැත්වීමට JW.ORG සමාජිකත්වය විසින් කටයුතු යොදා ඇත. රටවල් 240ක් පුරා විහිදෙන මිලියන සංඛ්‍යාත සාමාජික සාමාජිකාවන් විවිධ භාෂා 500කින් පමණ මෙම වැඩසටහන හා එක්වීම විශේෂත්වයකි.

නොකඩවා දශක 6කට අධික කාලයක් පුරා සාක්ෂිකරුවන් ශ‍්‍රී ලංකාව තුළද අතිසාර්ථක සමුළු පවත්වා ඇත. එහෙත් 2020 වසරේදී ලෝක මට්ටමෙන් ව්‍යාප්ත වූ කෝවිඞ් ගෝලීය වසංගතය හමුවේ ලොව පුරා ජනතාවගේ සාමුහිකව දේශන කටයුතුවල නිරතව සිටිමේ අවස්ථාවලට බාධා ඇතිවිය. එබැවින් සියලූ ආකාරයේ දේශන කටයුතු ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට කටයුතු කෙරිණ. ජාත්‍යන්තරව පිලිගත් JW.ORG සමුළුව 1987 සිට විවිධ රටවල පිහිටි සම්මන්ත‍්‍රණ ශාලා සහ ජාත්‍යන්තර ක‍්‍රීඩාංගනවලදී පැවැත්වීය. එහෙත් කෝවිඞ් හේතුවෙන් පනවා ඇති සංචරණ සීමා හේතුවෙන් 2020 සමුළුව සඳහා මිලියන සංඛ්‍යාත ලෝවැසි සාමාජිකත්වයට අන්තර්ජාලය ඔස්සේ මේ හා සම්බන්ධ වීමට අවස්තාව ලැබී ඇත. 

2021 වසරේ ජාත්‍යන්තර සමුළුවේ තේමාව ‘‘විශ්වාසයෙන් ශක්තිමත් වෙමු’’ යන්නයි. මෙම සමුළුව භාෂා 500කට වඩා වැඩි ගණනකින් මෙහෙයවනු ඇති අතර ලොව පුරා රටවල් දෙසිය හතළිහකට අයත් මිලියන 20ක සාමාජික සංඛ්‍යාවක් ජුලි සහ අගෝස්තු යන මාසවලදී නිවෙස්වල ආරක්ෂිතව හිඳිමින් සමුළුව සමග එක් වනු ඇත.

ලොවපුරා විශාල නගරවලට දහස්ගණන් ජනතාව රැස් කිරීමේ අවදානම ගැන සැලකිලිමත් වූ සංවිධායකයින් මේ වසරේදීත් අන්තර්ජාලය ඔස්සේ සමුළුව පැවැත්වීමට තීරණය කළා. නමුත් ජනතාවට සමුළුවට සහභාගීවීමට ඇති උනන්දුව සහ ආශාව කිසිදු අයුරකින් හෝ අඩු වී නැහැ. පසුගිය වසරවලදී මෙන්ම මෙවරත් ඔවුන් නොඉවසිල්ලෙන් බලා සිටින්නේ සමුළුව නැරඹීමටයි. එමෙන්ම ලොව පුරාම සිටින සමාජික සාමාජිකාවන් ඔවුන්ගේ අසල්වැසියන්ටත් මෙම සමුළුවට සහභාගී වෙන්න ආරාධනා කරන්න යුහුසුළුව කටයුතු කරනවා’’ JW.ORG සංගමයේ ප‍්‍රකාශක ස්පෙන්සර් මැතිව් පැවසීය.

JW.ORG වෙබ් අඩවිය ඔස්සේ හෝ JW Library ඇප් එක මගින් හෝ JW බ්රෝඞ්කාස්ටිං ඔස්සේ ඔබටත් මෙම සමුළුව නැරඹිය හැකි අතර මේ සඳහා කිසිදු මුදලක් අය නොකෙරේ.  


Share with your friend
Exit mobile version