ලංකාවේ ප්‍රධාන පෙළේ heavy metal සංගීත කණ්ඩායමක් වන, Stigmata රහ කරන්න ‘ඩ්‍රමා’ හර්ෂාන් ගාල්ලගේ එයි!

Home » ලංකාවේ ප්‍රධාන පෙළේ heavy metal සංගීත කණ්ඩායමක් වන, Stigmata රහ කරන්න ‘ඩ්‍රමා’ හර්ෂාන් ගාල්ලගේ එයි!
Share with your friend

ලෝකෙ ඕනම ශානරයක සංගීත කණ්ඩායමක් වේවා, අපි හැම තිස්සෙම දකින අනිවාර්ය සාමාජිකයා, බෑන්ඩ් එකේ ඩ්රම්ස් වාදකයා. අපි සංගීතය හරහා “රහක්” විඳිනවා නම්, ඒ රස ගන්න අනිවාර්යය ‘රසකාරකය’ තමයි, ඩ්රම්ස් වාදකයා. අපේ වචනයෙන් කියනවා නම් ‘ඩ්රමා’. සංගීත ශබ්දකෝෂයෙන් කියනවා නම් “Skinsman”

ලංකාවේ අපි අද අත්දකින “Metal” සංගීතයේ පූර්විකාව ලිව්වෙ, Stigmata අතින් කියන එක බොහෝ දෙනෙක් දන්නා කාරණාවක්. වසර කිහිපයක ඉඳලා Stigmata එක්ක හිටිය Skinsman හදිස්සියේම විදෙස්ගත වෙනවා. ඒත් එක්ක මේ හිස්තැන පුරවන්න නම්, ඉක්මනින්ම Auditions වලින් කෙනෙක් තෝරගැනීම Band Management එකට තදින්ම දැනෙනවා. හේතුව වෙන්නෙ, වසර පුරාවට සංවිධානය කරල දැනටමත් දින වකවානු නියමකරගත්ත Gigs & Concerts තියෙන හින්දා. දශක දෙකකුත් ඊට වැඩි කාලයකුත් Stigma රැකගෙන ආව Consistency එක රැකීම වගකීමක් හින්දා.

මේ සිද්දිදාමයත් එක්ක ලංකාවේ Metal ගැන උනන්දු බොහො දෙනෙක් පමණක්ම නෙමෙයි සම්පූර්ණ සංගීත ක්ෂේත්රයම කල්පනා කළ දෙයක් තිබ්බා, “දැන් Stigmata Drums ගහන්නෙ කවුද?!”. මේක දවෙන ප්රශ්නයක් වෙලා තිබ්බා කිව්වොත් නිවැරදියි.

මේ සියල්ලම මතුපිටින් මෙහෙම පෙළ ගැහෙනකොට, Stigmata auditions සියල්ලම වගේ නිම කරල තමන්ගෙ රස මිශ්රණයෙ, අඩු වෙලා තිබ්බ රස කාරකය එකතු කරගෙන තිබ්බා. රසකාරකය, ‘රහස් වට්ටෝරුවක්’ විදියට ආරක්ෂා කළා කියන එක, Band එකෙ Frontman; Suresh Stigmata ගෙ Social Media දකින ඕන කෙනෙක්ට දකින්න තිබ්බා.

මේ ‘රහස් වට්ටෝරුව’ එක්ක කරන එකම එක Practice Session එකක්වත් එළියට දාන්නෙ නැති වෙන්න, Band එක සැලිකිලිමත් උනා. හේතුව, Drums වාදනය අහපු ගමන් අඳුනගන්න පුළුවන් Skinsman කෙනෙක් ඔවුන් එක්ක හිටිය හින්දා.

කොහොමින් කොහොම හරි මේ මැයි 29 වෙනිදා, මේ “රහස් රස” අපි ඉදිරියටගේනවා. ඒ තමයි, හර්ෂාන් ගාල්ලගෙ. ලංකාවේ Metal ගැන විතරක් නෙමෙයි සංගීතය ගැන උනන්දු ඕනම කෙනෙක් අනිවාර්යෙන්ම අඳුනන Drums හඬක්. 

හර්ෂාන් මීට කලින් ඉන්ද්රචාපා ලියනගේ, කසුන් කල්හාර, Alien Accent වගේම ලංකාවෙ Stigmata වගේම නමක් දිනාගත්ත Paranoid Earthling එක්ක කටයුතු කරල තියෙනවා. Signature Drum rolls අහද්දි හර්ෂාන් කියන්නෙ නිසඟයෙන්ම දක්ෂයෙක් කියල අපිට හැඟෙනවා. ඒ වගේම ‘ත්රෛලෝක’ සංගීත කණ්ඩායමේ ආරම්භක සමාජිකයෙක් වන හර්ෂාන්, ඕස්ට්රේලියාව, බහරේන්, ඉන්දියාව වැනි රට රටවල් වල කරපු Band Tours ගාන, ගණන් කරන්න බැරි තරම්.

හර්ෂාන්ගෙ වාදනය අහන ඕනම කෙනෙක්ට හැඟෙන දෙයක් තමයි, හර්ෂාන්ගෙ මේ වාදනයන්,  ඔහු සංගීත අධ්යනය හරහා ප්රගුණ කරපු අපරදිග සංගීතයත්, ඔහුගෙ ජාන එක්කම සම්මිශ්රණය වෙලා ආව පෙරදිග සංගීතයත් එකට මුසු කරල විවිධාකාර සංගීත ශානර ඇතුළෙ කරණම් ගහන්න සමත් කියන එක.

පුරා වසර 22ක් මුළුල්ලේ සංගීත ක්ෂේත්රයේ රැදී Stigmata සංගීත කණ්ඩායමේ ගායන ශිල්පියා වන සුරේශ් ද සිල්වා, හර්ශාන්ගේ ආගමනය පිළිබඳව තම අදහස් දැක්වුවා. අවුරුදු 22ක් පුරාවට Band එකේ Frontman වන, සුරේශ් ද සිල්වා, හර්ෂාන් ගැන කියන්නෙ මෙහෙම දෙයක්.

“අපි ඇත්තටම හර්ෂාන් ගාල්ලගේ අපිත් එක්ක එකතුවීම ගැන සතුටු වෙනවා පමණක් නෙවේ, ආඩම්බරයට පත් වෙනවා. ඔහු ත්රෛලෝක සංගීත කණ්ඩායමට වාදනය කරන අවධියේ පටන් අපි ඔහුව දන්නවා.  ඒ විතරක් නෙවේ, ඔහුගේ රසිකයන්ද වෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ඔහු අපේ කණ්ඩායමට ලොකු ශක්තියක් සහ වෙනසක් ඇති කරයි කියලා.” 

හර්ශාන් ද අදහස් දැක්වුවා.

මේ ගැන සතුටින් අදහස් දක්වපු හර්ෂාන් කියනවා,

“මම හිතනව මේක දෛවෝපගත දෙයක් කියල. මට Stigmata එකමුතුකම / Chemistry ගැන කිසිම සැකයක් නැහැ. මම සතුටු වෙනවා Stigmata හි සාමාජිකයෙක් වීමට ලැබීම සහ ඔවුන්ගේ ඉදිරි නිර්මාණ වලට මගේ දායකත්වය ලබා දීමට හැකියාවක් ලැබීම ගැන.”

Stigmata මේවන විට ලංකාව නියෝජනය කරමින් ලොව රටවල් 7ක සංචාරය කර තිබෙනව වගේම, ඇල්බම් 4ක්, singles 20ක් සහ සම්මානලාභී රූපරචනා කිහිපයක්ම නිර්මාණය කර තිබෙනවා. Discovery Channel, BBC, Triple J Radio සහ MTV ආදී ජාත්යන්තර රූපවාහිනී නාලිකාවලද සැලකිය යුතු Airtime එකක් ගන්න Stigmata සමත් වෙලා තියෙනවා. ඒ වගේම, ලොව ප්රචලිත ග්රැමී සම්මානලාභී සංගීත නිෂ්පාදකවරුන් කිහිපයක් එක්කත් සංගීතය නිෂ්පාදනය කරල තියෙනවා.

මේ හැම දෙයක් එක්කම Stigmata මේ දවස්වල, 2022 වර්ෂය වෙනුවෙන් පවත්වන දෙවන ප්රසංගය උදෙසා ලහි ලහියේ සූදානම් වනවා. එය මේ ජූනි මස 25 වන දින බෙල්ලන්විල Gloriance Ballroom හිදී පැවැත්වෙන බවට තමයි සැල වෙන්නෙ. ඔබටත් පුළුවන් එදාට හර්ෂාන් එක්ක Stigmata කර්ණ රසායනය රස විඳන්න. ටිකට් වෙන් කරගැනීමට අමතන්න, 0777 300 607

#stigmata #puresrilankanmetal


Share with your friend

Leave a Reply

%d bloggers like this: