Eyeview Sri Lanka

ලංකා හොස්පිට්ල්ස් රාජ්‍ය සේවකයන්, විශ්‍රාමිකයින් සහ අග්‍රහාර සාමාජිකයන් සඳහා අඩු මිලකට හෘද රෝග ප්‍රතිකාර වැඩසටහනක් දියත් කරයි

Share with your friend

ලංකා හොස්පිට්ල්ස් විසින් රජයේ සේවකයන්ට, විශ්‍රාමික රජයේ සේවකයන්ට සහ අග්‍රහාර රක්ෂණ සාමාජිකයින්ට දැරිය හැකි මිලකට හෘද රෝග ප්‍රතිකාර ලබා දීමේ පෙරළිකාර වැඩ පිළිවෙලක් පසුගියදා ආරම්භ කලේය. අභියෝගාත්මක ආර්ථික තත්ත්ව මධ්‍යයේ හදවත් සැත්කම් සහ ඇන්ජියෝග්‍රෑම් සිදුකිරීමට වැයවන මූල්‍යමය අපහසුතා අඩු කිරීම මෙම වැඩසටහනේ අරමුණ වන අතර, රටට සේවය කරන සහ සේවය කළ අයට උසස් තත්ත්වයේ හෘද ප්‍රතිකාර මෙමඟින් ලබා ගත හැකිය.

ලංකා හොස්පිට්ල්ස්, ලංකා හොස්පිට්ල්ස් පිඑල්සී හි සමූහ ප්‍රධාන විධායක නිලධාරි දීප්ති ලොකුආරච්චි මහතා සහ ලංකා හොස්පිට්ල්ස් නේවාසික හෘද විශේෂඥ වෛද්‍ය උපුල් වික්‍රමාරච්චි මහතා

මෙම විශේෂ දීමනාව යටතේ, හෘද සැත්කමක් සඳහා සාමාන්‍යයෙන් වැයවූ රුපියල් 1,400,000 ක මුදල දැන් රුපියල් 1,100,000 දක්වා අඩු කර ඇති අතර එමඟින් රුපියල් 300,000ක ඉතිරියක් ලබාදෙයි. ඇන්ජියෝග්‍රෑම් ප්‍රතිකාරය රුපියල් 50,000 කට ලබා ගත හැකි අතර, ලංකා හොස්පිට්ල්ස් හි හෘද සැත්කම් කරන රෝගීන් සඳහා, ඇන්ජියෝග්‍රෑම් සඳහා රෝහල් ගාස්තු සම්පූර්ණයෙන්ම ඉවත් කරනු ලබන අතර, එමඟින් වියදම රුපියල් 20,000 දක්වා අඩු වේ. මෙම වැඩසටහන යටතේ අග්‍රහාර සාමාජිකයන්ට පමණක් සුවිශේෂී මෙම අමතර ප්‍රතිලාභ හිමිවේ.

ලංකා හොස්පිට්ල්ස් සමූහ ප්‍රධාන විධායක නිලධාරි දීප්ති ලොකුආරච්චි මහතා මෙම වැඩසටහනේ වැදගත්කම අවධාරණය කලේ මෙසේය. “හෘද සැත්කම් සහ ඇන්ජියෝග්‍රෑම් සඳහා ලබාදෙන අපගේ නවතම පැකේජය රාජ්‍ය සේවකයින්ට සහ විශ්‍රාමිකයන්ට ඇති මූල්‍ය පීඩනය ලිහිල් කිරීමට අපගේ කැපවීම අවධාරණය කරනවා. හෘද සත්කාර වැනි අත්‍යාවශ්‍ය වෛද්‍ය සේවාවන්, ගුණාත්මක භාවයට බාධාවකින් තොරව දැරිය හැකි සහ ලබාගත හැකි බව සහතික කිරීමට අපි කැපවී ඉන්නවා. මෙම මුලපිරීම හරහා, කාරුණික සත්කාර සහ අති නවීන වෛද්‍ය විශේෂඥ හැකියාවන් ඒකාබද්ධ කරමින් ශ්‍රී ලංකාවේ රාජ්‍ය ශ්‍රම බලකායේ අමිල දායකත්වයට අපි අඛණ්ඩව ගෞරව කරනවා” යනුවෙනි.

වමේ සිට දකුණට – වෛද්‍ය ලසන්ත කරුණාසේකර – නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී සහ අධ්‍යක්ෂ වෛද්‍ය සේවා, ලංකා හොස්පිට්ල්ස්, ලංකා හොස්පිට්ල්ස් පිඑල්සී හි සමූහ ප්‍රධාන විධායක නිලධාරි දීප්ති ලොකුආරච්චි මහතා සහ ලංකා හොස්පිට්ල්ස් නේවාසික හෘද විශේෂඥ වෛද්‍ය උපුල් වික්‍රමාරච්චි මහතා

මෙම මුලපිරීම ඇතිකරගන්නේ අග්‍රහාර රක්ෂණ ක්‍රමය පරිපාලනය කරන ජාතික රක්ෂණ භාර අරමුදල (NITF) සමඟ ඇතිකරගත් ගිවිසුමක ප්‍රතිපලයක් ලෙස වන අතර, එමඟින් මේ සඳහා සුදුසුකම් ලත් රෝගීන් සඳහා සෞඛ්‍ය සේවා ප්‍රතිලාභ තවදුරටත් ඉහළ නංවයි.

විශේෂඥ වෛද්‍ය කණ්ඩායම් සහ අති නවීන පහසුකම් සඳහා කීර්තිමත් ලංකා හොස්පිට්ල්ස්, ජාත්‍යන්තර තත්ත්වයේ සෞඛ්‍ය සේවා සැපයීමේ ප්‍රමුඛයා ලෙස කැපී පෙනෙයි. මෙම මුලපිරීම මගින් ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශයේ ශ්‍රම බලකායේ සෞඛ්‍ය සහ යහපැවැත්මට සහය දැක්වීම සහ රෝගීන්ගේ ප්‍රතිකාර වැඩිදියුණු කිරීම සඳහා ඔවුන්ගේ අඛණ්ඩ කැපවීම පිළිබිඹු කරයි.

මෙම විශේෂ දීමනාව සහ අග්‍රහාර සාමාජිකයින් සඳහා වන සුවිශේෂී ප්‍රතිලාභ පිළිබඳ වැඩි විස්තර සඳහා ලංකා හොස්පිට්ල්ස් හි ක්ෂණික ඇමතුම් අංකය 0117 145 145 අමතන්න.


Share with your friend
Exit mobile version