ශ්‍රී ලංකාවේ ළමුන් මුහුණදෙන අතිශය දරුණු අර්බුදකාරී තත්වය දකුණු ආසියාවටම කෙරෙන අනතුරු ඇඟවීමකි

Home » ශ්‍රී ලංකාවේ ළමුන් මුහුණදෙන අතිශය දරුණු අර්බුදකාරී තත්වය දකුණු ආසියාවටම කෙරෙන අනතුරු ඇඟවීමකි
Share with your friend

ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමෙන් අනතුරුව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ දකුණු ආසියා කලාපීය අධ්‍යක්ෂක ජෝර්ජ් ලාර්යෙයා ඇඩ්ජෙයි විසින් සිදුකරනු ලබන ප්‍රකාශය.

ආර්ථික අර්බුදය මඟින් ශ්‍රී ලංකාව අඛණ්ඩව දුෂ්කරතාවයට පත්වීම හේතුකොටගෙන, අතිශය දරිද්‍රතාවයෙන් පෙළෙන වඩාත් අවදානමට ලක්විය හැකි පිරිමි ළමයි සහ ගැහැණු ළමයි දරුණුතම බලපෑමට ලක්වී සිටිති. 

ශ්‍රීඝ්‍ර ආර්ථික වර්ධනයක් සහ දිනෙන් දින දියුණුවන සංචාරක කර්මාන්තයක් හිමි රටක් ලෙස පොදුවේ හඳුනාගෙන තිබෙන ශ්‍රී ලංකාව, 1948 දී නිදහස ලබාගැනීමෙන් අනතුරුව වඩාත් දරුණුතම ආර්ථික අර්බුදයකට වර්තමානයේ මුහුණදෙමින් සිටී. ආහාර මිළදී ගැනීමේ හැකියාව නොමැතිවීම නිසා පවුල්, ඔවුන්ගේ එදිනෙදා නිතිපතා ගනුලබන ආහාරවේල් අත්හරිමින් සිටී. දකුණු ආසියාවේ වැඩියෙන්ම දරුණු මන්ද පෝෂණ තත්වයන් දැක්වෙන 2 වන රට වූ ශ්‍රී ලංකාවේ ළමයි මීළඟ ආහාරවේල ලැබෙන්නේ කෙසේදැයි නොදැන කුසගින්නේ නින්දට යති.

ශ්‍රී ලංකාවේ ළමුන්ගෙන් සෑම දෙදෙනෙකුගෙන් එක් අයෙකුට දැනටමත් යම් ආකාරයේ හදිසි ආධාර උපකාර ලබාදීමේ අවශ්‍යතාවයක් පවතී. ළමුන් මිලියන 4.8 ක ගේ  අධ්‍යාපනය වසර දෙකක් පුරා පැවැති විවිධවූ  බාධාවන් නිසා අඩාල වූ අතර අඛණ්ඩව පාසලට පැමිණීමට අසමත්වීම නිසා වඩාත් අවදානමට පත්වී ඇත. දැනට පවත්නා අර්බුදකාරී තත්වය නිසා ළමුන්ගේ පාසල් යාම විවිධ හේතුන් මත අඩාලවී තිබේ. අර්බුදයට පෙර ඔවුන්ට සාමාන්‍යයෙන් ලැබුණු රසවත් සහ නැවුම් ආහාරවේලක් ඔවුන්ට දැන් ලැබෙන්නේ නැත. ඔවුන්ට අවශ්‍ය ප්‍රධාන ලිපි ද්‍රව්‍ය නොමැති අතර ඔවුන්ගේ ගුරුවරුන් ප්‍රවාහන අපහසුතාවන්ට මුහුණ දේ.”

දිනෙන් දින ඉහළයන ආර්ථික පීඩාකාරී තත්වය හමුවේ ළමුන් අපයෝජනයට පත්වීම, සූරාකෑමට ලක්වීම සහ ළමුන්ට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන් පිළිබඳ වාර්තාවීම් වැඩිවෙමින් පවතී. ප්‍රධාන වශයෙන් දරිද්‍රතාවය හේතු කොටගෙන ශ්‍රී ලංකාවේ ළමයි 10,000 කට අධික සංඛ්‍යාවක් ළමා ආරක්ෂණ ආයතනවල රැකවරණය ලබති. මෙවැනි ආයතනවල පවුලකින් ලැබෙන සුරක්ෂිතතාවය, බැඳීම නොමැති නිසා

ඒවායෙහි ළමුන්ට හැදී වැඩීමට සුදුසු පරිසරයක් නොමැත. අවාසනාවකට මෙන් දැනට පවත්නා ආර්ථික අර්බුදය නිසා අවශ්‍ය ආහාර ද ඇතුළුව ළමුන්ගේ අවශ්‍යතා සපුරා ලීමට නොහැකි නිසා පවුල් වැඩි සංඛ්‍යාවක් ඔවුන්ගේ ළමුන් මෙවැනි ආයතන කරා යොමු කිරීමේ ප්‍රවණතාවයක් දක්නට ලැබේ.”

ර්‍ණමෙම තත්වය දිගින් දිගටම පැවතුනහොත්, ළමුන් සම්බන්ධයෙන් මහත් දුෂ්කරතා මධ්‍යයේ දැනට ලබාගෙන තිබෙන ප්‍රගතිය පසුබැසීමේ අවදානමක් මතුවී ඇති අතර, සමහර අවස්ථාවන්හිදී මෙය සම්පූර්ණයෙන් ස්ථිරවම වියැකී යා හැකියි.”

“එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල ශ්‍රී ලංකාවේ වසර 50 කට අධික කාලයක් ක්‍රියාත්මක වෙමින් සිටියි. පාර්ශවකරුවන්ගේ සහාය ඇතිව අපි පොත්පත් /ලිපිද්‍රව්‍ය ලබාදීම, පෙරපාසල් ළමුන්ට ආහාර ලබාදීම සහ අතිශයින් සහාය අවශ්‍ය ගැබිණි මාතාවන්ට සහ මව්කිරි ලබාදෙන මව්වරුන්ට මුල්‍ය ආධාර ලබාදීම සිදු කරන්නෙමු.”

“නමුත් මෙම අර්බුදය දිගටම පවතින නිසා තව තවත් මේ සම්බන්ඳව කටයුතු කිරීම අවශ්‍යයි.”

මෙම අර්බුදය විසඳාගැනීමට ශ්‍රි ලංකාව ප්‍රයත්න දැරීමේදී එම විසඳුමේ ප්‍රධාන ස්ථානයක් ළමුන්ට ලබාදිය යුතුය. සියලුම වයස් සීමාවන්හි පිරිමි සහ ගැහැණු ළමුන්ගේ අඛණ්ඩ අධ්‍යාපනය අනිවාර්යයෙන් තහවුරු කළ යුතු අතර එමඟින් ඔවුන් අනාගතයට සූදානම්වීමත්; ළමා ශ්‍රමිකයින් බවට පත්වීම, සූරාකෑමට ලක්වීම සහ ස්ත්‍රීපුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වය යනාදියෙන් ආරක්ෂාවීමටත් ඔවුන්ට හැකියාව ලැබෙනු ඇත. ජීවිත අවදානමට පත් කරන්නාවූ රෝගවලින් සහ මන්දපෝෂණයෙන් ළමුන් සහ කාන්තාවන් ආරක්ෂා කිරීම සඳහා මධ්‍යම සහ ප්‍රජා සෞඛ්‍ය සේවාවන්ට ප්‍රමුඛතාවය ලබාදිය යුතුය.”  

“ශ්‍රී ලංකාවේ මම අත්දකින ලද තත්වය අනෙකුත් දකුණු ආසියානු රටවලටද අනතුරු ඇඟවීමකි.” 

“දැනටමත් ලෝකයේ අතිශයින් දරිද්‍රතාවයට ලක්වී සිටින පුද්ගලයින්ගෙන් පහෙන් එකක් වාසය කරන  සහ නොයෙකුත් දුෂ්කරතා සහ අසමානතාවයන් දක්නට ලැබෙන දකුණු ආසියාවේ ඇතිවී තිබෙන දරුණු ආර්ථික අවපාතය මඟින් ළමුන්ගේ සෞඛ්‍යයට, ඉගෙනීමට, ආරක්ෂාවට සහ ජීවිතවලට දැඩි තර්ජනයක් ඇතිවේ.” 

ලෝකයේ ආර්ථිකය කඩාවැටීමේ අයහපත් බලපෑම් වලින් ළමුන් ආරක්ෂා කරගැනීමට අපි දැන් පියවර නොගතහොත් ලෝකයේ වඩාත්ම වැඩි ජනගහනයක් දක්නට ලැබෙන කලාපයේ ළමුන් තවදුරටත් දරිද්‍රතාවයට පත්වන අතර ඔවුන්ට සෞඛ්‍ය, පෝෂණය, ඉගෙනීම සහ ආරක්ෂාව අහිමිවනු ඇත.” 

ඔවුන් විසින් ඇති නොකළ ආර්ථික අර්බුදයකින් ළමුන්ට පීඩා විදීමට අපට ඉඩදිය නොහැක. ඔවුන්ගේ මතු අනාගතයන්  සුරැකීමට අප අදම ක්‍රියාත්මක විය යුතුයි. 

යුනිසෙෆ් ගැන

වඩාත්ම අවදානමට ගොදුරු වීමට ඉඩ ඇති හා අයිතීන් අහිමි වූ ළමයින් වෙත ළඟා වීම සඳහා විශේෂ පරිශ්‍රමයක් දැරීම කෙරෙහි අවධානය යොමු කරමින් එම කැප වීම ප්‍රායෝගිකත්වයට පරිවර්තනය කිරීමට සහ සෑම තැනකම, සියලු ළමයින්ට ප්‍රතිලාභ අත් කර දීම සඳහා රටවල් හා භූමි ප්‍රදේශ 190ක අපි වැඩ කරන්නෙමු. 

යුනිසෙෆ් හි දකුණු ආසියාව සඳහා වන කලාපීය කාර්යාලය (ROSA) ඇෆ්ගනිස්ථානය, බංගලාදේශය, භූතානය, ඉන්දියාව, මාලදිවයින, නේපාලය, පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව යන රටවල පිහිටුවා ඇති දේශිය කාර්යාල සමඟ එක්ව දරුවන්ගේ ජීවිත සුරැකීමට, ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට සහ ඔවුන්ගේ හැකියාවන් සපුරාලීමට ක්‍රියාකරයි. දකුණු ආසියාවේ ළමුන් සඳහා යුනිසෙෆ් හි ක්‍රියාකාරකම් පිළිබඳ වැඩි විස්තර සඳහා, www.unicef.org.rosa වෙත පිවිසෙන්න. Twitter සහ Facebook හරහා UNICEF ROSA  සමග සම්බන්ඳ වන්න.

යුනිසෙෆ් ශ්‍රී ලංකා පිළිබඳ වැඩි දුර තොරතුරු දැන ගැනීම සඳහා www.unicef.lk වෙබ් අඩවියට පිවිසෙන්න.


Share with your friend

Leave a Reply

%d bloggers like this: