සේවා විශිෂ්ටත්වය හඳුනාගනිමින් සහ එය තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහා දිරිගන්වමින්, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් ලිමිටඩ් (SLICGL) විසින් ‘Unstoppable Together’ යන තේමා පාඨය යටතේ, 2024 වාර්ෂික සම්මාන උළෙල, සිය අලෙවි වෘත්තිකයන්ගේ සුවිශේෂී දක්ෂතා සහ ජයග්‍රහණ සඳහා සම්මාන සහ සහතිකපත් ප්‍රධානය කරමින් උත්කර්ෂවත් අන්දමින් පැවැත්විය.


සාමාන්‍ය රක්ෂණ ක්ෂේත්‍රයේ වෙළඳපොළ ප්‍රධානියා ලෙස ඉහළම පිළිගැනීමකට පත්ව සිටින SLICGL හි විශිෂ්ටයන්ගේ කැපවීම, උත්සාහය සහ ප්‍රතිඵල මෙම විශිෂ්ටතා සම්මාන උළෙලේදී සමරනු ලැබීය. 2024 වාර්ෂික අලෙවි සම්මාන උළෙලේදී, අඛණ්ඩව අපේක්ෂා සහගත අරමුණු අතික්‍රමණය කළ, පාරිභෝගික විශ්වසනීයත්වය වර්ධනය කළ සහ ව්‍යාපාර පුළුල් අයුරින් මෙහෙයවූ ඉහළම කාර්යසාධනයක් සහිත අලෙවි වෘත්තිකයින් ඇගයීමට ලක් කරනු ලැබූ අතර, ඒ හරහා තම අලෙවි බලකායේ සුවිශේෂී ජයග්‍රහණ ඇගයීම වෙනුවෙන් සමාගම කරනු ලබන කැපවීම මැනවින් පිළිඹිබු කෙරිණි.
කොළඹ සිනමන් ලයිෆ් හෝටලයේදී පැවති මෙම ඇගයීම් සම්මාන උළෙල සඳහා SLICGL හි සභාපති, අධ්‍යක්ෂ මණ්ඩලය, ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය ඇතුළු දිවයිනේ සෑම ශාඛාවක්ම නියෝජනය කරමින් අලෙවි වෘත්තිකයන් 400 කට ආසන්න පිරිසක් සහභාගී වූහ.
මෙම සම්මාන උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් හි සභාපති නුසිත් කුමාරතුංග මහතා, අලෙවි කණ්ඩායම්වල අඛන්ඩ කැපවීම පිළිබඳව අගය කරමින් මෙසේ අදහස් පැවසීය. ”SLICGL හි සාර්ථකත්වය ගොඩනැගී ඇත්තේ අපගේ ජනතාවගේ ශක්තිය මතයි. අද රාත්‍රියේදී අපි ඉහළම දක්ෂතා විදහා දැක්වූ ජයග්‍රාහකයින් සහ අපව ඉදිරියට ගෙන යන සාමූහික කණ්ඩායම් වල ජයග්‍රහණ සමරනනවා. ‘Unstoppable Together’ යන තේමා පාඨයෙන් කියවෙන්නේ එකමුතුකම, අඛන්ඩව රඳා පැවැත්ම සහ අධිෂ්ඨානයයි. මේ ගුණාංග තුළින් SLICGL හට ක්ෂේත්‍රයේ නව මිණුම් සලකුණු තැබීමට අවශ්‍ය මඟ පෙන්වනු ලබනවා.”
මෙම සම්මාන රාත්‍රිය සමාගමේ ශක්තිය හා එකමුතුකම විදහා දක්වමින් ඉතාමත් වර්ණවත් අයුරින් පැවති අතර, එහි තේමාව වූ නොනවතින කණ්ඩායම් සාමූහිකත්වය උත්සවය පුරාවට මැනවින් පිළිබිඹු කළේය. මේ තුළින් SLICGL, තම ජනතාව සවිබල ගැන්වීමට සහ තිරසර අභිවෘද්ධිය උදෙසා මග පාදන විශිෂ්ටත්වය, නවෝත්පාදනය සහ පාරිභෝගිකභවතුන් පදනම් කර ගත් සංස්කෘතියක් ගොඩනැගීම සඳහා දක්වන දායකත්වය පෙන්නුම් කරන ලදී.
පුද්ගල කාර්ය සාධනය හඳුනා ගැනීමට අමතරව, 2024 වාර්ෂික අලෙවි සම්මාන උළෙල හරහා සමාගමේ වර්ධන ගමන් මග හැඩගැස්වීමට සහ රක්ෂණ ක්ෂේත්‍රය තුළ සමාගමේ නායකත්වය තවදුරටත් ශක්තිමත් කිරීමට කැපවී සිටින SLICGL හි අලෙවි බලකායේ සාමූහික ශක්තිය ඉතාමත් හොඳින් ප්‍රදර්ශනය කරනු ලැබිණි.
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් (SLICGL) පිළිබඳව.
සාමාන්‍ය රක්ෂණ ක්ෂේත්‍රය තුළ දශක හයකට වැඩි කාලයක් පුරා ප්‍රවීණත්වයක් උසුලනු ලබන සමාගමක් ලෙස SLICGL සමාගම, එහි මූල්‍ය ශක්තිය සහ පාරිභෝගික අවධානය දිනා ගනු ලැබූ, ශ්‍රී ලංකාවේ වටිනාම සහ විශ්වසනීයතම සාමාන්‍ය රක්ෂණ සන්නාමය ලෙස ඉහළ පිළිගැනීමකට ලක්ව ඇත. සමාගම විසින් රථ වාහන, ගිනි හා ඉංජිනේරු, සෞඛ්‍ය, සාමාන්‍ය අනතුරු සහ නාවික යන කාණ්ඩ ආවරණය වන අයුරින් හඳුන්වාදුන් රක්ෂණ විසඳුම් එකතුවක් ඉදිරිපත් කරනු ලබන අතර, එම රක්ෂණ ආවරණ විසඳුම්, සමාගම විසින් තමන් සතුව පවතින දිවයින පුරා පිහිටි ශාඛා 142 ක් සහ පාරිභෝගික සේවා මධ්‍යස්ථාන 69 ක් හරහා ලබා දේ. SLICGL වෙත ශ්‍රී ලංකාවේ ඉහළම ශ්‍රේණිගත කිරීම වෙනුවෙන් හිමි වූ A+ ජාතික රක්ෂණ මූල්‍ය ශක්ති ශ්‍රේණිගත කිරීම වෙනුවෙන් පිරිනැමූ ගෞරව සම්මානය (A + Fitch LKA) ද හිමි වී ඇත. 2024 වසරේ දී, දළ ලිඛිත වාරික (Gross Written Premium – GWP) ප්‍රමාණය වාර්තා කරමින් SLICGI අංක 1 ස්ථානයට ද පත්විය.
2024 වසරේ පැවති ගෝලීය සන්නාම සම්මාන උළෙලේදී SLICGL සමාගම වෙත ‘පාරිභෝගික අපේක්ෂාවන් හා අවශ්‍යතාවයන් ඉටු කළ ශ්‍රී ලංකාවේ හොඳම රක්ෂණ සමාගම’ ලෙස ඉහළ පිළිගැනීමට පාත්‍ර විය. ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් (Sri Lanka Insurance Corporation) හි ශක්තිය හා උරුමයෙන් බලගැන්වී ඇති SLICGL සමාගම, අඛණ්ඩ වර්ධනය සහ නවෝත්පාදනය සඳහා සූදානමින් සිටින, අවදානම් සහිත ආරක්ෂාව සම්බන්ධයෙන් වන ශ්‍රී ලංකාවේ පළමු තේරීම බවට පත්ව ඇත.





