ශ්‍රී ලංකාවේ ශාකසාර පෞද්ගලික සත්කාරක අංශයේ ප්‍රමුඛතම සන්නාමය වන කඳානේ, ස්වදේශී කර්මාන්තායතනය ගෝලීය ව්‍යාපාරික විශිෂ්ටත්ව සම්මාන 2025 – Elite Series II වෙතින් ශාකසාර පදනම් කරගත් පෞද්ගලික සත්කාරක නිෂ්පාදනවල විශිෂ්ටත්වය වෙනුවෙන් සම්මානයෙන් පිදුම් ලැබීය.

අගෝස්තු 10 වන දින කොළඹ BMICH හිදී පැවැති ගෝලීය ව්‍යාපාරික විශිෂ්ටත්ව සම්මාන 2025 – Elite Series II සම්මාන උළෙල වෙතින් ශ්‍රී ලංකාවේ කැපී පෙනෙන ව්‍යාපාර සහ එහි පුරෝගාමීන් හඳුනාගනිමින් ඔවුන්ව පිළිගැනීමට ලක් කෙරිණි. ලන්ඩන් ව්‍යාපාර උපදේශන ආයතනය විසින් සංවිධානය කරනු ලබන මෙම සම්මාන ප්‍රදානෝත්සවය, විවිධ කර්මාන්ත හරහා කැපී පෙනෙන, විශිෂ්ට ජයග්‍රහණයන් වෙත ගෞරව එක් කිරීම සඳහා වූ ගෝලීය වේදිකාවකි.
සාධාරණ සහ විනිවිද පෙනෙන තේරීම් ක්‍රියාවලියක් අනුගමනය කරමින්, සම්මානිත කර්මාන්ත ප්‍රවීණයන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ලක් විසින් සම්මාන ප්‍රදානය පිළිබඳ තීරණ ගනු ලබන්නේ සම්මාන උළෙලේ ප්‍රමිතීන් රැක ගනිමිනි. සියලුම ප්‍රමාණයේ ව්‍යාපාර සඳහා ජාතික සහ ගෝලීය පිළිගැනීම ලබා දීම මෙම සම්මාන උළෙලේ අරමුණයි. සෑම ජයග්‍රහණයකම ඊට අදාළ දැක්මක්, ධෛර්යයෙන් සහ නම්‍යශීලීව වැඩ කිරීම හැකියාව පිළිබඳ කතාවක් සතු වේ. මෙම සම්මානය හුදෙක් පිළිගැනීමකට එහා යමින් විශිෂ්ටත්වය සඳහා සන්නාමය මෙහෙයවන නොසැලෙන කැපවීම වෙනුවෙන් කරන උපහාරයකි. මෙම සෑම ගෞරවයක් සමඟම, සාර්ථකත්වය සැමරීම පමණක් නොව විශිෂ්ටත්වය දිනා ගැනීම සඳහා අන් අය සවිබල ගන්වමින් පූර්වාදර්ශයක් විමට අරමුණු කර ඇත්තෙමු.
ස්වදේශීය ව්‍යාපාරයක් ලෙස ස්වදේශී කර්මාන්තායතනය, සියලු ශ්‍රී ලාංකිකයන්ගේ යහපත වෙනුවෙන් සමාජය ගොඩ නැංවීමේ සත්කාර වැඩසටහන් වෙත සිය අඛණ්ඩ අවධානය යොමු කර ඇත. ස්වදේශී කොහොඹ සන්නාමය සොබාදහමේ ආරක්ෂාව සහ සංස්කෘතික වටිනාකම් ඉහළ නැංවීම උදෙසා තිරසර ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් කැප වී සිටියි. සමාගමේ බොහෝ සමාජීය වැඩසටහන් තුළින් ස්වදේශී කොහොඹ ආලෝක පූජා සත්කාරය ඔස්සේ දිවයින පුරා විහාරස්ථානවල වාර්ෂික ආලෝකකරණයට දායක වෙමින් “ස්වදේශී කොහොඹ ආලෝක පූජා සත්කාරය”, කොහොඹ රුක් රෝපණ ව්‍යාපෘතිය “ස්වදේශී කොහොඹ මිහිතල සත්කාරය”, වියළි කලාපයේ පාසල් සහ විහාරස්ථාන සඳහා ජල ටැංකි පරිත්‍යාග කිරීම “ස්වදේශී කොහොඹ ගමට සත්කාරය”, ළදරු රැකවරණය පිළිබඳ මවුවරුන් දැනුවත් කරන “ස්වදේශී කොහොඹ බේබි මාතෘ සත්කාරය” ලෙස ප්‍රජා සත්කාර වැඩසටහන් ශ්‍රී ලංකාව පුරා සිදු කිරීමට ස්වදේශී කර්මාන්තායතනය කටයුතු කරයි.
“ශ්‍රී ලංකාවේ පෞද්ගලික ශාකසාර නිෂ්පාදනයේ පුරෝගාමී සමාගමක් ලෙස අපි අපගේ සියලුම නිෂ්පාදන සඳහා භාවිතා කරන ශාකසාර අමුද්‍රව්‍යවල ක්‍රියාකාරී ප්‍රතිලාභ පිළිබඳව පාරිභෝගිකයන් දැනුවත් කිරීමට කැමැත්තෙන් සිටිමු. අප හොඳම ශ්‍රී ලංකීය ශාකසාර පමණක් භාවිතා කරන අතර, සෑම අමු ද්‍රව්‍යයක්ම පුළුල්ව පරීක්ෂණයන්ට ලක් කිරීමෙන් අනතුරුව නිෂ්පාදන සඳහා භාවිත කරයි. ස්වදේශී සියලු නිෂ්පාදන 100%ක් ශාකසාර අමු ද්‍රව්‍ය අඩංගු නිෂ්පාදන වන අතර, සතුන් ආශ්‍රිත පර්යේෂණ සිදු නොකරයි. ස්වදේශී කොහොඹ , රාණි සඳුන් , ස්වදේශී කොහොඹ බේබි ඇතුළු ස්වදේශී නිෂ්පාදන බ්‍රිතාන්‍ය නිර්මාංශ සංගමයේ පිළිගැනීම ලත් එකම ශ්‍රී ලාංකේය නිෂ්පාදන පෙළයි.” මෙය සමාගමේ ඉදිරි චින්තන භාවිතයන් මෙන්ම පාරිභෝගිකයන් සදාචාරාත්මක හා පරිසර හිතකාමී තෝරා ගැනීම් වෙත යොමු කිරීමට සමාගමේ ඇති කැමැත්ත පෙන්වන මිනුමකි. ස්වදේශී කර්මාන්තායතනය සෑම විටම සිය නිෂ්පාදනවල සෞඛ්‍යයමත්බව හා පාරිසරික බලපෑම සලකා ඇති අතර, එයට ප්‍රමුඛත්වය ලබා දෙමින් අඛණ්ඩව නිෂ්පාදන සිදු කරයි. ශ්‍රී ලාංකික සමාගමක් වන ස්වදේශී, පසුගිය දශක 08 තුළ කර්මාන්ත ප්‍රමුඛතා ගණනාවක් අත්කර ගෙන ඇත.
ශාකසාර සබන් නිෂ්පාදනයේ පුරෝගාමියා සහ වෙළඳපල ප්‍රමුඛයා වන ස්වදේශී කර්මාන්තායතනය 1941 වසරේ ආරම්භ කරන ලද අතර ISO 9001 – 2015 සහතිකය ලත් සමාගමකි. ස්වදේශී කර්මාන්තායතනය මගින් වෙළඳපලට නිකුත් කරන ජනප්‍රිය වෙළඳ නාම අතර ස්වදේශී කොහොඹ, රාණි සදුන්, ස්වදේශී කොහොඹ බේබි, පර්ල්වයිට්, සේෆ් ප්ල්ස්, ලක් බාර්, බ්ලැක් ඊගල් පර්ෆියුම්, කොහොඹ සහ රාණි ෂවර් ක්‍රීම් නිෂ්පාදන පෙළ ඇතුලත් වේ. එසේම ස්වදේශී විසින් ශ්‍රී ලංකාවේ අංක 01 ශාකසාර සන්නාමය, ස්වදේශී කොහොඹ සහ රුව දිදුලන රාණි සදුන් නිෂ්පාදනය හා අලෙවිය සිදු කරයි.
සියලුම ස්වදේශී නිෂ්පාදන ශ්‍රී ලංකා සෞඛ්‍යය අමාත්‍යාංශයේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) යටතේ ලියාපදිංචි කර ඇති අතර ස්වදේශී නිෂ්පාදනවල භාවිතා වන සියලුම සුවඳ විලවුන් ගෝලීයව පිළිගත්, ජාත්‍යන්තර සුවඳ විලවුන් සංගමය (IFRA) විසින් සහතික කර ඇති අතර ISO 9001 – 2015 ප්‍රමිතීන් යටතේ නිෂ්පාදනය කෙරේ.