Eyeview Sri Lanka

සී ඩබ්ලිව් මැකී පීඑල්සී ලොව විශාලතම බෙයාරින් නිෂ්පාදකයා SKF සමග අත්වැල් බැඳගනියි

Share with your friend

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන සී ඩබ්ලිව් මැකී පීඑල්සී ලොව විශාලතම බෙයාරින් නිෂ්පාදකයා SKF සමග ව්‍යාපාරික සහයෝගීතාවයකට එළෙඹෙමින් නිෂ්පාදන සඳහා මෙරට නිල බෙදාහැරීම් නියෝජිතයා බවට පත්ව තිබේ. සී ඩබ්ලිව් මැකී SKF ඉන්දියා (ඉන්ඩ්‍රස්ටියල්) ලිමිටඩ් ආයතන පාර්ශ්ව දෙකේ ජේෂ්ඨ කළමනාකරීත්වයන්ගේ එකමුතුවෙන් 2025 ඔක්තෝබර් 10 වැනිදා කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී එම ව්‍යාපාරික සහයෝගීතාවය නිවේදනය කරන ලදී. සී ඩබ්ලිව් මැකී පීඑල්සී ශ්‍රී ලංකාව තුල හිමිකරගෙන සිටින විශ්වාසනීය කීර්තිනාමය හා පළපුරුද්දත් SKF සතු නව්‍යකරණයෙන් පිරිපුන් ජාත්‍යන්තර විශිෂ්ටත්වයත් එකිනෙක සුසංයෝග වෙමින් ශ්‍රී ලාංකීය කාර්මික ක්ෂේත්‍රයේ නව යුගයක ඇරඹුම මෙම ව්‍යාපාරික සහයෝගීතාවයෙන් ප්‍රකට වේ.

ලොව සුපතල සන්නාමයන් රැසක නිෂ්පාදන මෙරටට ගෙන්වා බෙදාහරිනු ලබන සී ඩබ්ලිව් මැකී පීඑල්සී කාර්මික නිෂ්පාදන පෙළ අතරට එක්වන නවතම ජාත්‍යන්තර සන්නාමය SKF වේ. වර්ෂ 1907 දී ආරම්භ වූ SKF නිෂ්පාදන රටවල් 130 ක් පුරා 17, 000 ක ප්‍රදේශ වෙත බෙදාහැරේ. ස්වීඩනයේ විශාලතම සමාගමක් හා ලොව ප්‍රමුඛතම සමාගම් 2000 අතර ලැයිස්තුගත සමාගමක් වන  බෙයාරින් තාක්ෂණය හා වැඩිදියුණු කළ කාර්මික විසඳුම් ලබාදෙන සමාගමක් ලෙස ජාත්‍යන්තර කීර්තියට පත්ව තිබේ. ශ්‍රී ලාංකීය කාර්මික ක්ෂේත්‍රයේ අවශ්‍යතා වෙනුවෙන් සී ඩබ්ලිව් මැකී පීඑල්සී විසින් ගෙන්වා බෙදාහරින අනෙකුත් ජාත්‍යන්තර සන්නාමයන්ගේ අනගි නිෂ්පාදන අතර Danfoss (ඩෙන්මාකය), Bitzer (ජර්මනිය), Frascold (ඉතාලිය), Telwin (ඉතාලිය), Cebora (ඉතාලිය), Chosun (දකුණු කොරියාව), Castolin Eutectic (Europe) සහ Hempel Paints(ඩෙන්මාකය) වැනි විශිෂ්ටතම සන්නාමයන්ගේ නිෂ්පාදන ශ්‍රී ලාංකිකයන් අතර විශ්වාසය දිනා ඇති ආකාරයෙන්ම සී ඩබ්ලිව් මැකී පීඑල්සී කාර්මික නිෂ්පාදන පෙළ අතරට එක්වන නවතම ජාත්‍යන්තර සන්නාමය SKF නිෂ්පාදනයන්ද ශ්‍රී  ලාංකීය කර්මාන්ත ක්ෂේත්‍රයේ තවත් විශ්වාසනීය සන්නාමයක් බවට පත්වනු ඇත.

මෙම ව්‍යාපාරික සහයෝගීතාවය පිළිබඳ සී ඩබ්ලිව් මැකී පීඑල්සී පාර්ශ්වය වෙනුවෙන් අදහස් දැක්වූ එහි අධ්‍යක්ෂ / සමූහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී මංගල පෙරේරා මහතා “මෙම ව්‍යාපාරික සහයෝගීතාවය, සී ඩබ්ලිව් මැකී සහ ආයතන පාර්ශ්ව දෙකට මෙන්ම ශ්‍රී ලංකාවේ කාර්මික ක්ෂේත්‍රයටත් අතිශය වැදගත් සංධිස්ථානයක්. ලෝකයේ අතිනවීනතම බෙයාරින් නිෂ්පාදනය වන SKF සන්නාමයේ නිෂ්පාදන සඳහා නිල ශ්‍රී ලාංකීය බෙදාහරින්නා ලෙස පත්වීම අප සමාගමට ලැබුණ ඉමහත් ගෞරවයක්. අපේ රටේ කර්මාන්ත හා කාර්මික ක්ෂේත්‍රයේ දියුණුව වෙනුවෙන් ලොව හොඳම කාර්මික නිෂ්පාදන පෙළක් හඳුන්වා දෙමින් සී ඩබ්ලිව් මැකී පීඑල්සී මෙතෙක් ඉටුකළ සේවාව නව්‍යකරණයෙන් බලගැන්වූ විශිෂ්ටතම SKF නිෂ්පාදන සමග තවදුරටත් ශක්තිමත් වෙනවා.” යැයි පැවසීය.

SKF නිෂ්පාදන මිලදී ගන්නා පාරිභෝගිකයන් වෙත උසස් සේවාවක් ලබාදීමට හා සී ඩබ්ලිව් මැකී පීඑල්සී වෙත ශ්‍රී ලාංකීය පාරිභෝගික ජනතාව තබා තිබෙන පාරිභෝගික විශ්වාසය රැකගැනීමටත් වෙළෙඳපොළේ ව්‍යාජ අනුකරණයන් අතරින් නිවැරදිම හා ගැලපෙනම SKF නිෂ්පාදනය තෝරාගැනීමට උපකාරීවන සුවිශේෂී ජංගම දුරකතන යෙදවුමක් SKF වෙතින් හඳුන්වා දී ඇත.

SKF ඉන්දියා (ඉන්ඩ්‍රස්ට්‍රියල්) ලිමිටඩ් වෙනුවෙන් අදහස් දැක්වූ එම සමාගමේ කර්මාන්ත වෙළෙඳපොළ පිළිබඳ අධ්‍යක්ෂ සුජීත් පායි මහතා “ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසයට පාත්‍ර වූ වෙළෙඳපොළ දැවැන්තයෙකු සමග අත්වැල් බැඳගනිමින් ශ්‍රී ලාංකීය පාරිභෝගිකයන්ට උසස්ම තත්ත්වයේ නිෂ්පාදන පෙළක් ලබාදීමට හැකිවීම අප සමාගම ලැබූ ගෞරවයක්. ශ්‍රී ලාංකීය කර්මාන්ත ක්ෂේත්‍රයේ අවශ්‍යතාවන් සම්පූර්ණ කරමින් විශ්වාසනීය තාක්ෂණික සහයෝගයක් ලබාදෙමින් නියම නිෂ්පාදන ශ්‍රී ලාංකිකයන්ට සමීප කරමින් පාරිභෝගික ආරක්ෂාව සහතික කිරීමට මෙම ව්‍යාපාරික සබඳතාවය ශක්තිමත් අඩිතාලමක් යොදා තිබෙනවා.” යැයි පැවසීය.

සී ඩබ්ලිව් මැකී පීඑල්සී කාර්මික නිෂ්පාදන අතරින් Refrigeration and Air Conditioning Division යටතේ Danfoss (ඩෙන්මාකය), Bitzer (ජර්මනිය), Frascold (ඉතාලිය), Roller (ජර්මනිය), KD (කොරියාව), Insulflex (මැලේසියාව), Aerofoam (UAE) සහ Jintain and Hongtai Copper (චීනය) සන්නාමයන්ගේ නිෂ්පාදන ශ්‍රී ලාංකීය වෙළෙඳපොළේ ප්‍රමුඛතම නිෂ්පාදනයන් වේ. The Lightweight Machinery and Welding Electodes Division යටතේ Cebora (ඉතාලිය), Telwin (ඉතාලිය), Chosun (දකුණු කොරියාව) සහ Castolin Eutectic (Europe) යන විශිෂ්ටතම වෙළෙඳ නාම රැසක අනගි නිෂ්පාදන ඇතුලත් වන අතර වෑල්ඩින් ඉලෙක්ට්‍රෝඩ, MIG/ TIG උපකරණ, ප්ලාස්මා කටර් සහ කළුගල් විදුම් ආයුධ ද එයට ඇතුලත් වේ. 2008 වසරේ සිට නාවික ක්ෂේත්‍රයේ සහ ආරක්ෂිත ආලේපන ක්ෂේත්‍රයේ ලොව ප්‍රමුඛතම සන්නාමයක් වන Hempel Paints (ඩෙන්මාකය) හි අනගි නිෂ්පාදන මෙරටට ගෙන්වා බෙදාහරින එකම නියෝජිතයා ලෙස සී ඩබ්ලිව් මැකී පීඑල්සී කටයුතු කරන්නේ දෙස් විදෙස් නැව් සමාගම් රැසක මෙන්ම බලශක්ති, පෙට්‍රොකෙමිකල්, යටිතල පහසුකම් සැපයීමේ ක්ෂේත්‍ර හා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අවශ්‍යතා රැසක් ද සම්පූර්ණ කරමිනි.

SKF සහ සී ඩබ්ලිව් මැකී පීඑල්සී ව්‍යාපාරික සහයෝගීතාවය නිසා ශ්‍රී ලංකාවේ කර්මාන්ත හා ඉංජිනේරු ක්ෂේත්‍රයන් වෙත නව්‍යකරණය හා විශ්වාසනීයත්වය මුසු අනගි නිෂ්පාදන පෙළක් සමීප වේ. 125 වසරක සී ඩබ්ලිව් මැකී පීඑල්සී කීර්ති නාමය මෙම ව්‍යාපාරික සබඳතාවය හරහා තවදුරටත් ශක්තිමත් වන අතර දේශීය කර්මාන්ත ක්ෂේත්‍රයේ කාර්යක්ෂමතාවය හා දියුණුවද එමගින් වැඩිදියුණු වේ.


Share with your friend
Exit mobile version