ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පිරිමි ඇඟලුම් සන්නාමය වන හමීඩියා ආයතනය සිය 75වැනි සංවත්සරය වෙනුවෙන් කොළඹ Envoy Mansion පරිශ්‍රයේ දී ඉතාමත් විචිත්‍ර උත්සවයක් සංවිධානය කොට අනර්ඝ ගෝලීයම මනාල ඇඳුම් එකතුවක් හඳුන්වා දෙනු ලැබීය. ශ්‍රී ලාංකිය තරු සහ මංගල ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් පිරිවරා පැවැත් වූණු මෙම උත්සවයේ දී මනාල ඇඳුම් නිර්මාණයේ හමීඩියා අත්පත් කරගෙන තිබෙන අභිමාණවත් විශ්වාසය තවත් තහවුරු කරමින් අලුත්ම සන්නාම එකතුවක් සහ නූතන මනාලයින්ට ගැළපෙන මංගල ඇඳුම් එකතුවක් එළිදැක්වීය.
ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ චරිත, විලාසිතා ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සහ විවහා මංගල සේවා ක්ෂේත්‍රයේ නියැලෙන්නන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් නව විලාසිතා දැක්ම නැරඹීමට පැමිණ සිටියේය. මෙම අවස්ථාවේදී හමීඩියා ආයතනය විසින් ඉන්දිරා පිළිකා භාර පදනම වෙත රුපියල් මිලියනයක පරිත්‍යාගයක් සිදු කරන ලදී. මෙම පරිත්‍යාගය හමීඩියා හි Pink Collection ඇඟලුම් නිර්මාණ එකතුවේ නවතම විකුණුම් ආදායම වූ අතර, මීට අමතරව, මෙම නිෂ්පාදන මිලදී ගැනීමෙන් ලැබෙන ආදායමෙන් 30%ක් ඉන්දිරා පිළිකා භාර පදනම වෙත පිරිනැමේ- මෙය හමීඩියා සමූහ ව්‍යාපාරයේ සමාජ සත්කාර ඒකකය වන My Friend පදනමේ සමාජ වගකීම් පොරොන්දුව යටතේ සිදුකරන ලද මුලපිරීමකි. එමෙන්ම, හමීඩියා ආයතනය සමුද්‍ර පොලිසිය සහ කොළඹ රොටරි සමාජය සමඟ එක්වි Lifeworth ව්‍යාපෘතිය හරහා දියේ ගිලී යෑම් අවම කිරීමේ ප්‍රයත්නයේ කොටසක් ලෙස ජීවිතාරක්ෂක ජැකට් 100 ක් බෙදා දුන්නේය. තවද, Lifeworth ව්‍යාපෘතිය හරහා වැල්ලවත්ත වෙරළ තීරයේ ජීවිතාරක්ෂකයින් දෙදෙනෙකු සමඟ ජීවිතාරක්ෂක කුළුණක් පිහිටුවා ඇත.
වෙරළ මංගල උළෙලක්, උද්‍යාන මංගල උළෙලක්, සුවිශේෂී ස්ථානීය උළෙලක් හෝ හින්දු, කතෝලික සාම්ප්‍රදායික හෝ ආගමික අංග ඇතුළත් මංගල උළෙලක් ආදී ඕනෑම තේමාවකට ගැළපෙන සහ මනාලයාගේ පෞරුෂත්වය ඔප් නංවන අයුරින් නිර්මාණ කළ මංගල ඇඳුම් විලාසිතා එකතුවක් හමීඩියා Global Wedding එකතුවට ඇතුළත් වෙයි. මෙම එකතුවේ සුඛෝපභෝගී බටහිර ඇඳුම් විලාසිතා, නවීන ජාතික ඇඳුම් විලාසිතා, උසස් හින්දු ජාතිකත්ව විලාසිතා, ජෝද්පූර් විලාසිතා, ශෙර්වානි සහ තවත් විලාසිතා විශාල ප්‍රමාණයක් ඇතුළත් වන අතර ඒ හරහා ඕනෑම මනාලයෙකුට තමන්ගේ සුවිශේෂී දිනයේ දී අභිමානයෙන් කැපී පෙනීමට අවස්ථාව ලැබෙයි. Albini, Thomas Mason, Loro Piana, DORMEUIL, Ermenegildo Zegna, VBC, සහ Tessitura Monti සුප්‍රකට සන්නාමයන් ඇතුළත්ව ඉතාලියේ, යුරෝපයේ සහ ආසියානු fabric වර්ග 300කට වැඩි ප්‍රමාණයකින් ඇඳුම් නිර්මාණය කරන හමීඩියා උසස්ම තත්ත්වයේ අගනා රෙදිවර්ග භාවිතා කරමින් ගුණාත්මකව උසස් නිර්මාණයක් කිරීමට සිය කැපවීම තවත් තහවුරු කරයි.
ආයතනයේ ගමන් මග ගැන සිය පෞද්ගලික අත්දැකීම් පැමිණි සිටි අය සමග බෙදාගත් හමීඩියා ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ ෆවුසුල් හමීඩ් මහතා,“ අද දින අපි සමරන්නේ අවුරුදු 75ක් තිස්සේ පිරිමි ඇඳුම් නිර්මාණය කිරීමට අප කළ කැපවීම විතරක්ම නෙවෙයි, විවහා මංගල උළෙලක දී මනාලයාට ද වටිනාකම් අගයක් සහ සියලු දෙනාගේම අවදානය ලබාදීමක් වෙනුවෙන් සිදුකළ කාර්යභාරය ලැබෙන ගෞරවයයි. අපි පසුකරන්නේ අපේ ව්‍යාපාරයේ සංධිස්ථාන පමණක්ම නෙවෙයි, අපි ජීවිතය සමග සැබැඳි විලාසිතාවන් ද සමරනවා. අපේ වටිනා පාරිභෝගිකයන් වෙනුවෙන් අප කළ කැපවීම, අපේ අභිමානවත් වෘත්තීය උරුමය සහ සුන්දර මතකයන් ද මේ සමග සමරනවා. විවාහ මංගල තේමාවට සහ මනාලයාගේ පෞරුෂයට හරියටම ගැළපෙන අයුරින් මංගල ඇඳුම නිර්මාණය කරගැනීම වෙනුවෙන් Global Wedding එකතුව නිර්මාණය කර තිබෙනවා වගේම තමන්ගේ ජීවිතයේ සුවිශේෂී දිනයේ දී ආත්ම විශ්වාසයෙන් යුක්තව සහ අභිමානයෙන් සිටීම සහතික වෙනවා.”