HNB Investment Bank (Pvt) Ltd ලෙස ප්‍රතිසන්නාමකරණය වෙයි
ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම පුද්ගලික බැංකුව වන හැටන් නැෂනල් බැංකුව Acuity Partners (පුද්) සමාගමේ පූර්ණ හිමිකාරීත්වය සාර්ථකව අත්පත් කරගත් බව නිවේදනය කර ඇත.
![](https://eyeviewsl.com/wp-content/uploads/2025/02/DEP_3995-2-1024x733.jpg)
මෙම අත්පත් කරගැනීමත් සමඟින්, එම සමාගම HNB Investment Bank (Pvt) Ltd ලෙස ප්‍රතිසන්නාමකරණය කර ඇති අතර එමඟින් ශ්‍රී ලංකාවේ ආයෝජන බැංකු ක්ෂේත්‍රයේ ප්‍රමුඛ සමාගමක් ලෙස එහි කාර්යභාරය තවදුරටත් ශක්තිමත් වේ.
Acuity Partners මීට පෙර HNB සහ DFCC බැංකුව ඒකාබද්ධ හවුල්කාරීත්වයෙන් පිහිටුවා ගත් සමාගමක් වූ අතර, එය මූල්‍ය සේවා සඳහා විශේෂිත වූ අනුබද්ධිත සමාගම් කිහිපයක් හරහා ක්‍රියාත්මක විය: එනම්,
- ඇක්විටි පාර්ට්නර්ස් (පුද්) සමාගම: ආයතනික මූල්‍ය සහ උපදේශන සේවා සපයයි.
- ඇක්විටි සෙකියුරිටීස් සමාගම: ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රජයේ සුරැකුම්පත් සඳහා බලපත්‍රලාභී ප්‍රමුඛ අලෙවිකරුවෙකි.
- ඇක්විටි ස්ටොක්බ්‍රෝකර්ස් (පුද්) සමාගම: කොළඹ කොටස් වෙළෙඳපොලේ සාමාජිකයෙකු මෙන්ම සහ ප්‍රමුඛතම කොටස් තැරැව්කාර සමාගමකි.
- LVL PLC: ව්‍යාපාර ප්‍රාග්ධන සමාගමක් වන අතර, LVEF PLC හි බහුතර කොටස් සතුය.
- LVEF PLC: බලශක්ති ක්ෂේත්‍රයේ ව්‍යාපාර ප්‍රාග්ධන ආයෝජන කෙරෙහි අවධානය යොමු කරන සමාගමකි.
මෙම සමාගම් විවිධ ක්ෂේත්‍ර හරහා ප්‍රවීණත්වය ලබා දීමෙන් සහ වටිනාකමක් නිර්මාණය කිරීමෙන් ශ්‍රී ලංකාවේ මූල්‍ය සේවා ක්ෂේත්‍රය ශක්තිමත් කිරීම සඳහා වැදගත් කාර්යභාරයක් ඉටු කර ඇත.
මෙම ප්‍රතිසන්නාමකරණයත් සමඟින්, HNB Investment Bank මගින් ඒකාබද්ධ කිරීම් සහ අත්පත් කර ගැනීම්, ණය සහ කොටස් වෙළඳපොළ සේවා සහ මූල්‍ය උපදේශන විසඳුම් ඇතුළු පුළුල් සේවා පරාසයක් ලබා දෙනු ඇත. මෙම අත්පත් කරගැනීම HNB Investment Bank හි දිගුකාලීන වර්ධන ඉලක්ක සමඟ සමපාත වීමට මෙන්ම එහි ශක්තිමත් මූල්‍ය පදනම සහ ප්‍රවීණත්වය උපරිම ලෙස භාවිතා කරමින් දේශීය හා ජාත්‍යන්තර වශයෙන් මූල්‍ය සේවා ක්ෂේත්‍රය තුළ එහි පැවැත්ම ව්‍යාප්ත කිරීමට HNB විසින් ගනු ලැබූ උපායමාර්ගික පියවරකි.
මෙම විශේෂ අවස්ථාවට එක් වෙමින් HNB කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිළධාරී දමිත් පල්ලෙවත්ත මහතා පැවසුවේි ‘’HNB පවුලේ පූර්ණ හිමිකාරීත්වය සහිත අනුබද්ධිත සමාගමක් ලෙස අපි Acuity Partners සමාගම සාදරයෙන් පිළිගන්නා අතර HNB Investment Bank ලෙස එහි නව අනන්‍යතාව එළිදැක්වීම පිළිබඳව අපි සතුටු වනවා. මෙම අත්පත් කර ගැනීම සහ ප්‍රතිසන්නාමකරණය මගින් අපගේ ගනුදෙනුකාරභවතුන්ට පුළුල් පරාසයක ආයෝජන විසඳුම් රැසක් ඉදිරිපත් කිරීමටත් දේශීය හා ගෝලීය ප්‍රාග්ධන වෙළඳපොළ තුළ අපගේ පැවැත්ම තවදුරටත් පුළුල් කිරීමටත් අපගේ කැපවීම පෙන්නුම් කරනවා.” යනුවෙනි.
HNB Investment Bank වෙත මාරුවීම මඟින් නව ව්‍යාපාර අවස්ථා අත්පත් කර ගැනීමෙන් සහ පුළුල් ගනුදෙනුකාර ප්‍රජාවකට ගැලපෙන සේවාවන් ලබා දීමෙන් HNB හි වෙළඳපල නායකත්වය හා හැකියාවන් ශක්තිමත් කරමින් එහි වර්ධනය වේගවත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
නව සමාගම HNB හි දිගුකාලීන දැක්ම සමඟ අනුකූල වන නව අවස්ථා සොයා බලන අතරම එහි මූලික සේවාවන් කෙරෙහි අවධානය යොමු කරනු ඇත. තවද උසස්ම තත්ත්වයේ සේවාවක් සහ නව්‍ය මූල්‍ය විසඳුම් ලබා දීම සඳහා HNB හි පුළුල් පාරිභෝගික ජාලය සහ උසස් ඩිජිටල් හැකියාවන් ද උපරිම ලෙස භාවිතා වනු ඇත.
මෙම පියවර මගින් තම සේවාවන් පුළුල් කිරීමට සහ පරිපූර්ණ මූල්‍ය විසඳුම් සැපයුම්කරුවෙකු ලෙස එහි භූමිකාව ශක්තිමත් කිරීමට HNB හි ඇති කැපවීම පෙන්නුම් කරයි. මීට අමතරව නව්‍ය උපාය මාර්ග සහ සැලකිය යුතු මෙන්ම කල් පවත්නා ආයෝජන හරහා කොටස්කරුවන්ට විශාල වටිනාකමක් ලබා දීමට බැංකුව කැපවී සිටියි.
“මෙම ප්‍රතිසන්නාමකරණය HNB සමූහයට ඉතා විශේෂ අවස්ථාවක්. ඒ හරහා අපගේ කොටස්කරුවන්ට සුවිශේෂී වටිනාකමක් ලබා දීමට අපට හැකියාව ලැබෙනවා. අපගේ කුසලතා සහ විශේෂඥතාව ඒකාබද්ධ කිරීමෙන් නවෝත්පාදනයන් මෙහෙයවීමට සහ ශ්‍රී ලංකාවේ මූල්‍ය අංශය නව මානයක් කරා රැගෙන යාමට හැකි බව අපට විශ්වාසයි.” යනුවෙන් HNB Investment Bank කළමනාකාර අධ්‍යක්ෂ/සමූහ ප්‍රධාන විධායක නිළධාරී රේ අබේවර්ධන මහතා පැවසුවේය.