Eyeview Sri Lanka

අමානා තකාෆුල් , 2024 වාර්ෂික සම්මාන උළෙලේදී සිය විරුවන්ගේ විශිෂ්ටත්වය අගයයි

Share with your friend

ශ්‍රී ලංකාවේ වඩාත් සම්මානිත රක්ෂණ සැපයුම්කරුවන අමානා තකාෆුල් සමාගම, දිවයින පුරා සිය කණ්ඩායම් සාමාජිකයින්ගේ අසමසම ජයග්‍රහණ සහ කැපවීම ඇගයුමට ලක් කරමින් 2024 වාර්ෂික සම්මාන උළෙල පසුගියදා මොනාක් ඉම්පීරියල් හෝටලයේදී පැවැත්වූයේය. සුපිරි වීරයින්ගේ තේමාව යටතේ සංවිධාන කෙරුණු මෙවර සම්මාන උළෙලේදී, 2024 වසර පුරා විශිෂ්ට කාර්යසාධනයක් පෙන්නුම් කළ සමාගමේ සැබෑ විරුවන් හට ප්‍රණාමය පුද කෙරිණි. 

යුරෝපා සංචාර ජයග්‍රාහකයින් (වමේ සිට දකුණට): අමානා ලයිෆ් ඉන්ෂුවරන්ස් සහකාර සාමන්‍යාධිකාරී – විකුණුම් නිමල් ප්‍රියන්ත, අමානා ලයිෆ් ඉන්ෂුවරන්ස් ජ්‍යෙෂ්ඨ ප්‍රාදේශීය කළමනාකරු ෆසාල් ෆොන්සේකා, අමානා ලයිෆ් ඉන්ෂුවරන්ස් ප්‍රධාන විධායක නිලධාරී ගෙහාන් රාජපක්ෂ, අමානා ලයිෆ් ඉන්ෂුවරන්ස් ජාතික විකුණුම් බෙදාහැරීම් ප්‍රධානී අසීෆ් රහීම්

අමානා ජෙනරල් ඉන්ෂුවරන්ස් සභාපති සුල්ෆිකර් ගවුස්, කළමනාකාර අධ්‍යක්ෂ හසන් කසීම්, අමානා ලයිෆ් ඉන්ෂුවරන්ස් ප්‍රධාන විධායක නිලධාරී ගෙහාන් රාජපක්ෂ, අමානා ජෙනරල් ඉන්ෂුවරන්ස් ප්‍රධාන විධායක නිලධාරී සිවා කාර්තිගන් සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් ඇතුළු සම්භාවනීය අමුත්තෝ රැසක් මෙන්ම සියලු පළාත්වල කාර්යමණ්ඩල සාමාජිකයෝ ද මෙම අවස්ථාවට සහභාගී වූහ. 

විශිෂ්ටත ම ශාඛාව, ඉහළම ප්‍රාදේශීය දායකත්ව, අසමසම කණ්ඩායම් නායකයින්, දීර්ඝ සේවා කාලයක් හිමි කාර්යමණ්ඩල සාමාජිකයින් මෙන්ම ප්‍රධාන විධායක නිලධාරී සහ අධ්‍යක්ෂ මණ්ඩල සමාජවල කීර්තිමත් සාමාජිකයින් ඇතුළු විවිධ කාණ්ඩ යටතේ මෙහිදී විශිෂ්ටත්වය ඇගයීමට කටයුතු කෙරිණි. ගත වූ වසර තුළ දැක්වූ කැපවීම සහ අත්කර දුන් ප්‍රතිඵල හේතුවෙන් ජයග්‍රාහකයින් හට කුසලාන, පදක්කම්, මුදල් ත්‍යාග සහ විදෙස් සංචාර ද හිමි විය. 

ජීවිත සහ සාමාන්‍ය රක්ෂණ අංශ නියෝජනය කරමින් ප්‍රධාන විධායක නිලධාරී සම්මානය හිමිකර ගත් කාර්යමන්දලා සාමාජිකයින් සහ සමාගමේ සන්නාමය ජාත්‍යන්තරව ඔසොවා තැබීමට කටයුතු කළ MDRT සුදුසුකම් ලැබූවන් ද මෙහිදී විශේෂ ඇගයුමට ලක් විය. ඉතා ආකර්ෂණීය සහ ජවසම්පන්න පසු-තිරයකින් අලංකාරවත් වූ සම්මාන රාත්‍රිය, අමානා තකාෆුල් සමාගමේ වර්ධනීය ගමන්මග තුළ සෑම අයෙකු ම කෙතරම් වැදගත් කාර්යභාරයක් ඉටු කරන්නේද යන්න මනාව පිළිබිඹු කළේය. 

ශූරයින්ගේ ශූරයින් (වමේ සිට දකුණට) : අමානා තකාෆුල් ජෙනරල් ප්‍රධාන විධායක නිලධාරී සිවා කාර්තිගන්, කළමනාකාර අධ්‍යක්ෂ හසන් කසීම්, අමානා තකාෆුල් ජෙනරල් සභාපති සුල්ෆිකර් ගවුස්, එන්ටර්ප්‍රයිස් කණ්ඩායමේ සහකාර විකුණුම් කළමනාකාර චරිත් කෝරළ (ශූරයින්ගේ ශූරයා සම්මාන ලාභියා), ප්‍රධාන විකුණුම් නිලධාරී සුරේෂ් බස්නායක, සාමන්‍යාධිකාරී – විකුණුම් (මෙට්‍රොපොලිටන්) නවුෂාඩ් කසීම්, සහකාර සාමන්‍යාධිකාරී – ශාඛා විකුණුම් බෙදාහැරීම් සකීර් කණක

අමානා තකාෆුල් ජෙනරල් ඉන්ෂුවරන්ස්හි විකුණුම්කරුවෙකු සඳහා පිරිනැමෙන ඉහළ ම ගෞරවයවන ‘ශූරයින්ගේ ශුරයා 2024’ සම්මානය එන්ටර්ප්‍රයිස් කණ්ඩායමේ සහකාර විකුණුම් කලමනාකර චරිත් කෝරළට පිරිනැමිණි. 

“මෙම සම්මාන මගින් ඇගයුමට ලක් කෙරෙන්නේ අප තුළ පවතින නොසැලෙන ගුණය, කණ්ඩායම් හැඟීම සහ සාමූහික අරමුණයි. විශිෂ්ටත්වය සහ විශ්වාසය කෙරෙහි දක්වන දැඩි කැපවීම මත අප ඉදිරියට ගමන් කරමින් සිටිනවා. එම ගමනේ සෑම දිනකදීම අපගේ ඉලක්කය සැබෑවක් බවට පත් කිරීමට ඔබ සියලු දෙනා දක්වන අසමසම කැපවීම මා හදවතින්ම අගය කරනවා,” යනුවෙන් මෙහිදී අමානා ජෙනරල් ඉන්ෂුවරන්ස් සභාපති සුල්ෆිකර් ගවුස් මහතා සඳහන් කළේය.මෙරට ජනතාවගේ විවිධ අවශ්‍යතා සපුරාලීම සඳහා අමානා තකාෆුල් සමාගම දක්වන කැපවීම ද සම්මාන උළෙලේදී යළිත් තහවුරු විය. මෝටර්, සෞඛ්‍ය, නිවාස, සංචාර, ව්‍යාපාරික සහ නාවුක ආදී පුළුල් පරාසයක විහිදුණු පරිපූර්ණ ජීවිත සහ සාමාන්‍ය රක්ෂණ විසඳුම් සමගින් එම සමාගම, නවෝත්පාදනය සහ ඇතුළත්කරණය හරහා අඛණ්ඩව පාරිභෝගිකයින් හට අගය එකතු කිරීමට කටයුතු කරයි. “රටේ සැමට එක ලෙස” යන සන්නාම ප්‍රතිඥාව අනුව යමින් අමානා තකාෆුල් සමාගම මෙරට සෑම දිශාවකම වඩාත් වැදගත්ම දෑ සඳහා රැකවරණය ලබා දීමට කැපවී සිටී.


Share with your friend
Exit mobile version