Eyeview Sri Lanka

ආරම්භයේ සිටම ශක්තිමත් සන්නාම අනන්‍යතාවයක්  ගොඩනැගීමේ සමාජ මාධ්‍යයේ උපාය මාර්ගික භූමිකාව

Share with your friend

නුවන් විතානගේ විසිනි

සන්නාමයක අනන්‍යතාව ඉහළ නැංවීමට හෝ බිඳ දැමීමට ඩිජිටල් ලෝකය සතුව සුවිසල් හැකියාවක් ඇත. තරඟකාරී වෙළෙඳපොල තුළ ස්ථාවරත්වයක් ගොඩනගා ගැනීමට අපේක්ෂා කරන ආරම්භක හෝ කුඩා ප්‍රමාණයේ ව්‍යාපාරයන්ට ඒ වෙනුවෙන් ශක්තිමත් සන්නාම අනන්‍යතාවක් ගොඩ නගා ගැනීම අත්‍යාවශ්‍ය වේ. මේ සඳහා ශක්තිමත්ම හා ලාභදායීම ක්‍රමවේදය වන්නේ සමාජ මාධ්‍යයයි. ව්‍යාපාරයන්ට තමන් ඉලක්ක කරන පාරිභෝගිකයින් සමඟ සම්බන්ධ වීමට  හා තම ව්‍යාපාරයේ වැදගත්කම ප්‍රදර්ශනය කිරීමට මෙන් අනෙකුත් තරඟකාරී ආයතන සමඟ කැපී පෙනීමට සමාජ මාධ්‍ය තුළින් ලබා දෙන්නේ සුවිසල් ශක්තියකි.

Nuwan Withanage

සමාජ මාධ්‍යයන්හි උපාය මාර්ගික වටිනාකම ප්‍රයෝජනයට ගැනීම

පෙර සඳහන් කළ පරිදි ව්‍යාපාරයන්ට තම සන්නාම අනන්‍යතාවක් ගොඩනගා ගැනීම වෙනුවෙන් සමාජ මාධ්‍යන්හි ආයෝජනය කිරීම වඩාත් වැදගත් තීරණයක් වනු ඇත. විශේෂයෙන් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයන් සඳහා අඩු වියදමකින් වැඩි පාරිභෝගික පිරිසක් වෙත ළඟා වීමට හොඳම අවස්ථාව මෙය වන බැවින් ඒ සඳහා ආයෝජනය කිරීම කාලෝචිත වේ. විශාල ආයෝජන මුදලක් අවශ්‍ය සාම්ප්‍රදායික අලෙවිකරණ ක්‍රමයන් මෙන් නොව මෙම සමාජ මාධ්‍ය නාලිකා තුළ සත්‍යය හා නිවැරදි බව, නිර්මාණශීලීත්ව හා ක්‍රියාකාරී වීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම තුළින් තරඟකරුවන් විශාල ප්‍රමාණයක් සමඟ තරග කරමින් තමන්ගේ අනන්‍යතාව ගොඩනගා ගැනීමට හැකියාව උදා වේ.

සමාජ මාධ්‍යයන්හි ඇති හැකියාව අවබෝධ කර ගැනීම තුළින් මෙය වඩ වඩාත් සාර්ථකව සිදු කළ හැකිය. එය විශේෂයෙන් පාරිභෝගිකයින් සමඟ මනා සබඳතාවක් ගොඩනගා ගත හැකි මාධ්‍යයක් වන අතර ඒ හේතුවෙන් සන්නාමයක අනන්‍යතාව ගොඩ නගා ගැනීමට එය ඉමහත් රුකුලක් වනු ඇත. ඒ මොහොතේදීම ලබා දෙන ප්‍රතිචාර හා ප්‍රේක්ෂකයාගේ කැමැත්ත මත පදනම්ව අන්තර්ගතයන් වෙනස් කිරීමට හා ගොඩනැගීමට මෙහිදී හැකියාව උදා වේ. එසේ හෙයින් මෙහි ආයෝජනය උපරිම ප්‍රතිලාභ ලබා දෙන අතරම පාරිභෝගිකයා සමඟ දිගු කාලීන සන්නාම සබඳතාවක් ගොඩනගා ගැනීමට ද හැකියාව උදා වේ.

මූල්‍ය වගකීම හා සන්නාම අනන්‍යතාවය

අවම වියදමක් යටතේ ඉහළම ප්‍රතිලාභයක් ලබා ගත හැකි මෙය සමාරම්භක ව්‍යාපාරයන්ට වඩාත් ගැලපෙන නිවැරදි අලෙවිකරණ මාධ්‍යයයි. විශාල මුදලක් ආයෝජනය නොකර තමන්ගේ ඉලක්කගත පාරිභෝගිකයා වෙත පණිවිඩ ලබා දීමට මෙන්ම ඔවුන්ගේ ප්‍රතිපෝෂණයන් ක්ෂණික ලබා ගැනීමට අවස්ථාව උදා කර දෙන මෙය පිරිවැය කාර්යක්ෂම කරමින් පාරිභෝගිකයා සමඟ මනා සබඳතාවක් පවත්වා ගැනීමට ඉඩ සළසයි.

මෙහිදී විනිවිදභාවය හා ස්ථාවර ක්‍රියාකාරීත්වයට මුල් තැන දීම තුළින් මූල්‍ය වශයෙන් ශක්තිමත් හා ඉහළ තත්වයේ සන්නාමයක් නිර්මාණයක කිරීමට ව්‍යාපාරයන්ට හැකි වේ. සාම්ප්‍රදායික අලෙවිකරණ ක්‍රමයන් සඳහා මෙන් විශාල මුදලක් වැය නොකරමින් පාරිභෝගිකයින් සමඟ ඍජුව සම්බන්ධතා ගොඩනගා ගැනීමටත්, විශ්වාසවන්ත ප්‍රජාවක් ගොඩනැගීමටත් මෙන්ම සමානාත්මතාවය ඉහළ නැංවීමටත් කදිම අවස්ථාවක් වන මේ තූලින් ව්‍යාපාරිකයින් හට කරදරයකින් තොරව ඉහළ ප්‍රතිලාභ අත්කර ගැනීමට අවකාශ උදා කර දෙයි.

නව ප්‍රවණතා හා නවෝත්පාදන තුළින් ආයෝජනයේ ප්‍රතිලාභ ඉහළ නැංවීම

සමාජ මාධ්‍යයන්හි ආයෝජනයේදී පාරිභෝගිකයා සමඟ අඛණ්ඩ සබඳතාවක් පවත්වා ගැනීම සඳහා නිරන්තරයෙන් සමාජ මාධ්‍ය වේදිකාවෙහි ක්‍රියාකාරීව සිටීම ඉතා වැදගත් වේ. එහිදී පාරිභෝගිකයා සමඟ අන්තර් ක්‍රියාකාරී නිර්මාණයන් හුවමාරු කර ගැනීම ඔවුන්ගේ අන්තර්ගතයන් පිළිබඳ අවබෝධය වැනි නව ප්‍රවණතා හා නවෝත්පාදනයන් ව්‍යාපාර සන්නාම අනන්‍යතාවන් ශක්තිමත් කිරීමට මහත් පිටිවහලක් වේ. මෙම නවෝත්පාදනයන් වර්ධනය කරමින් ඉදිරියට ගෙන යාම පිරිවැය පාලනය කිරීමට මෙන්ම අලෙවිකරණ ප්‍රයත්නයන්හි ප්‍රතිලාභ ඉහළ නැංවීමටද හේතුවක් වනු ඇත.

නිදසුනක් ලෙස දැක්වීමේදී TikTok වැනි සමාජ මාධ්‍ය වේදිකාවන්හි ඇති දත්ත විශ්ලේෂණ මෙවලම් භාවිත කිරීම තුලින් ව්‍යාපාරයන්ට තම ව්‍යාපාරයන්හි සාර්ථකත්වය මැන ගැනීමට සහ තම අලෙවිකරණ වියදම් මනාව යොදා ගැනීමට අවස්ථාව සැලසේ. ආයෝජනය කරන සෑම ඩොලරයක් තුළින්ම ප්‍රතිලාභයක් අත්වන බව මූල්‍ය ප්‍රතිඵල තුළින් මූල්‍ය නිලධාරීන්ට තහවුරු කළ හැකි අතර දත්ත මත පදනම්ව තීරණ ගැනීමේ හැකියාවද ව්‍යාපාරයන්ට හිමි වේ.

සන්නාම සංවර්ධනයෙන් ඔබබ්ට යමින් නව සමාජ වේදිකා වෙළෙඳපොලට පිවිසීමට, උපාය මාර්ගික හවුල්කාරීත්වයන් ඇති කර ගැනීමට මෙන්ම ගෝලීය ව්‍යාපෘති සමඟ සම්බන්ධ වීමටද මේ තුලින් ඉඩකඩ සැලසේ.  සමාරම්භක කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයන්ට විශාල මුදලක් ආයෝජනයකින් තොරව සමාජ වේදිකාව තුළ තම ව්‍යාපාරය වර්ධනය කිරීමට හැකියාව ඇති අතර කාලයත් සමඟ එය ශක්තිමත් සන්නාමයක් බවට පත් කර  ගැනීමට හැකියාව උදා වේ.

සමාජ මාධ්‍ය යනු අලෙවිකරණය සඳහා පමණක් වන වේදිකාවක් නොවන අතර උපාය මාර්ගික වත්කමක් ලෙසද සඳහන් කළ හැකිය. එය සන්නාමයේ අනන්‍යතාව ස්ථාපිත කිරීම හා වැඩි දියුණු කිරීම සඳහා පිරිවැය ඵලදායී, මැනිය හැකි හා දත්ත මත පදනම් වූ ප්‍රවේශයක් ලබා දෙමින් මූල්‍ය නිලධාරීන් හට සන්නාම ගොඩනැගීමේ පහසුව අත්කර දෙයි.

සමාජ මාධ්‍ය උපාය මාර්ගිකව භාවිත කිරීම තුළින් ශක්තිමත් සන්නාමයක් ගොඩනැගීමේ අවස්ථාව ව්‍යාපාරයන්ට උදා වන අතරම ඒ තුළින් දිගු කාලීන මූල්‍ය ප්‍රතිලාභයන්ද පහසුවෙන් අත්කර ගත හැකිය. මෙම හැකියාව හඳුනා ගැනීමෙන් හා ඒවා උපාය මාර්ගයන් සමඟ එක් කිරීමෙන් දිගු කාලයක් පුරා ඩිජිටල් අවකාශය තුළ සිය සන්නාම අනන්‍යතාව පවත්වා ගැනීමට ව්‍යාපාරයන්ට අවකාශ උදා වේ.

(කතුවරයා සොෆ්ට්ලොජික් ලයිෆ් හි ප්‍රධාන මූල්‍ය නිලධාරී, ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ කමිටු සාමාජික හා ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ හිටපු කමිටු සාමාජිකයෙකි.)


Share with your friend
Exit mobile version