ආර්ථික දුෂ්කරතා ඇති පවුල් 70,000 ක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පිහිටුවන ලද ‘ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය සඳහා වූ ජාතික ඒකාබද්ධ යාන්ත්රණයට’ රුපියල් මිලියන 174 ක් වටිනා කිරිපිටි ලබාදීමට ෆොන්ටෙරා සමාගම පියවර ගෙන තිබේ.

එම කිරිපිටි තොගය නිල වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට භාරදීම ෆොන්ටේරා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ජුඩිත් ස්වොල්ස් මහත්මිය විසින් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (17) සිදු කෙරිණි.
රට පුරා සිටින ආර්ථික දුෂ්කරතාවයෙන් පෙළෙන හඳුනාගත් පවුල් 70,000ක් වෙත දිස්ත්‍රික් ලේකම් කාර්යාලහරහා මෙම කිරිපිටි ලබා දීමට නියමිතය.
එම අවස්ථාවට එක් වූ ජාතික ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ජනාධිපති කමිටුවේ සභාපති සහ ජනාධිපති උපදේශක ආචාර්ය සුරේන් බටගොඩ මහතා ප්‍රකාශ කළේ, රජයේ ආහාර සුරක්ෂිතතා වැඩසටහනේ දැක්ම වනුයේ සෑම පුරවැසියෙකුටම අවශ්‍ය පෝෂණය ලැබීම සහතික කිරීම බවයි.
එහි මූලික පියවරෙහි අරමුණු වඩාත් අවදානමට ලක් වූ පවුල්වල පෝෂණ අවශ්‍යතාවයන් සැපිරීමට සහාය දීම බවත් ඒ සඳහා උපකාර කිරීමට ඉදිරිපත් වීම ගැන ෆොන්ටෙරා සමාගමට ස්තූති වන බවත් ඒ මහතා පැවසීය.
නිවැරදි දේ කිරීමට කැපවී සිටින වගකිවයුතු ආයතනයක් ලෙස, ෆොන්ටෙරා සමාගම ශ්‍රී ලාංකිකයින්ට උසස් තත්ත්වයේ කිරි පෝෂණය සැපයීමට උපරිමයෙන් කටයුතු කරයි. මෙම සත්කාර්ය, සමාගම පසුගිය වසර 40 තුළ ආරම්භ කර ඇති ප්‍රජා සේවයේ දිගුවකි.