‘කැලණි සවිය’ විද්‍යාර්ථීන්ගේ සංගමය වතුපිටිවල මූලික රෝහලේ වාට්ටුවල විදුලි රැහන් පද්ධති වැඩිදියුණුකිරීමේ සමාජ සත්කාරයක් සිදුකරයි

Share with your friend

‘කැලණි සවිය විද්‍යාර්ථීන්ගේ සංගමය’ විසින් වතුපිටිවල මූලික රෝහලේ වාට්ටු කිහිපයක විදුලි රැහන් පද්ධතිය වැඩිදියුණුකිරීමේ සමාජ සත්කාරක වැඩසටහනක් පසුගියදා සිදුකරනු ලැබීය. ‘කැලණි සවිය විද්‍යාර්ථීන්ගේ සංගමය’ ශ්‍රී ලංකාවේ අංක 1 ආරක්ෂිත විදුලි රැහැන් වෙළඳනාමයවන කැළණි කේබල්ස් ඡඛක්‍ සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනවන ‘කැළණි සවිය’ විදුලි කාර්මික පුහුණු පාඨමාලාවෙන් බිහිවූ විදුලි කාර්මිකයන්ගේ සංගමය වන අතර මෙම සමාජ සත්කාරක වැඩසටහන සිදුකෙරුණේ එහි පළමු සංවත්සරය සමරමිනි. වසර 110ක් ඉපැරණි වතුපිටිවල මූලික රෝහලේ වාට්ටු අංක 10, 13 හා 15 හි මෙම විදුලි රැහන් පද්ධතිය යාවත්කාලීන කෙරුණේ අවශ්‍ය විදුලි උපාංග පවා සපයමිනි. ‘කැලණි සවිය විද්‍යාර්ථීන්ගේ සංගමයේ’ මෙම සමාජ සත්කාරක වැඩසටහන සඳහා අවශ්‍ය මඟපෙන්වීම හා උපදෙස් කැලණි කේබල්ස් සමාගමේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී, මහින්ද සරණපාල මහතා හා අලෙවි සාමාන්‍යාධීකාරී, ආචාර්ය, අනිල් මුණසිංහ මහතා විසින් ලබාදුණි.

වතුපිටිවල මූලික රෝහලේ වාට්ටුවල විදුලි රැහන් නොමිලේ යාවත්කාලීන කිරීමේ වැඩසටහනට ‘කැලණි සවිය විද්‍යාර්ථීන්ගේ සංගමයේ’ සාමාජිකයන් 25ක් හා කොළඹ ෂහිරා විද්‍යාලයේ 12වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් 9දෙනෙකු ශ්‍රම හා දැනුම් දායකත්වය ලබාදුණි. එම සිසුන් කොළඹ ෂහිරා විදුහලේ අංශ ප්‍රධානියෙකු ලෙස කටයුතුකරන ‘කැලණි සවිය විද්‍යාර්ථීන්ගේ සංගමයේ’ උප සභාපති නීල් ඉලුක්කුඹුර මහතා යටතේ විදුලි රැහන් එලීම හා උපාංග සවිකිරීම පිළිබඳ හදාරන සිසුන් වේ. 

කැලණි කේබල්ස් සමාගම හා පේරාදෙණිය විශ්ව විද්‍යාලය එක්ව වසර 2007දී ඇරඹුණු ‘කැලණි සවිය’ එක් අවුරුදු විදුලි කාර්මික පුහුනු පාඨමාලාව මෙරට විශ්ව විද්‍යාලීය සහතිකයක් පිරිනමන එකම පාඨමාලාවද වේ. දෙස් විදෙස් හි කදිම පිළිගැනුමක් හිමි කුසලතාපූර්ණ විදුලි කාර්මිකයන් 500කට අධික පිරිසක් දැනටමත් එම වැඩසටහන බිහිකර තිබේ.

වතුපිටිවල මූලික රෝහලේ සිදුකෙරුණු මෙම සමාජ සත්කාරක වැඩසටහනට ‘කැලණි සවිය විද්‍යාර්ථීන්ගේ සංගමයේ’ සභාපති, ජී.ඩී.කේ සමරනායක, විධායක කමිටු සාමාජිකයන්වන මොහොමඩ් ෂැකී, නන්දන උඩවත්ත, නිශාන්ත ප්‍රේමකුමාර හා එච්. ජයසේකර හා කැලණි කේබල්ස් සමාගම වෙනුවෙන් අලෙවි සාමාන්‍යාධීකාරී, ආචාර්ය, අනිල් මුණසිංහ, අලෙවි කළමනාකරු, චන්න ජයසිංහ, ක්ෂේත්‍ර අලෙවි කළමනාකරු, දර්ශන ගම්ලත් හා ‘කැලණි සවිය’ පාඨමාලා සම්බන්ධීකාරක ජයන්ත විජේසිංහ සහභාගී වූහ. 

100%ක්ම දේශීය සමාගමකවන කැළණි කේබල්ස් සමාගම, ගෙවුණු 53 වසර පුරා දෙස් විදෙස් හි පිරිනැමෙන බොහෝ තත්ත්ව සහතික රැසකට හිමිකම් කී සමාගමකි. ඒ අතර ISO 9001 තත්ත්ව කළමනාකරණ පද්ධති හා ISO  14001 පරිසර කළමනාකරණ සහතිකය ලබා ඇත. එමෙන්ම එම සමාගම ගෞරවනීය සම්මාන රැසක් දිනාගෙන ඇත. ඒ අතර 2017 හා 2019 වසරවලදී World Class Global Performance Excellence Awards සම්මානයෙන්ද පිදුම් ලැබූ කැලණි කේබල්ස් සමාගම වසර 2012, 2013, 2016, 2017 හා 2019 යන වසරවලදී SLIM Brand Excellence හි B2B අංශයේ රන් සම්මානය, 2018 SLIM Brand Excellence හි B2B අංශයේ රිදී සම්මානය කැලණි කේබල්ස් සමාගම දිනාගත්තේය. තවද 2015 හා 2018දී SLIM Brand Excellence සම්මාන උළෙලේදී විශිෂ්ටතම ආයතනික සමාජ සත්කාරක වෙළෙඳනාමය ලෙසින් රීදී සම්මානය දිනාගත් කැලණි කේබල්ස් සමාගම වසර 2016දී සමාජ කතිකා හා වැඩපොල සහයෝගීතා රන් සම්මානය හා National HR Excellence රීදී සම්මානයෙන් පිදුම් ලැබීය. එමෙන්ම එම වසරේදීම ‘ජනාධිපති පරිසර සම්මාන උළෙල – 2016 දී (Presidential Environmental Awards) විශිෂ්ටතම හරිත වාර්ථාකරණය වෙනුවෙන් පිරිනැමෙන රන් සම්මානය හා ව්‍යාපාරික විශිෂ්ටත්වය වෙනුවෙන් පිදෙන ජාතික තත්ත්ව සම්මානය හිමි කරගැනීමට සමත්විය. තවද 2015 හා 2016 වසරවලදී ‘ආසියාවේ විශිෂ්ටතම සේවායෝජක සන්නාම සම්මානය’ හිමිකරගැනීමටද කැලණි කේබල්ස් සමාගම සමත්විණ. එයට අමතරව එම සමාගම 2015 ජාතික හරිත සම්මානය, GEO Responsibility Award -2014, ‘ජාතික පිවිතුරු නිෂ්පාදන සම්මානය 2012 හා 2013’ හිමිකරගෙන ඇත. එමෙන්ම සේවක පුහුනුව හා සංවර්ධනය වෙනුවෙන් සැපයෙන දායකත්වය වෙනුවෙන් පිරිනැමෙන SLITAD People Development – 2013 රන් සම්මානය දිනාගැනීමට සමත් වූ කැලණි කේබලස් සමාගම කර්මාන්ත විශිෂ්ටත්ව රන් සම්මානය 2006, 2007 2008 යන වසරවලදී දිනාගනු ලැබිණ. 2008දී කර්මාන්ත විශිෂ්ටත්ව පළිඟු සම්මානය, 2006 හා 2016දී ජාතික තත්ත්ව සම්මානය, 2007දී ටයිකි අකිමොටෝ 5S රන් සම්මානය, 2010දී ජාතික සුරක්ෂිතතා රන් සම්මානය, එමෙන්ම කැළණි කේබල්ස් තිරසාර ආර්ථික, සමාජ හා පාරිසරික සංවර්ධනයට ප්‍රතිඥාදෙමින් National Green Reporting System ක්‍රමවේදයට අනුගත ශ්‍රී ලංකාවේ පළමු සමාගම් කිහිපය අතරට එක්වූ සමාගමකි. තවද පරිසර හිතකාමී හා වෘත්තීය සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් දක්වන විශිෂ්ට දායකත්වය වෙනුවෙන් Responsibile Care ලාංජනය භාවිතාකිරීමේ සහතිකය හිමි සමාගමක් හෙයින් කැලණි කේබල්ස් නිෂ්පාදනවලට අපනයන වෙළෙඳපොලේ විශේෂිත පිළිගැනුමක් හිමිවේ.


Share with your friend
Leave a Comment

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply