ජීවිතයේ සැබෑ රසවින්දනය අරුත් ගන්වමින් SAMSUNG ශ‍්‍රී ලංකා 2021 2021 Neo QLED 8K රූපවාහිනී නිෂ්පාදන පෙළක් හඳුන්වා දෙයි

Share with your friend

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන සැම්සුන් ඔබ මෙතෙක් අත් නොවිඳි අසමසම තාක්ෂණයක් සමඟින් ආකර්ෂණීය 2021 2021 Neo QLED 8K රූපවාහිනී නිෂ්පාදන පෙළ වෙළෙඳපොලට හඳුන්වා දෙන ලදී. විශේෂයෙන් ආකර්ෂණීය නිමාවෙන් යුත් LED රූපවාහිනියක් ලෙස මෙන්ම වැඩි දියුණු කළ මෘදුකාංග ක‍්‍රියාවලියක් තුළින් නව්‍යකරණ නිෂ්පාදන පෙළක උරුමය මෙරට පාරිභෝගිකයා වෙත හිමිකර දීමට සැම්සුන් කටයුතු කර ඇත. Quantum Matrix තාක්ෂණයෙන් සහ Neo Quantum ප්‍රොසෙසරයකින් සන්නද්ධව මෙරට නරඹන්නන් වෙත හඳුන්වා දෙනු ලබන සැම්සුන්හි පූර්ණ හිමිකම සහිත Neo Quantum Mini LED මෙතෙක් අත් නොවි`දි රසවින්දනයක් ඔබ වෙත ගෙන එනු නිසැකය.

රූපවාහිනියක් නැරඹීම තුළින් ලබා ගත හැකි උපරිම ආශ්වාදයකට හා රසවින්දනයකට හේතුවන රූප රාමුවල  සුපැහැදිලි බව මෙන්ම ගුණාත්මකභාවය වෙනුවෙන් සුසැදි තාක්ෂණය සහ විශේෂාංග රැසක්ද මෙම නව නිෂ්පාදන පෙළෙහි අන්තර්ගතය. විශේෂයෙන් සුපැහැදිලි භාවයේ සිට එය ඉහළ නැංවීම දක්වාත්, දීප්තිමත් බවේ සිට පසුබිම් ආලෝකය පාලනය දක්වාත් මෙන්ම ඉහළම වර්ණ පරාසයන් දක්වාත් වන සියලූ විශේෂාංගයන් එක්තැන් කළ මෙම නවතම නිෂ්පාදන පෙළ උසස් තත්වයේ රූපරාමු තිරය මතට ගෙන ඒමට සමත් වන්නේ නරඹන්නාට උපරිම ආශ්වාදයක් එක් කරමිනි.

ඉතා තුනී හා ආකර්ෂණීය Infinity One නිමැවුමකින් සමන්විත නවතම Neo QLED 8K පෙළ පාරිභෝගිකයාට තවත් සුව පහසුවක් අත් කර දෙන්නේ සැහැල්ලූ නිෂ්පාදනයක් ඔවුන් වෙත ලබා දෙමිනි. මිලිමීටරයකටත් අඩු අවම හැඩය හේතුවෙන් නරඹන්නන්ට සම්පූර්ණ තිරයට දැක ගැනීමේ අවස්ථාවද උදා කර දී ඇති Neo QLED 8K පෙළ ආලින්දයේ බිත්තියට සවි කිරීමේ හැකියාව නිසා ඊට ආකර්ෂණීය බවක්ද නිතැතින්ම හිමි කර දෙමින් නිවසට අලංකාරවත් බවක්ද, වැඩි ඉඩක්ද හිමි කර දෙනු නිසැකය.

Quantum Mini LED ආලෝක ප‍්‍රභවයක් තුළින් දීප්තිමත් තිරයක් දෑස් ඉදිරිපිට ගෙන එන්නට සැම්සුන් 2021 Neo QLED සමත්ය. සාමාන්‍යයෙන් පිළිගත් LED මොඩලයන්ට වඩා දහස් ගණනක් වූ LEDවලින් සමන්විත රූපවාහිනී තිර තාක්ෂණයක් වන Quantum Mini LEDs පසුබිම් ආලෝකය මනාව පාලනය කරමින් නිවැරදි හා වෛර්ණ රූප රාමු තිරය මතට ගෙන එයි. 

Quantum Mini LED හි සියුම් බව පිටුපස ඇති රහස නම් LED තුළම මයික්‍රොලේයර් සවි කිරීම සඳහා සැම්සුන් සතු මයික්‍රොලේයර් තාක්ෂණයයි. රූපවාහිනියේ සම්ප‍්‍රදායික තාක්ෂණය අතික‍්‍රමණය කළ මෙම තාක්ෂණය භාවිත කරනු ලබන්නේ LED මූල ද්‍රව්‍ය අතර අසාමාන්‍ය ශබ්දය ඉවත් කිරීම සහ ඒ සතු ගැඹුරු අඳුරු පැහැය විහිදීමකින් තොරව රූපරාමු වෙත ගෙන ඒම වෙනුවෙනි.

Quantum Mini LED හි ඇති ආලෝක ප‍්‍රභවයේ මනා පාලනය වෙනුවෙන් 2021 Neo QLED 8K නිෂ්පාදන පෙළට සැම්සුන් සතු Quantum Matrix තාක්ෂණය යොදා ගෙන ඇති අතර ඒ හරහා බිටි 12 ප‍්‍රමාණය වැඩි දියුණු කිරීමද සිදු වේ. සාමාන්‍යයෙන් LED රූපවාහිනීවල පවතින 10-bit තිරයට වඩා හතර ගුණයකින් වැඩි 4096ක තරම් සුවිසල් මට්ටමක් හරහා එහි ආලෝකය පාලනය කිරීමේ අවස්ථාව රූපවාහිනියට හිමි කර දීම තුළින් එකිනෙකට වෙනස් වර්ණයන් මෙන්ම දීප්තිමත් අඳුරු පැහැය අවශ්‍ය ආකාරයෙන් ලබා ගැනීමේ හැකියාවන්ද වැඩි දියුණු කරනු ලබයි.

තවද නරඹන්නාට වැඩි පහසුවක් අත්කර දීම වෙනුවෙන් රූපවාහිනිය නරඹන පරිසරයේ ආලෝකයට අනුව දීප්තිමත් බව කළමනාකරණය කර ගැනීමේ හැකියාවද මෙහි ඇති තවත් විශේෂත්වයකි. එහිදී වඩා කාර්යක්ෂම ආකාරයෙන් විදුලි බලය කළමනාකරණය කරමින් උපරිම දීප්තියක් ලබා ගැනීමට මෙන්ම අඳුරු ප‍්‍රදේශයන්හි භාවිතයට නොගත් විදුලි බලය උපයෝගී කොට ගනිමින් ඒවා දීප්තිමත් ප‍්‍රදේශ වෙත ගෙන යමින් දීප්තිමත් ප‍්‍රදේශ දීප්තිමත් ලෙසත් අඳුරු ප‍්‍රදේශ අඳුරු ලෙසත් මනාව දැක ගැනීමේ හැකියාව නරඹන්නාට ලබා දෙනු ඇත. Quantum Matrix තාක්ෂණය තුළින් Quantum Mini LED සතු හැකියාවන්ගෙන් උපරිම ප‍්‍රයෝජන ලබා ගනිමින් ඒ සියල්ල ඉතා සියුම් ප‍්‍රමාණයේ LED එකක් වෙත ගෙන එමින් නරඹන්නන්ට පුළුල් වර්ණ පරාසයක් වඩා හොඳින් දැක ගැනීමේ අවස්ථාව හිමි කර දෙන්නේ මින් පෙර අත් නොවිඳි අත්දැකීමක් ඔවුන්ට ලබා දෙමිනි.

එමෙන්ම Quantum Mini LED සහ Quantum Matrix තාක්ෂණය මගින් පැහැදිලි හා විචිත‍්‍රවත් වෛර්ණ රූප රාමු නරඹන්නන් වෙත ඉදිරිපත් කිරීමට ඊට හැකි වී ඇත්තේ ඒ සතු ප‍්‍රබල Neo Quantum ප්‍රොසෙසරය සහ එහි ඇති කෘතිම බුද්ධිය ඉහළ නැංවීමේ සුවිශේෂී හැකියාව හේතුවෙනි. එහිදී එකවර බහු මාදිලි නාලිකා 16ක් එකවර ක‍්‍රියාත්මක වන අතර  ඒ තුළින් බාධාවකින් තොරව හෝම් තියටර් එකක අවශ්‍යතාව නරඹන්නාට ලබා දීමට 2021 Neo QLED 8K පෙළ සමත් වේ.

මානව ඉගෙනුම් හා මතකය අනුකරණය කරන ආකාරයේ කෘතිම බුද්ධියක් සහිත බලයකින් ක‍්‍රියාත්මක වන සංකීර්ණ ඉගෙනුම් තාක්ෂණයක් එහි ඇතුළත් වන අතර 2021 Neo QLED 8K තුළ Neo Quantum ප්‍රොසෙසරය එක් නාලිකා පද්ධතියකින් 16ක් දක්වා විහිද ගොස් ඇති හෙයින් තාක්ෂණයේ තවත ඉදිරි පියවරක්ද මේ තුළින් මනාව ප‍්‍රකට වේ. එකිනෙකට වෙනස් මෙම නාලිකා 16 දීප්තිය, පැහැදිලි බව හා තවත් විවිධ විශේෂාංගයන් මත පදනම්ව ක‍්‍රියාත්මක වේ. 

මිල, ඔබට ලැබෙන විශේෂ දීමනා හා ලබා ගත හැකි ස්ථාන

සැම්සුන්හි නවතම හඳුන්වාදීම වන Neo QLED 8K රූපවාහිනී අඟල් QN800A 75 සහ අඟල් 85 QN900A යන මාදිලි දෙකෙන්ම මිලදී ගැනිමේ හැකියාව ඔබ සතුය.

රුපියල් 2,199,990 සිට සැම්සුන්හි බලයත් හවුල්කරුවන් වන Softlogic, Singer, Singhagiri හා Damro වෙතින් මිලදී ගත හැකිය.

සෑම Neo QLED 8K රූපවාහිනී මිලදී ගැනීමක් සමගම රුපියල් 99,990ක් වටිනා Q60T සවුන්ඞ් බාර් එකක්ද නොමිලයේ ලබා දීමටද සැම්සුන්ග් කටයුතු කර ඇත.


Share with your friend
Leave a Comment

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply