ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මෙන්ම බහුවිධ සම්මානලාභී නම්‍යශීලී ඇසුරුම්කරණ විසඳුම් සැපයුම්කරුවෙකු වන ජේ එෆ් පැකේජින් සමාගම සිය ආයෝජක සමුළුව 2025 ඔක්තෝබර් මස 21 වන දින කොළඹ සිනමන් ලයිෆ් හෝටල් පරිශ්‍රයේ ‘ද ස්ටුඩියෝ’ හිදී සාර්ථකව පවත්වන ලදී. ප්‍රබල දේශීය හා ජාත්‍යන්තර ආයෝජකයින් මෙන්ම මාධ්‍යවේදීන් රැසකගේ සහභාගීත්වය මෙම අවස්ථාවට හිමි විය.

ඉහළ වත්කම් සහිත පුද්ගලයින්, ව්‍යාපාර ආයෝජකයින්, ආයතනික අරමුදල්, සහ ආයෝජන විශ්ලේෂකයින් රැසක් සහභාගී වූ මෙම සමුළුව මඟින්, සමාගමේ මෙහෙයුම්, වර්ධන උපාය මාර්ග සහ තිරසාරත්වය කේන්ද්‍ර කර ගත් නවෝත්පාදන පිළිබඳව ගැඹුරු අවබෝධයක් ලබා දෙන ලදී.
සමුළුව අතරතුර, ජේ එෆ් පැකේජින් හි කළමනාකාරීත්වය විසින් සමාගමේ මූල්‍ය කාර්ය සාධනය, තරඟකාරී වාසි, සහ ඉදිරියේදී නිකුත් කිරීමට නියමිත මූලික මහජන කොටස් නිකුතුව (IPO) හරහා රැස් කරන අරමුදල් යෙදවීමට අපේක්ෂිත සැලසුම් ඉදිරිපත් කරන ලදී.
එමෙන්ම, සහභාගී වූවන්ට සමාගමේ කළමනාකාරීත්වය සමඟ සෘජුවම ප්‍රශ්නෝත්තර සැසියකට සම්බන්ධ වීමට අවස්ථාව ලැබුණු අතර, එමඟින් සමාගමේ දැක්ම සහ දිගුකාලීන වර්ධන විභවය පිළිබඳව වඩාත් ගැඹුරු අවබෝධයක් ලබා ගැනීමට හැකි විය.
2025 ඔක්තෝබර් මස 30 වන දිනට මූලික මහජන කොටස් නිකුතුව (IPO) විවෘත කිරීමට නියමිතව ඇති පසුබිමක, මෙම ආයෝජක සමුළුවට ලැබුණු ඉහළ සහභාගීත්වය සහ ධනාත්මක ප්‍රතිචාර, කොටස් නිකුතුව කෙරෙහි වෙළඳපොලේ ඇති ප්‍රබල උනන්දුව පැහැදිලිවම පෙන්නුම් කරන සාධකයක් ලෙස සැලකේ.