ශ්‍රී ලංකාවේ යතුරු පැදි වෙළදපල නවතම දිශානතියකට රැගෙන යමින් TVS ලංකා සමාගම දේශීයව අගය එකතු කර එකලස් කරන ලද TVS යතුරු පැදි, ශ්‍රී ලංකාවේ සියලුම අංශ නියෝජනය වන පරිදි (මෝටර් සයිකල්, ස්කූටර් සහ Moped යතුරු පැදි) අපගේ පාරිභෝගිකයන් හට ලබා දීමට කටයුතු කරමින් සිටී. ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් තීරණාත්මක අවස්ථාවකට අවතීරණය වී සිටින මෙවන් සමයක, දේශීයව අගය එකතු කිරීමේ වැඩසටහන යටතේ TVS ලංකා සමාගම යතුරු පැදි කර්මාන්තයෙහි දියුණුව උදෙසා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනු ලබන අතර, එයින් ශ්‍රී ලාංකික පාරිභෝගිකයන් හට තිරසාර හා ලාභදායි ප්‍රවාහන විසදුම් ලබා දෙනු ලබයි.
කර්මාන්ත අමාත්‍යාංශය මගින් හදුන්වා දුන් දේශීයව අගය එකතු කර වාහන එකලස් කිරිමේ සම්මත මෙහෙයුම් පටිපාටිය යටතේ යතුරු පැදි එකලස් කිරීම සදහා නවතම වාහන එකලස් කිරීමේ සංකීරණයක් රුපියල් මිලියන 500ක පමණ ආයෝජනයක් සිදු කර 2022 වසරේදී හොරණ ප්‍රදේශයේ ආරම්භ කරනු ලැබීය. මෙයින් ශ්‍රී ලංකාව තුල සිටින වාහන අමතර කොටස් හා උපාංග නිෂ්පාදකයන් දිරි ගන්වමින් ඉන්දියාවේ TVS මව් සමාගම භාවිතා කරන ජාත්‍යන්තරව පිළිගත් තාක්ෂණික ක්‍රමවේදයන් හා ප්‍රමිතීන්ගේ පුහුණුව ද ඔවුනට ලබාදෙමින් ඉතා වටිනා කාර්යභාරයක් ඉටු කරමින් සිටියි. එම උපාංග නිෂ්පාදකයන්ට සහ TVS සමාගම තුල සේවය කරන සේවකයන් හට ද, ඉන්දියාවේ මව් සමාගම මගින් තාක්ෂණික දැනුම සහ පුහුණුව නිරන්තරයෙන් ලබා දෙමින් ඉහත කී කර්මාන්ත අමාත්‍යංශයේ වැඩ සටහනට නව මුහුණුවරක් කරා යොමු කිරීමට කටයුතු කරමින් සිටියි.

TVS ලංකා පුද්ගලික සමගෙමේ ප්‍රධාන විධායක නිලධාරී ගීතාල් ඇන්තනි මහතා පැවසුවේ “රුපියල අවප්‍රමානය කළමනාකරණය කිරීම සදහා දියත් වූ මෙම ප්‍රයත්නය ඉතාමත් කාලෝචිත යැයි අපි සිතනවා. ශ්‍රී ලංකාවේ අමතර කොටස් හා උපාංග නිෂ්පාදන අංශ දියුණු කිරීම සදහා අප ඇප කැප වී සිටින අතර, මෙම වැඩ සටහන වෙනුවෙන් සිදු කල ආයෝජනයන්හි ප්‍රතිඵලයක් ලෙස අපගේ උපාංග නිෂ්පදකයන් TVS සන්නාමය යටතේ ඔවුනට ලොව ඕනම රටකට උපාංග අපනයනය කිරීමට හැකියාව ලැබීම ගැන අපි සතුටු වෙනවා” යනුවෙනි.
TVS ලංකා සමාගමේ මෙම ප්‍රයත්නය ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට සහ දක්ෂ සේවකයන්ට රැකියා අවස්ථා ලබා දීමටත්, මෙම සැපයුම් දාමයට සම්බන්ධ දේශීය කුඩා හා මාධ්‍ය පරිමාණ ව්‍යාපාර (SME) වලට සුවිශේෂී පිටුවහලක් ලබා දීමටත් හැකි වී ඇති අතර එය ජාත්‍යන්තර පිළිගැනීමක් ලබා ගැනීමටද සමත් වී ඇත. TVS ඉන්දියා සමග සහයෝගෙන් ශ්‍රී ලංකාවේ ප්‍රවාහන අවශ්‍යතා සදහා නව්‍ය සහ තිරසාර විසදුම් ලබා දීමට TVS ලංකා සමාගම කැපවී සිටී.
TVS ලංකා සමාගම වසර 30කට වැඩි කාලයක් ශ්‍රී ලංකාවේ ප්‍රධාන සමාගමක් ලෙස, ප්‍රවාහන විසදුම්වල විශිෂ්ටත්වය වෙනුවෙන් විවිධ විශිෂ්ටතා සම්මාන ඇතුළු බොහෝ ඇගයීම් වලින් පිදුම් ලබා ඇත.
TVS ලංකා පුද්ගලික සමාගම විසින් TVS යතුරුපැදි, ස්කූටර්, මොපෙඩ්, ත්‍රිරෝදරථ සහ එහි නියම අමතර කොටස්, TVS ටයර් සහ ටියුබ් මෙන්ම Sonalika ට්‍රැක්ටර් සහ එහි නියම අමතර කොටස් එම ඔරිජිනල් සන්නාමයන්ගෙන්ම යුතු (OE) පුළුල් නිෂ්පාදන පෙළක් පාරිභෝගිකයන් වෙත ගෙනඑයි. එසේම, අලෙවියෙන් පසු සේවාවන් හිදී TVS ටයර්, ටියුබ්, UCAP අමතර කොටස් සහ උපාංග ඇතුළු පුළුල් නිෂ්පාදන පෙළක් ද නියෝජනය කරයි. TVSලංකා පුද්ගලික සමාගම සතු ශ්‍රී ලංකාව පුරා විහිදුණු 2,000කට අධික පුළුල් අලෙවි නියෝජිත ජාලයක් සමගින්, දිවයින පුරා සේවා විශිෂ්ටත්වය සහ පාරිභෝගික තෘප්තිය සහතික කරයි.
ශ්‍රී ලංකාවේ ආර්ථික වශයෙන් යථා තත්ත්වයට පත් වෙමින් සිටින මෙම අවස්ථාවේදී, ගෝලීය ප්‍රමිතීන්ට සහ ජාත්‍යන්තරව පිළිගත් තාක්ෂණික ක්‍රමවේදයන්ට අනුකූලව නවෝත්පාදනය සහ නිෂ්පාදන අංශ වල නිපුණත්වය හරහා දේශීය නිෂ්පාදන විසදුම් සෑම ශ්‍රී ලාංකිකයෙකුටම ලබා දීම TVS ලංකා ආයතනයේ අරමුණයි.