Eyeview Sri Lanka

නවතම  ZHONGTONG බස් රථ පෙළ ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

Share with your friend

ශ්‍රී ලංකාවේ මගී ප්‍රවාහන ක්ෂේත්‍රයේ නව පෙරළියක් ඇතිකරමින් නවතම ZHONGTONG ප්‍රිමියම් බස් රථ පෙළ එහි දේශීය නියෝජිතයා වූ Moveflex (Pvt) Ltd විසින් පසුගියදා ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන ලදී.  

ZHONGTONG නාමය ශ්‍රී ලාංකික වෙළඳපොළට හුරුපුරුදු නාමයක් වන අතර, වසර 85කට ආසන්න කාලයක් මෙරට රථ වාහන ක්ෂේත්‍රයේ නායකත්වය දරන DIMO සමාගමට අයත් ආයතනයක් වන  Moveflex (Pvt) Ltd,  වර්තමානයේ එහි දේශීය නියෝජිතයා ලෙස ශක්තිමත් අලෙවියෙන් පසු සේවා සහයෝගයක් සහිතව මෙම නවතම බස් රථ පෙළ වෙළඳපොළට හඳුන්වා දෙන ලදී.

මෙම ZHONGTONG බස් රථ පෙළ හඳුන්වාදීම සඳහා පැවති උත්සවයේ දී නව ZHONGTONG බස් 17ක් පාරිභෝගිකයන්ට ලබා දීම සිදු විය. එමඟින් ZHONGTONG බස් රථ සඳහා වෙළඳපොළේ ඇති විශ්වාසය හා ඉල්ලුම තවදුරටත් තහවුරු විය. 

නව ZHONGTONG පරාසයට L7, H8, H9, H11, H12 Single Glass, H12 Double Glass සහ New Magnate වැනි මාදිලි ඇතුළත් අතර, මෙම මාදිලි ආසන ධාරිතාව 28 සිට 51 දක්වා යුක්ත වේ. සංචාරක සේවා සමාගම්, අන්තර්නගර ප්‍රවාහන සේවා, රාජ්‍ය හා පෞද්ගලික ආයතන, විශ්වවිද්‍යාල සහ ව්‍යාපාරික ආයතනවල ප්‍රවාහන කටයුතු  වැනි විවිධ අවශ්‍යතා සඳහා මෙය සුදුසු වේ.

මෙම බස් රථ පෙළ 205 සිට 400 horse power දක්වා බලය ලබාදෙන Weichai එන්ජින්,  10% – 15% දක්වා ඉහල ඉන්ධන කාර්යක්ෂමතාව සහ අඩු නඩත්තු පිරිවැයකින් යුක්ත වන අතර  වැඩි ආයෝජන ප්‍රතිලාභ ලබාදෙයි. අති නවීන ආරක්ෂක විශේෂාංග සහ පුළුල් ඇතුළත ඉඩකඩ නිසා  මගීන්ට  උසස්  සුවපහසුක් ද ලබාදෙයි. රියදුරු  සඳහා, reverse camera, lane-assist විකල්ප සහ පුළුල් පිවිසුම් දොර ඇතුළු විශේෂාංගවලින් සමන්විත වේ.

Moveflex සමාගම DIMO CAREHUB ජාලය සමඟ එක්ව, දිවයින පුරා විහිදෙන, අලෙවියෙන් පසු සේවා ජාලයක් සැපයීමට කටයුතු කරයි. අනුමත සේවා මධ්‍යස්ථාන, ජංගම සේවා ඒකක, නියම  අමතර කොටස් බෙදාහැරීමේ ජාලය සහ රියදුරු පුහුණු වැඩසටහන් ඔස්සේ පාරිභෝගිකයන්ට දිගුකාලීන විශ්වාසනීය සේවයක්  ලබා දීමට සැලසුම් කර ඇත.

DIMO සමූහයේ  ප්‍රධාන අලෙවිකරණ නිලධාරී, දිනුක් පීරිස් මහතා පැවසුවේ “DIMO Moveflex මගින් ZHONGTONG හි නව පරාසය හඳුන්වා දීම, ශ්‍රී ලංකාවේ ගමනාගමන ක්ෂේත්‍රය ශක්තිමත් කිරීමේ විශාල පියවරක් වෙනවා. ලොව පුරා විශ්වාසනීය නාමයක්  වන ZHONGTONG සමග DIMO Moveflex හි පසු සේවා ශක්තියත් එකට එකතුවීමෙන් පාරිභෝගිකයන්ට වැඩි කාර්යක්ෂමතාවයකින් යුත් සේවාවක් ලබා දීමට හැකි වෙනවා.” යන්නයි.

South Asia Department of ZHONGTONG Overseas Marketing Company හි සාමාන්‍යාධිකාරී,  ජෙෆරි චෙන් මහතා ද මෙසේ අදහස් පළ කළේය. “ශ්‍රී ලංකාවේ පරිවර්තනය වන ප්‍රවාහන අවශ්‍යතා සපුරාලන ඉහල ඉන්ධන කාර්යක්ෂමතාවයක් සහිත නවීන බස් රථ මාලාවක් හඳුන්වා දීමට ZHONGTONG කැපවී කටයුතු කරනවා. DIMO Moveflex සමඟ ඇති මෙම හවුල්කාරිත්වය  ZHONGTONG හි ගෝලීය නිෂ්පාදන පළපුරුද්දත් DIMO සමූහයේ  දේශීය විශ්වාසනීයතාවත් එක් කරන ශක්තිමත් සම්බන්ධයක්.”

ලොජිස්ටික් ක්ෂේත්‍රයේ දීර්ඝ කාලීනව  පවතින විශ්වාසනීය නාමයක් වන DIMO  Moveflex දැන් මගී ප්‍රවාහන ක්ෂේත්‍රය වෙත ප්‍රවේශවෙමින්, තම පළපුරුද්ද හා ශක්තිය මත නව ගමනක් ආරම්භ කරයි. මෙම නව පියවර මගින් DIMO Moveflex, ශ්‍රී ලංකාවේ මගී ප්‍රවාහන ක්ෂේත්‍රයේ අනාගතය වෙනස් කරන ගමනාගමන විසඳුම් ගෙන ඒමට අපේක්ෂා කරයි.


Share with your friend
Exit mobile version