Eyeview Sri Lanka

නවොත්පාදන සමඟින් අරමුණු බලගැන්වූ හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් SLIM Digis 2.5 හිදී සම්මානයෙන් පිදුම් ලබයි

Share with your friend

හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් (Hemas Consumer Brands), මෑතකදී නිමාවට පත් වූ ‘SLIM Digis 2.5 සම්මාන උළෙලේ දී වැඩිම සම්මාන සංඛ්‍යාවක් හිමිකරගත් සංවිධානයක් ලෙස, ශ්‍රී ලංකාවේ පුද්ගලික සත්කාරක සහ FMCG අංශයන්හි සිය නායකත්වය යළි තහවුරු කළේය. සමාගම, ඩිජිටල් අවකාශය තුළ සන්නාමයන් ක්‍රියාත්මක වන ආකාරය සහ ඒවායේ කාර්ය සාධනය නැවත අර්ථකථනය කරමින්, තියුණු උපායමාර්ග, නවීන තාක්‍ෂණය සහ අරමුණු මත පදනම් වූ ව්‍යාපාර හරහා නව මානයන් කරා ගමන් කරයි. හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් SLIM Digis 2.5 හි දිනාගත් සම්මාන අතර Fems Forward & Fearless ප්‍රචාරණ වැඩසටහන, Best Use of AI Technologies සඳහා රිදී සම්මානයක් සහ CSR Purpose Driven Technologies සඳහා ලෝකඩ සම්මානයක් වශයෙන් සම්මාන දෙකක් ද, ‘A Big Day at the ලැජ්ජsinghes & The ලැජ්ජාව’ වීඩියෝපට මාලාව, Best use of Digital in a Marketing Campaign for FMCG – Personal Care Brands සහ Best use of creator/influencer content සඳහා ලෝකඩ සම්මාන දෙකක් ද, Gold men’s UP වැඩසටහන, Digital Creative Content සඳහා කුසලතා සම්මානයක්, Best Use of Digital Creative Content සහ Digital Bravery සඳහා ලෝකඩ සම්මාන දෙකක් ද වශයෙන් සම්මාන රැසක් අන්තර්ගතවේ. මීට අමතරව, ‘The Velvet RE-CONNECT’ වැඩසටහන Best Use of Digital in Marketing Campaign in Personal Care Brands සම්මානයෙන් ද පිදුම් ලැබීය. Fems, Velvet සහ Gold වැනි ප්‍රමුඛ පෙළේ ගෘහාශ්‍රිත සන්නාමයන් සමඟින්, හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් ශ්‍රී ලංකාවේ වඩාත්ම විශ්වාසනීය පුද්ගලික සත්කාරක නිෂ්පාදන සමූහයක් ගොඩනගා ඇත.

From bold ideas to big wins: Hemas Consumer Brands shines at SLIM Digis 2.5 – 1

“සීමාවන් ඉක්මවා යමින්, සත්‍ය, සවිස්තරාත්මක සහ තාක්ෂණයෙන් සවිබල ගැන්වූ ප්‍රචාරණ වැඩසටහන් නිර්මාණය කිරීම සඳහා අප තුළ ඇති කැමැත්ත මෙම ජයග්‍රහණ තුළින් මනාව පිළිබිඹු වේ. හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් අපිට අවශ්‍ය පාරිභෝගිකයින් වෙත ළඟා වී ස්ථිරසාර බලපෑමක් ඇති කරන ව්‍යාපාර හරහා, පාරිභෝගිකයින්ට හිතකර සහ ආකර්ෂණීය නවෝත්පාදන සමගින් ඩිජිටල් අවකාශයේ පෙරමුණ ගැනීමටයි. මෙම සම්මාන, අපගේ ඩිජිටල් ප්‍රවේශය නිරන්තරයෙන් ඉහළ නැංවීමට හා කර්මාන්තයේ ප්‍රමිතිය ස්ථාපිත කිරීමට අපව දිරිමත් කරන අපගේ කණ්ඩායම්වලට, අපගේ හවුල්කරුවන්ට සහ අපගේ පාරිභෝගිකයින්ට ලැබුණු සුවිශේෂී ඇගයීමක්.” බව හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් හි අලෙවි අධ්‍යක්ෂ, ෂියාන් ජයවීර මහතා පැවසීය.

ප්‍රමුඛ පෙළේ කාන්තා සනීපාරක්ෂක සන්නාමයක් වන Fems, කලකට පෙර කතා කිරීමෙන් අපහසුතාවයට පත් වන මාතෘකාවක් වූ ඔසප් සෞඛ්‍යය ගැන මිනිසුන් සිතන ආකාරය වෙනස් කරමින්, එය අද වන විට අධ්‍යාපනය සහ කාන්තා සවිබල ගැන්වීම පිළිබඳ විවෘත සාකච්ඡාවක් බවට පත් කර ඇත. Fems සන්නාමයේ ‘Forward and Fearless’ ප්‍රචාරණ වැඩසටහන, ‘Best use of AI Technologies’ සඳහා රිදී සම්මානය සහ ‘CSR/Purpose Driven Technologies’ සඳහා ලෝකඩ සම්මානය දිනා ගනිමින්, අර්ථවත් සන්නිවේදනයක් සඳහා අනුගමනය කළ නව්‍ය ප්‍රවේශය ඉස්මතු කළේය. ශ්‍රී ලංකාවේ පාසල් යන වයසේ ගැහැනු ළමයින්ගෙන් 60%ක් ඔසප් චක්‍රය හා බැඳි දුෂ්කරතා, පහසුකම් නොමැතිකම සහ සංස්කෘතික සම්ප්‍රදායන් හේතුවෙන් ඔවුන්ගේ ඔසප් දිනවල දී පාසල් නොයයි. මෙයට විසඳුමක් ලෙස, Fems විසින් 2024 ජාත්‍යන්තර කාන්තා දිනයේ දී, ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට කාන්තා සනීපාරක්ෂක ක්ෂේත්‍රයේ ආයතනික සමාජ වගකීම් (CSR) සඳහා AI තාක්ෂණය ඒකාබද්ධ කළ ‘Forward & Fearless’ වැඩසටහන හඳුන්වා දෙන ලදී. මෙහිදී, HER Foundation.lk වෙබ් අඩවිය හරහා තමාගේ මුහුණුවර සමඟ වීඩියෝ නිර්මාණය කිරීමට සහ ඒවා බෙදාහැරීමට ජනතාවට ආරාධනා කළ අතර, එලෙස බෙදාගත් සෑම වීඩියෝවක් සඳහාම Fems විසින් පාසල් සිසුවියන් තිදෙනෙකුට සනීපාරක්ෂක තුවා පරිත්‍යාග කළේය. මෙම වැඩසටහන මගින් සනීපාරක්ෂක ගැටළු පිළිබඳ සමාජය දැනුවත් කළා පමණක් නොව, සබරගමු පළාතේ පාසල් 20ක් පුරා සිසුවියන් 17,902කට ඔසප් සෞඛ්‍ය සහ සනීපාරක්ෂක සැසි පැවැත්වීම සහ නොමිලේ සනීපාරක්ෂක තුවා බෙදා දීම ද සිදු කරන ලදී. මෙය, අනෙකුත් සංවිධානවලට ද මෙම අරමුණට සහයෝගය දැක්වීමට පෙළඹවීමක් ඇති කළේය.

මීට අමතරව, Fems හි ‘A Big Day at the ලැජ්ජsinghes & The ලැජ්ජාව’ වීඩියෝපට මාලාවට ‘Best use of Creator Content/Influencer’ සහ ‘Best use of Digital in a Marketing Campaign for FMCG-Personal Care brands’ සඳහා ලෝකඩ සම්මාන හිමි වූ අතර එය, ඩිජිටල් නවෝත්පාදනයන් සඳහා සන්නාමය භාවිත කරන උපායමාර්ගික පිළිවෙත අවධාරණය කරයි. ශ්‍රී ලංකාවේ, ඔසප් වීම තවමත් හානිකර මිථ්‍යාවන් වටා එක්ව ඇති අතර, ගැහැනු ළමයින්ගෙන් 30-60%ක් සෑම මසකම පාසල් නොයෑමට මෙය හේතුවක් වී ඇත. සනීපාරක්ෂක තුවා ලබා ගැනීමේ අපහසුව, රෙදි භාවිතය නිසා මෙම ගැටලුව දිගින් දිගටම අධ්‍යාපනයට සහ සෞඛ්‍යයට බාධා ඇති කරයි. විනෝදාත්මක ආකාරයකින් මෙම මිථ්‍යාවන්ට අභියෝග කිරීම සඳහා, Fems විසින් Blok & Dino ගේ රංගනයෙන් හැඩවූ හාස්‍යජනක ඩිජිටල් වීඩියෝ මාලාවක් වන ‘A Big Day at the ලැජ්ජsinghes & The ලැජ්ජාව’ කෙටි වීඩියෝපට මාලාව හඳුන්වා දෙන ලදී. මෙම වීඩියෝ මාලාව මගින් ඔසප් වීම පිළිබඳ මිත්‍යාවන් බිඳ දමමින් විවෘත සංවාද පැවැත්වීමට ජනතාව දිරිමත් කළහ. මෙම වැඩසටහන ඉතා ජනප්‍රිය වූ අතර, එහි ප්‍රධාන වීඩියෝපටය YouTube හි 1.2Mn නැරඹුම් සංඛ්‍යාවක් සහ කෙටි වීඩියෝපට YouTube හි 471K ක්, Instagram හි 702K ක්, Facebook හි 3.79Mn ක් සහ TikTok හි 3.97Mn ක් ලෙස නැරඹුම් සංඛ්‍යා වාර්තා කිරීමට සමත් විය.

අත්‍යවශ්‍ය නොවන ක්ෂේත්‍රයක් ලෙස සාම්ප්‍රදායිකව සැලකෙන අංශයක ක්‍රියාත්මක වන Fems, ශ්‍රී ලංකාව පුරා සිටින කාන්තාවන් ඔසප් සෞඛ්‍ය සහ සනීපාරක්ෂාව පිළිබඳව දැනුවත් කිරීමේ පුරෝගාමියා වී ඇත. ඩිජිටල් තාක්ෂණය උපයෝගී කර ගනිමින් Fems විසින් 100%ක් නොමිලේ ලබාදෙන ශ්‍රී ලංකාවේ ප්‍රථම ත්‍රිභාෂා ඔසප් චක්‍රය ට්‍රැක් කිරීමේ යෙදුම වන Fio හඳුන්වා දෙන ලදී. මෙය කාන්තාවන්ට ඔසප් සෞඛ්‍යය සහ සනීපාරක්ෂාව පිළිබඳ ඉගෙන ගැනීමට, ඔවුන්ගේ ඔසප් චක්‍රය ට්‍රැක් කිරීමට සහ වෛද්‍යවරුන්ගෙන් තමන්ට අවශ්‍ය උපදෙස් ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් සලසයි. කාන්තාවන්ට ස්වාධීන වීමට සහ ඔසප් වීම වටා ඇති සමාජ සම්ප්‍රදායන් බිඳ දැමීමට ඉඩ සලසමින්, Fems හි මෙහෙවර ඉදිරියට ගෙන යාමට මෙම සුවිශේෂී යෙදුම උපකාරී වේ.

‘Best Use of Digital in a Marketing Campaign for FMCG-Personal Care brands’ සඳහා කුසලතා සම්මානයක් දිනා ගත් Velvet RE-CONNECT, තමන් සහ තමන්ගේ සම ආදරයෙන් රැක බලාගැනීමේ වටිනාකම ශ්‍රී ලාංකික කාන්තාවන්ට පැහැදිලි කරමින්, velvet සන්නාමය සමග සමීප සබඳතා වර්ධනය කරගැනීම සදහා තැබූ මුල් පියවරකි. Velvet යනු බාහිරෙන් සම රැකබලාගන්න සහයවෙන නිෂ්පාදන පෙළක් පමණක් නොව, කාන්තාවන්ට තමන් තමන්ව රැක බලාගැනීමේ වැදගත්කම මුල් කරගත් සන්නාමයකි. ‘Pure Skin Love’ යන සමට ආදරය කිරීම පෙරදැරි කරගත් මේ නව සංකල්පය, පාරිභෝගිකයන ට Velvet පිළිබඳ වැඩි විශ්වාසයක් සහ බැඳීමක් ඇති කිරීමට සමත්වුන බව, මෙම සම්මානය සාක්ෂිදරයි. Velvet යනු සාමාන්‍ය සබන් කැටයකින් ඔබ්බට ගිය, ඇගේ සම පෝෂණයෙන් සහ සුසිනිදුබවෙන් පුරවා, ඇයගේ ආත්ම විශ්වාසය වැඩි කිරීමට සහයවන – සමට ආදරය කිරීමේ සංකේතයකි.

‘Digital Bravery’ සහ ‘Best use of Digital in a Marketing Campaign for FMCG-Personal Care Brands’ සඳහා ලෝකඩ සම්මානයක් සහ ‘Best Use of Digital Creative Content’ සඳහා කුසලතා සම්මානයක් හිමි වූ, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මේල් ගෘමින් සන්නාමයක් වන Gold, ආත්ම විශ්වාසයෙන් යුත් පිරිමින් සඳහා විශේෂිත ගෘමින් සහකරුවෙකු ලෙස ප්‍රසිද්ධියක් උසුලයි. මෙම ජයග්‍රහණය, වර්තමාන තරුණයින්ගේ අභිලාෂයන්, ආකල්ප සහ අනන්‍යතාවයන් අවබෝධ කර ගනිමින් පාරිභෝගික අදහස් වලට මුල් තැන දෙමින් සිදුකළ වැඩසටහනක ප්‍රතිඵලයකි. බොහෝ සන්නාම ඒකාකාරී ලෙස සිය ව්‍යාපාර කටයුතු සිදුකරන අවධියක, ගෝල්ඩ් අභියෝගය භාර ගනිමින් සිය පාරිභෝගිකයින් සමඟ සැබවින්ම සම්බන්ධ වීමට වෙනස්ම ක්‍රියාවලියක් අනුගමනය කරමින් සම්මතයට අභියෝග කළේය. සිය පාරිභෝගිකයන් සමඟ සමීපව කටයුතු කිරීම සහ කර්මාන්ත සම්මතයන් බිඳ දැමීමට නිර්භීත වීම මගින්, අදාළත්වය සහ නිර්භීතභාවය අත්වැල් බැඳගෙන යන බව Gold විසින් මනාව ඔප්පු කර ඇත.
හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් (HCB) හි ප්‍රමුඛ නිෂ්පාදන, දෛනික ජීවිතය නංවාලීමට සමාගම සිදු කරන කැපවීම ඉස්මතු කරන අතරම, ඩිජිටල් සම්බන්ධතා සහ සන්නාම අත්දැකීම් පිළිබඳ නව ප්‍රවණතා ද ඇති කරයි. SLIM Digis සම්මාන උළෙලේ දී සමාගම ලද අඛණ්ඩ සාර්ථකත්වය, පුළුල් අලෙවිකරණ පරිසර පද්ධතියට බලපෑම් කරමින්, විවිධ ක්ෂේත්‍රයන්හි නිර්භීත, තාක්ෂණය මත පදනම් වූ සහ අරමුණු මුල් කරගත් සන්නිවේදනයන්ට ආදර්ශයක් වන පුරෝගාමියෙකු ලෙස හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් හි කාර්යභාරය අවධාරණය කරයි. අද වන විටත්, SLIM Digis සම්මාන යනු ඩිජිටල් අලෙවිකරණයේ විශිෂ්ටත්වය සහ නවෝත්පාදනය අගය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ වඩාත්ම කීර්තිමත් වේදිකාව වේ.


Share with your friend
Exit mobile version