Eyeview Sri Lanka

නව යොවුන් වියේ පසුවන දරුවන් වෙනුවෙන්ම වෙන් වූ Uber for Teens’ දැන් ශ්‍රී ලංකාවේ

Share with your friend

දරුවන්ට දෙමාපිය අධීක්ෂණය යටතේ තනිව ගමන් බිමන් යා හැකි සුරක්ෂිත සහ විශ්වාසනීය සේවාවක්

ශ්‍රී ලංකාවේ ජනප්‍රියම Ride-hailing යෙදුම වන Uber මගින් ප්‍රථම වරට මෙරටට ‘Uber for Teens’ සේවාව හඳුන්වා දී තිබේ. මෙම සේවාව වයස අවුරුදු 13 ත් 17 ත් අතර පසුවන, තනිව එහෙත් සුරක්ෂිතව ගමන් බිමන් යාමට කැමති යෞවන යෞවනියන් වෙනුවෙන්ම වෙන් වූ සුවිශේෂී සේවාවකි. මගීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් නවීන තාක්ෂණය ඔස්සේ සැලසුම් කළ විශේෂාංග රැසක් ඇතුළත්ව ඇති මෙම සේවාව මගින් අදාළ ගමන් පිළිබඳව පියවරින් පියවර දෙමාපියන් හා භාරකරුවන් දැනුවත් කෙරේ. 

ශ්‍රී ලංකාව තුළ මේ ආකාරයට නව යොවුන් වියේ පසුවන දරු දැරියන්ටම විශේෂ වූ ගමනාගමන සේවාවක් හඳුන්වා දුන් ප්‍රථම අවස්ථාව මෙයයි. මෙමගින් දෙමාපියන්ට විශ්වාසයෙන් යුතුව තම දරුවන්ට තනිවම ගමන් බිමන් යාමට අවස්ථාව ලබාදීමට හැකි වනු ඇත. 

මෑතකාලීනව Uber විසින් මගීන්ගේ ආරක්ෂාව සඳහා හඳුන්වා දෙන ලද ආරක්ෂක විශේෂාංග රැසක් ‘Uber for Teens’ සේවාවට ඇතුළත් වී තිබේ. GPS tracking, Real-Time Trip Tracking, In-app Emergency Button සහ RideCheck ඒ අතරින් ප්‍රධාන තැනක් ගනී. 

‘Uber for Teens’ සේවාව ලබාගැනීම සඳහා දෙමාපියන් හෝ භාරකරුවන් තම දරුවන්ට විශේෂිත ගිණුමක් නිර්මාණය කිරීමට ආරාධනා කළ යුතු අතර, එම ගිණුම සකස් කිරීමෙන් පසුව ඔවුන් සඳහා ගමන් වාර වෙන්කරවා දිය හැක. ඉන් අනතුරුව දරුවන්ට එම සේවාව භාවිතා කරමින් තනිව ගමන් බිමන් යා හැකි අතර, ගමන් පිළිබඳ සජීවී තොරතුරු සහ යාවත්කාලීන කිරීම් දෙමාපියන් හෝ භාරකරුවන් වෙත යොමු කෙරේ. 

“‘Uber for Teens’ යනු මෙරට කාර්යබහුල පවුල්වලට කදිම විසඳුමක්. එමගින් යොවුන් වියේ පසුවන දරුවන්ට තනිව ගමන් බිමන් යා හැකි අතරම, දෙමාපියන්ට ඔවුන්ගේ ගමන් බිමන් නිරීක්ෂණය කරමින් ඔවුන් සුරක්ෂිතව සිටින බව තහවුරු කරගැනීමට හැකි වනවා. ලොව පුරා විශාල පිරිසකගේ විශ්වාසය දිනූ සේවාවක් මෙලෙස ශ්‍රී ලංකාව හඳුන්වා දීමට හැකි වීම අපට මහත් සතුටක්. මෙය වඩාත් සුරක්ෂිත, නව්‍ය සහ කාටත් විවෘත ප්‍රවාහන විසඳුම් හඳුන්වා දීම සඳහා අප දරන උත්සාහයේ තවත් වැදගත් පියවරක් ලෙස හැඳින්වීමට පුළුවන්.” Ber Sri Lanka සමාගමේ මෙරට කළමනාකාරිනී (ගමනාගමන සේවා) කෞශල්‍යා ගුණරත්න මහත්මිය පැවසුවාය.  

මගීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ‘Uber for Teens’ සේවාවට ඇතුළත් කර ඇති විශේෂාංග කිහිපයක්  

මගීන්ගේ ආරක්ෂාව වෙනුවෙන්ම සැලසුම් කළ විශේෂාංග කිහිපයක් ‘Uber for Teens’ සේවාවට ඇතුළත් වී තිබේ. 

Uber for Teen සේවාව යටතේ ගමන් වාරයක් වෙන්කරවා ගන්නේ කෙසේද? 

මේ වනවිට ‘Uber for Teen’ සේවාව බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක වන අතර ඉදිරියේදී එය අනෙකුත් පළාත්වලද ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. මෙම සේවාව යටතේ දරුවන්ට Uber Zip, Premier, Reserve සහ Tuk යන කාණ්ඩ අතරින් තමන් කැමති කාණ්ඩයක වාහන ඉල්ලුම් කළ හැක. 


Share with your friend
Exit mobile version