නාවලපිටිය නව ශාඛාව සමග DSI දීප ව්‍යාප්ත ජාලය තවත් ශක්තිමත් වේ

Share with your friend

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පාවහන් සන්නාමය වන DSI විසින් සමස්ථ ශ්‍රී ලංකාවම ආර්ථික දුෂ්කරතාවයකට මුහුණ දී ඇති කාලයක වුවද තම දීප ව්‍යාප්ත ශාඛා ජාලය තව දුරටත් ශක්තිමත් කරමින් නවතම ශාඛාව නාවලපිටිය නගරයේ විවෘත කොට ඇත. නාවලපිටිය ආශ‍්‍රිතව වෙසෙන පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා අනුව DSI නිෂ්පාදන දැන් එහිදී මිලදීගත හැකිය. පළපුරුදු කාර්ය මණ්ඩලයක සේවය මෙන්ම පාරිභෝගික කේන්ද්‍රීය සුහද සේවා සංස්කෘතිය පිළිබඳ කීර්තිමත් DSI පාරිභෝගික සේවාව මෙම නව ප‍්‍රදර්ශනාගාරය වෙතින්ද ජනතාව වෙත සමීප කෙරේ.

නාවලපිටිය DSI ප‍්‍රදර්ශනාගාරය විවෘත කිරීමේ අවස්ථාවට, ඞී සැම්සන් සහ පුත‍්‍රයෝ පුද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ තුසිත රාජපක්ෂ මහතා, අධ්‍යක්ෂ අසංක රාජපක්ෂ, සාමාන්‍යාධිකාරී ප‍්‍රදීප් සමරතුංග සහ ජාතික විකුණුම් කළමනාකරු (සිල්ලර) නලීන් වීරවර්ධන යන මහත්වරුන් මෙන්ම ආරාධිතයන් හා හිතවත් පාරිභෝගිකයන් රැසක් සහභාගී වූහ.

ඞී සැම්සන් සහ පුත‍්‍රයෝ පුද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ තුසිත රාජපක්ෂ මහතා නාවලපිටිය ප‍්‍රදර්ශනාගාරය විවෘත කිරීම පිළිබඳ අදහස් දක්වමින් —DSI සාර්ථකත්වයේ තවත් ඉදිරි පියවරක් තබමින් නාවලපිටිය නගරයේ නව ප‍්‍රදර්ශනාගාරයක් විවෘත කිරීමට අපට හැකිවීම සම්බන්ධයෙන් නිහතමානී ආඩම්බරයක් දැනෙන බව පැවසීය. එසේම පාරිභෝගිකයන් අප පිළිබඳ තැබූ දශක ගණනාවක අඛණ්ඩ විශ්වාසය රැකගෙන රටම අසීරුතා රැසකට මුහුණපා සිටින කාලයක වුවද නාවලපිටිය ආශ‍්‍රිත පාරිභෝගික ජනතාව වෙත උසස් පාරිභෝගික සේවාවක් ලබාදෙන්නට DSI අපි කැපව සිටිනවා.” යැයි තවදුරටත් පැවසීය.

දිවයිනේ විශාලතම හා ප‍්‍රමුඛතම වෙළෙඳසැල් ජාලයක් ලෙස ශ්‍රී ලාංකික ජනතා ගෞරවාදරයට පාත‍්‍ර වූ ඞී සැම්සන් සහ පුත‍්‍රයෝ පුද්ගලික සමාගම U Softo, Ranpa, Samsons, DSI Supersport, Beat, Beach, Petalz, Fun Souls, Tamik, Waves, Jessica, Melissa සහ AVI යන දේශීය සන්නාමයන් මෙන්ම කීර්තිමත් ජාත්‍යන්තර සන්නාමයන් වන Clarks, Redtape, Reebok, Puma, Fila, U.S. Polo, Adidas, Arrow, W, Modare, Inc.5, Aurelia, Asics සහ Von Wellx යනාදී දෙස් විදෙස් අනගි පාවහන් නිෂ්පාදන රැසක් ශ්‍රී ලාංකිකයන් වෙත රැගෙන එයි.


Share with your friend
Leave a Comment

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply