ප්‍රයිම් රෙසිඩන්සීස් සමාගම තවත් විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කරගනිමින් බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් (Brand Finance) විසින් නම්කරන ලද ‘2025 වසරේ ශ්‍රී ලංකාවේ වටිනාම සන්නාම 100’ (Sri Lanka’s Top 100 Most Valuable Brands 2025) ලැයිස්තුවට ඇතුළත් වීමට පසුගියදා සමත් විය. මෙම ලැයිස්තුවට ඇතුළත් වූ එකම දේපළ වෙළඳාම් සන්නාමය ප්‍රයිම් රෙසිඩන්සීස් වීම විශේෂත්වයකි.

ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්රය බෙහෙවින් තරගකාරී ක්ෂේත්රයකි. එබඳු තරගකාරීත්වයක් හමුවේ පවා මෙම ලැයිස්තුවට ඇතුළත් වූ එකම දේපළ වෙළඳාම් සන්නාමය බවට පත් වීම මගින් පෙනී යන්නේ, ප්‍රයිම් රෙසිඩන්සීස් මෙරට දේපළ ක්ෂේත්රයේ අවිවාදිත ප්‍රමුඛයා බවට පත් වී ඇති බවයි.
එමෙන්ම එය ප්‍රයිම් සමූහය විසින් දශක තුනක් පුරා අත් කරගත් සාර්ථකත්වය, විශිෂ්ටත්වය සහ පාරිභෝගික විශ්වාසය වෙනුවෙන් ලැබුණු තවත් සුවිශේෂී ඇගයුමක් ලෙසද හැඳින්විය හැකි වේ. මෙමගින් පාරිභෝගිකයන් තුළ ප්‍රයිම් රෙසිඩන්සීස් සමාගම සම්බන්ධයෙන් පවතින විශ්වාසය තවදුරටත් තීව්ර වනු ඇති අතර, නව පාරිභෝගිකයන් ආකර්ෂණය කරගැනීමටද එය ඉවහල් වනු ඇත.
අතීතයේ පටන් මේ දක්වාම විශ්වාසය, සුවපහසුව සහ කල් පවතින වටිනාකම යනාදී ගුණාංගවලට මුල් තැන දෙමින්, රටේ ජනතාවට උසස්ම ප්‍රමිතියෙන් යුත් නිවාස මිලදී ගැනීමට අවස්ථාව සලසා දීමට ප්‍රයිම් රෙසිඩන්සීස් කටයුතු කර තිබේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රයිම් සමූහ ව්‍යාපාරයේ සභාපති ප්‍රේමලාල් බ්රහ්මණගේ මහතා පැවසුවේ මෙය උසස් ප්‍රමිතිය, තිරසාරත්වය සහ නවෝත්පාදනය සඳහා ප්‍රයිම් රෙසිඩන්සීස් තුළ ඇති කැපවීම නැවත වරක් තහවුරු කරන ජයග්‍රහණයක් බවයි. එමගින් පදිංචිකරුවන්ගේ ජීවන රටාවන් වැඩිදියුණු කරන සහ ශ්‍රී ලංකාවේ නාගරික සංවර්ධනයට අර්ථවත් දායකත්වයක් ලබා දෙන ජීවන අවකාශයන් නිර්මාණය කිරීමේ ප්‍රයිම් මෙහෙවර තවදුරටත් ශක්තිමත් වනු ඇති බවද ඒ මහතා පැවසීය.
Brand Finance Sri Lanka 100 ලැයිස්තුවට ඇතුළත් වන සන්නාම ශ්‍රේණිගත කරනු ලබන්නේ මූල්‍ය ශක්තිය, පාරිභෝගික විශ්වාසය සහ සන්නාම බලපෑම යනාදී සාධක රැසක් සැලකිල්ලට ගනිමිනි. ශක්තිමත් ව්‍යාපාරික ආකෘතිය සහ මූල්‍ය ස්ථාවරත්වය මෙන්ම රට පුරා සාර්ථක ලෙස ක්‍රියාවට නංවන ලද දේපළ ව්‍යාපෘති මගින් නිර්මාණය කරන ලද දීර්ඝකාලීන වටිනාකම් යනාදී සාධක හේතුවෙන්, මෙම ලැයිස්තුවට ඇතුළත් වූ එකම දේපළ වෙළඳාම් සමාගම බවට පත් වීමට ප්‍රයිම් රෙසිඩන්සීස් සමත් විය.
ප්‍රයිම් සමූහය යනු ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්රයේ වසර 30 ක අද්විතීය උරුමයක් හිමි දැවැන්ත සමූහ ව්‍යාපාරයකි. එම සමූහයේ කොටසක් ලෙස එම උරුමය තුළින්ම පන්නරය ලබන ප්‍රයිම් ලෑන්ඩ් රෙසිඩන්සීස් සමාගම මෙරට සහධිපත්‍ය දේපළ (Condominium) ක්ෂේත්රයේ ප්‍රමුඛතම සමාගමක් බවට පත් වී තිබේ. මේ වන විට එම සමාගම කොළඹ හා තදාසන්න ප්‍රදේශවල දේපළ ව්‍යාපෘති 45 කට අධික සංඛ්‍යාවක් සාර්ථක ලෙස සම්පූර්ණ කර ඇති අතර, තවත් ව්‍යාපෘති 5 ක ඉදිකිරීම් කටයුතු මේ වන විට සිදුවෙමින් පවතී. ඊට අමතරව ප්‍රයිම් ලෑන්ඩ් රෙසිඩන්සීස් සමාගම විසින් මෑතකදී තවත් ව්‍යාපෘති 2 ක් අලුතින් ආරම්භ කරන ලදි. මේ සියල්ල ඔස්සේ මෙරට පාරිභෝගිකයන්ගේ නොසැලෙන විශ්වාසය දිනාගනිමින්, දේපළ වෙළඳාම් ක්ෂේත්රය තුළ දිනෙන් දින දියුණුව කරා යාමට ප්‍රයිම් ලෑන්ඩ් රෙසිඩන්සීස් සමාගම සමත් වී තිබේ.