පීපල්ස් ලිසීං සමාගම පරිසර සංරක්‍ෂණ හවුල්කරුවෙකු ලෙස බැද්දගාන තෙත්බිම් උද්‍යානය සමඟ එක්වෙයි

Share with your friend

පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් පීඑල්සි සමාගමල පරිසර සංරක්‍ෂණයේ හවුල්කරුවෙකු ලෙස ශ‍්‍රී ජයවර්ධනපුර කෝට්ටේ බැද්දගාන තෙත්බිම් උද්‍යානයේ කළමණාකාරීත්වයේ මගපෙන්වීම යටතේ ජෛව විවිධත්වය සහ පරිසර පද්ධති පිළිබඳව දෙස් විදෙස් සංචාරකයන් දැනුවත්කිරීමේ මූලික පරමාර්ථයෙන් තෙත්බිම් උද්‍යානය තුළ පරිසරය දැනුවත් කිරිමේ පුවරු නිර්මාණ කරන ලැබීය.

එය පසුගියදා නාගරික සංවර්ධන අධිකාරියේ පරිසර හා භූ දර්ශන අංශයේ අධ්‍යක්‍ෂ චන්දනා කළුපහන මහත්මිය, පීපල්ස් ලීසිං සමාගමේ ප‍්‍රධාන විධායක නිළධාරි/ සාමාන්‍යාධිකාරී, ෂමීන්ද්‍ර මර්සිලින් මහතා සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මෙහෙයුම්&, ලක්සඳ ගුණවර්ධන මහතා යන මහත්ම මහත්මීන්ගෙ ප‍්‍රධානත්වයෙන් නිරාවරණය කර නැරඹුම් අයිතියට පත්කිරීම සිදු විය. එයට සමගාමීව රුක් රෝපණයක් ද සිදුකෙරුණි. 

මෙම අවස්ථාවට පීපල්ස් ලීසිං සමාගමේ අලෙවි, සන්නිවේදන හා සමාජ සත්කාර අංශ ප‍්‍රධානී, හිෂාන් වැල්මිල්ල මහතා, බැද්දගාන තෙත්බිම් උද්‍යාන කළමනාකාරිණි, නර්මදා දංගම්පොළ මෙනවිය, නාගරික සංවර්ධන අධිකාරියෙ,  පීපල්ස් ලීසිං සමාගමේ සහ බැද්දගාන තෙත්බිම් උද්‍යානයෙ නියොජිතයින් පිරිසක්ද සහභාගි විය.

2016 දී කොළඹට ආසන්නව විවෘත කරන ලද කෝට්ටේ බැද්දගාන තෙත්බිම් උද්‍යානය සංචාරක හා ආවේණික පක්ෂීන්, සමනලූන්, බත්කූරන්, උරගයන් සහ ක්ෂීරපායින් වැනි සත්ත්ව විශේෂ සඳහා වෙන්වු නිවහනක් වේ. තවද මෙම උද්‍යානය සෑම වසරකම අගෝස්තු සිට අපේ‍්‍රල් දක්වා කාලය තුළ විවිධ සංක‍්‍රමණික පක්ෂීන්ගේ ජනප‍්‍රිය නැවතුමකි. අභ්‍යන්තර තෙත් බිමකට පොදු වූ ආවේණික සහ තර්ජනයට ලක් වූ මල් විශේෂවල විවිධත්වය තුළින් උද්‍යානයේ සුන්දරත්වය නිර්මාණය කරයි. 

2021 වසරේ සිය 25 වන සංවත්සර කඩඉම පසුකළ පීපල්ස් ලිසිං සමාගම පරිසර හිතකාමී ව්‍යාපෘති රැුසක් සිදුකරන අතර 2018 වසරේ සිට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ උපදේශකත්වයෙන් යුතුව ශ‍්‍රී ලංකා ජෛව විවිධත්ව සංගමය සහ තවත් ව්‍යාපාරික ආයතන කිහිපයක් සමග එක්ව  ඕපාත කන්නෙලිය රක්ෂිතයට යාබදව පිරිහී ගිය පර්ණාංග ඉඩමක් යථා තත්ත්වයට පත්කිරිමට සිය දායකත්වය සපයයි.

පීපල්ස් ලීසිං සමාගම යනු ශී‍්‍ර ලංකාවේ ප‍්‍රමුඛ පෙළේ බැංකු නොවන මුදල් ආයතනයක් වන අතර ප‍්‍රමුඛ රාජ්‍ය බැංකුවක් වන මහජන බැංකුවට අනුබද්ධිත මුදල් ආයතනයකිග විශේෂිත ලීසිං සමාගමක් ලෙස 1996 දී මෙහෙයුම් කටයුතු ආරම්භ කළ පීපල්ස් ලීසිං සමාගම 2011 වසරේ කොළඹ කොටස් වෙළඳපලේ ලැයිස්තුගත විය. පීපල්ස් ලීසිං සමාගම බංග්ලාදේශයේ විදේශීය ව්‍යාපාරයක් ඇතුළු අනුබද්ධිත ක්ෂේත‍්‍ර හයක් හරහා විවිධාංගීකරණය වු බැංකු නොවන මූල්‍ය බලවතෙක් දක්වා වර්ධනය වී ඇත.

ජායාරූපයනාගරික සංවර්ධන අධිකාරියේ පරිසර හා භූ දර්ශන අංශයේ අධ්‍යක්‍ෂ චන්දනා කළුපහන මහත්මියගේ සුරතින් දැනුවත් කිරිමේ පුවරු නැරඹුම් අයිතියට පත්වන අවස්ථාව සඳහා පීපල්ස් ලීසිං සමාගමේ ප‍්‍රධාන විධායක නිළධාරී/සාමාන්‍යාධිකාරි ෂමීන්ද්‍ර මර්සිලින් මහතා සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (මෙහෙයුම& ලක්සඳ ගුණවර්ධන මහතා සහභාගි වු අයුරු.


Share with your friend
Leave a Comment

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply