පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් සමාගම විසින් රුපියල් මිලියන 6කට අධික වෛද්‍ය උපකරණ දකුණු පලාත් රෝහල්වලට පරිත්‍යාග කරයි.

Share with your friend

මහජන බැංකුවට අනුබද්ධිත ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ 25 වන සංවත්සරයට සමඟාමිවල ගෝලීය කෝවිඞ්-19 වසංගතයට එරෙහි සුව සටනේ යෙදී සිටින රජයේ රෝහල්වල රෝගීන් හඳුනාගැනීම සහ ප‍්‍රතිකාර ලබාදීමට සහය දැක්වීමක් ලෙසින් සිඳුකරන සමාජ සත්කාරක වැඩසටහන් මාලාවේ තවත් එක් දිගුවක් ලෙස දකුණු පළාතේ රජයේ රෝහල් 03කට රුපියල් මිලියන 6ක වටිනාකමකින් යුත් අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ ප‍්‍රදානයක් පසුගියදා සිදු කෙරුණි. 

තංගල්ල මුලික රෝහලේ පැවති මෙම වෛද්‍ය උපකරණ කට්ටල ප‍්‍රදානය කිරීමේ අවස්ථාවට වාරිමාර්ඟ කැබිනට් ආමාත්‍ය ස්වදේශ කටයුතු සහ ආපදා කළමනාකරණ රාජ්‍ය ආරක්‍ෂක ආමාත්‍ය ගරු චමල් රාජපක්ෂ මහතා, ක‍්‍රීඩා හා තරුණ කටයුතු සහ ඩිජිටල් යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය ගරු නාමල් රාජපක්ෂ මහතා, සිවිල් ගුවන් සේවා සහ ආයෝජන කලාප අමාත්‍ය ඞී.වී. චානක මහතා, මහජන බැංකු හා පීපල්ස් ලීසීං මූල්‍ය සමාගමෙහි සභාපති සුජීව රාජපක්‍ෂ මහතා, පීපල්ස් ලීසීං ප‍්‍රධාන විධායක නිළධාරි සාමාන්‍යාධිකාරි ෂමීන්ද්‍ර මාසිලීන් මහතා සහ පීපල්ස් ලීසීං සහකාර ප‍්‍රාදේශිය කළමනාකරු දකුණු පළාත්භාර නිශාන්ත වීරසිංහ මහතා ඇතුලූව හම්බන්තොට පීඑල්සී ශාඛා ප‍්‍රධානි අමිල වන්නිආරච්චි මහතා, තංගල්ල පීඑල්සී ශාඛා ප‍්‍රධානි ශානක චමින්ද මහතා සහ පීපල්ස් ලීසීං ආයතනික හා සමාජ සත්කාරක අංශයේ කළමනාකාරිණි රොෂ්නි මෝතා යන මහත්ම මහත්මීන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

කෝවිඞ්-19 වසංගතය පාලනය කිරීමේ ජාතික කි‍්‍රයාන්විතය සදහා පීපල්ස් ලීසිං සමාගම විසින්් හම්බන්තොට දිස්ත‍්‍රික් මහ රෝහල වෙත කෝවිඞ් -19 රෝගීන් හඳුනා ගැනීමට යොදා ගන්නා ජංගම පීසීආර් යන්ත‍්‍රය (PCR) පරිත්‍යාග කළ අතර තංගල්ල මුලික රෝහල සහ බෙලිඅත්ත ප‍්‍රාදේශීය රෝහල්වලට අඩුපාඩුවක්ව පවතින අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ රැසක් රුපියල් මිලියන 6 ක පිරිවැයක් දරා රෝහල් කාර්යක්‍ෂමතාවය ඉහල නැංවීම සදහා පරිත්‍යාග කෙරුණි. මෙම වෛද්‍ය උපකරණ කට්ටල භාරගැනීම සඳහා හම්බන්තොට දිස්ත‍්‍රික් මහ රෝහලේ අධ්‍යක්‍ෂක වෛද්‍ය වී.ජී.එස්.සී. උබේසේකර මහතා, තංගල්ල මුලික රෝහලේ වෛද්‍ය අධිකාරි වෛද්‍ය ඞී.ආර්.එන්. සරණසිංහ මහත්මිය සහ බෙලිඅත්ත ප‍්‍රාදේශීය රෝහලේ දිස්ත‍්‍රික් වෛද්‍ය නිලධාරි වෛද්‍ය එම්. ඞී. පි‍්‍රයන්ත යන මහත්ම මහත්මින් සහභාගී වූහ.

පීපල්ස් ලීසීං සමාගම විසින් මෙම වසංගතය ආරම්භයේ සිට රජය විසින් හඳුන්වා දුන් සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව සිය කාර්යයමණ්ඩලය හා ගණුදෙනුකරුවන් අතර මෙම වෛරස ව්‍යාප්තිය වැළැක්වීම උදෙසා දැනුවත් කිරිමේ ව්‍යාපාර ක‍්‍රියාත්මක කිරිමල සනීපාරක්ෂකතාවය ඉහළ නැංවීම ආදිය සදහා දිවයින පුරා අපගේ ව්‍යාපාරික මෙහෙයුම් ස්ථානවල ඒවාට අදාල දැනුවත් කිරිම් අඛණ්ඩව සිදුකරන ලදීග මේ සදහා අප සමාගම තුළ කෝවිඞ් 19 ව්‍යාප්තිය පාලනය කිරිම පිළිබද කඩිනම් ක‍්‍රියාමාර්ග ගැනීම සඳහා කෝවිඞ් කාර්යය සාධන බලකායක්ද පිහිටුවා තිඛේ.

1996 වසරේදි ව්‍යාපාර කටයුතු ආරම්භ කරන ලද පීපල්ස් ලීසීං සමාගමල වගකීම් සහගත පුර්ණ මුල්‍ය සේවා විසඳුම් සමඟිින් තිරසර අරමුණු සාක්‍ෂාත් කර ගැනීමට රටේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නැංවීම සහ දරීද්‍රතාවය තුරන් කිරීමේ උත්සාහය පවත්වාගෙන යන සමාගමකි.

ජායාරූප විස්තරය

වාරිමාර්ඟ කැබිනට් ආමාත්‍ය ස්වදේශ කටයුතු සහ ආපදා කළමනාකරණ රාජ්‍ය ආරක්‍ෂක ආමාත්‍ය ගරු චමල් රාජපක්ෂ මහතා විසින් තංගල්ල මුලික රෝහලේ වෛද්‍ය අධිකාරි ඞී.ආර්.එන්. සරණසිංහ මහත්මිය වෙත සංකේතාත්මකව වෛද්‍ය උපකරණ පිරිනැමූ අවස්ථාව. මෙම අවස්ථාවට සහභාගීවූ ක‍්‍රීඩා හා තරුණ කටයුතු සහ ඩිජිටල් යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය ගරු නාමල් රාජපක්ෂ මහතා (දකුණ&, මහජන බැංකු හා පීපල්ස් ලීසීං මූල්‍ය සමාගමෙහි සභාපති සුජීව රාජපක්‍ෂ මහතා (වමේ සිය තෙවැන්නා&, පීපල්ස් ලීසීං ප‍්‍රධාන විධායක නිළධාරි සාමාන්‍යාධිකාරි ෂමීන්ද්‍ර මාසිලීන් මහතා (වමේ සිය දෙවැන්නා&  


Share with your friend
Leave a Comment

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply