පීපල්ස් ලීසිං සමගින් පින්නවල සිය 47 වන සංවත්සරය සමරයි

Share with your friend

දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රසිද්ධ සංචාරක ගමනාන්තයක් ලෙස ප‍්‍රකට පින්නවල අලි අනාථාගාරයේ (සංරක්‍ෂණාගාරය& 47 වන සංවත්සරය 2022 පෙබරවාරී 16 වන දිනට යෙදී තිබුණි. 

මීට සමගාමිව මහජන බැංකුවට අනුබද්ධිත පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් පීඑල්සි (PLC) සමාගමේ ප‍්‍රජා සත්කාරක මෙහෙවරක් ලෙස එක්සත් ජාතින්ගේ තිරසර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කරගැනීමේ අරමුණෙන්  පීපල්ස් ලීසිං සමාගම විසින් නිර්මාණය කරන ලද අලි සාමාජිකයන් පිළිබඳ දැනුවත් කිරීමේ පුවරු ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් ශර්මිලා රාජපක්‍ෂ මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් එදින නිරාවරණයකර නැරඹුම් අයිතියට පත්කරන ලැබුණි. 

එම අවස්ථාව පින්නවල අලි අනාථාගාරයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ (ක්ෂේත‍්‍ර& නවෝද් අබේසිංහ මහතා, නියෝජ්‍ය අධ්‍යක්‍ෂිකා (පින්නවල සත්වෝද්‍යාන& ඩිලානි අමරසිංහ මහත්මිය, පීපල්ස් ලීසිං සමාගමේ (අලෙවි, සන්නිවේදන හා සමාජ සත්කාර& අංශ ප‍්‍රධානි හිෂාන්ත වැල්මිල්ල මහතා, පීපල්ස් ලීසිං සමාගමේ කෑගල්ල ශාඛාවේ කළමනාකාර රොෂාන් මඩවල යන මහත්ම මහත්මීන්ගේ සහභාගීත්වයෙන් සිදුකෙරුණි.  

අලි සංරක්‍ෂණාගාරය තුළ ඇත් පරපුර පිළිබඳ ප‍්‍රජාව දැනුවත් කිරීමේ සාමුහික වගකීම අවබෝධ කරගත් පීපල්ස් ලීසිං සමාගම අලි සම්පත සංරක්‍ෂණය කිරිමේ පරමාර්ථයෙන් මෙම කර්තව්‍යය සත්වෝද්‍යාන නියෝජ්‍ය අධ්‍යක්‍ෂ (කාර්යාල& මිහිරාන් මැදවල මහතා, සංවර්ධන නිළධාරිනි චන්දි‍්‍රකා ප‍්‍රියදර්ශනි මහත්මියගේ සහ පරිපාලන නිලධාරින්ගේ මඟපෙන්වීම යටතේ සිදුවිය.

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ කටයුතු කරන පින්නවල අලි අනාථාගාරය ආසියාතික අලි සඳහා වන අනාථාගාරයක්, තවානක් සහ අභිජනන භූමියකි. බොහෝ අනාථ අලි ඇතුන් රැකබලා ගැනීම සහ ආරක්ෂා කිරීමේ අරමුණින් වර්ෂ 1975 දී ශ‍්‍රී ලංකා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පිහිටුවන ලද අතර පසුව එය වර්ෂ 1978 දී ශ‍්‍රී ලංකා ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට පවරා ගන්නා ලදී. 

2021 වසරේ සිය 25 වන සංවත්සර කඩඉම පසුකළ පීපල්ස් ලිසිං සමාගම පරිසර හිතකාමී ව්‍යාපෘති රැසක් සිදුකරන අතර 2018 වසරේ සිට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ උපදේශකත්වයෙන් යුතුව ශ‍්‍රී ලංකා ජෛව විවිධත්ව සංගමය සහ තවත් ව්‍යාපාරික ආයතන කිහිපයක් සමග එක්ව  ඕපාත කන්නෙලිය රක්ෂිතයට යාබදව පිරිහී ගිය පර්ණාංග ඉඩමක් යථා තත්ත්වයට පත්කිරීමට සිය දායකත්වය සපයයි.

පීපල්ස් ලීසිං සමාගම යනු ශී‍්‍ර ලංකාවේ ප‍්‍රමුඛ පෙළේ බැංකු නොවන මුදල් ආයතනයක් වන අතර ප‍්‍රමුඛ රාජ්‍ය බැංකුවක් වන මහජන බැංකුවට අනුබද්ධිත මුදල් ආයතනයකි. විශේෂිත ලීසිං සමාගමක් ලෙස 1996 දී මෙහෙයුම් කටයුතු ආරම්භ කළ පීපල්ස් ලීසිං සමාගම 2011 වසරේ කොළඹ කොටස් වෙළඳපලේ ලැයිස්තුගත විය. පීපල්ස් ලීසිං සමාගම බංග්ලාදේශයේ විදේශීය ව්‍යාපාරයක් ඇතුළු අනුබද්ධිත ක්ෂේත‍්‍ර හයක් හරහා විවිධාංගීකරණය වු බැංකු නොවන මූල්‍ය බලවතෙක් දක්වා වර්ධනය වී ඇත.

ජායාරූප 01 ජාතික සත්්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් ශර්මිලා රාජපක්‍ෂ මහත්මියගේ සුරතින් දැනුවත් කිරිමේ පුවරුව නැරඹුම් අයිතියට පත්වන අවස්ථාව. පසෙකින් පීපල්ස් ලීසිං සමාගමේ (අලෙවි, සන්නිවේදන හා සමාජ සත්කාර& අංශ ප‍්‍රධානි හිෂාන්ත වැල්මිල්ල මහතා, පීපල්ස් ලීසිං සමාගමේ කෑගල්ල ශාඛාවේ කළමනාකරු රොෂාන් මඩවල මහතා සිටී


Share with your friend
Leave a Comment

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply