Site icon Eyeview Sri Lanka

පීපල්ස් ලීසිං සමාගම, වෙළෙඳ සේවා අන්තර් සමාජ පිළිමළුන් පිටුදැකීමේ මේසපන්දු තරගාවලියේ “බී” කාණ්ඩයේ ශූරතාවය දිනා ගනී.

Share with your friend

Advertisements

පීපල්ස් ලීසිං මේසපන්දු කණ්ඩායම ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලීය ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පසුගියදා පැවැති 63වැනි වෙළෙඳ සේවා අන්තර් සමාජ පිළිමළුන් පිටුදැකීමේ මේසපන්දු තරගාවලියේ (Mercantile Inter Club Knockout Table Tennis Championship 2022) පිරිමි “බී” කාණ්ඩයේ ශූරතාව දිනාගැනීමට සමත්විය. එහිදි පීපල්ස් ලීසිං කණ්ඩායම හමුවේ එම්ජේ ඉන්ටර්නැෂනල් (පුද්ගලික) සමාගම (බී කණ්ඩායම) පරාජයට පත්විය.

මෙම ශූරතාවය දිනාගත් පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගමේ කණ්ඩායම ඕෂාද් සේතුංග (කණ්ඩායම් නායක), තරිදු සෙනෙවිරත්න, අවිශ්ක ඩිල්ශාන් සිල්වා සහ සදුන් පෙරේරා යන ක්‍රීඩකයන්ගෙන් සමත්විය. මෙම තරගාවලිය වෙළෙඳ සේවා මේසපන්දු සංගමය (Mercantile  Table Tennis Association) සංවිධානය කරන ලද අතර එහි කුසලාන සහ සහතිකපත් ප්‍රදානය මධුශංක ගම්මන්පිල (උප සභාපති-තරගාවලි සහ ඉසව්) මහතාගේ ප්‍රදානත්වයෙන් සිදුවිය. 

පීපල්ස් ලීසිං සමාගම යනු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ බැංකු නොවන මුදල් ආයතනයක් වන අතර ප්‍රමුඛ රාජ්‍ය බැංකුවක් වන මහජන බැංකුවට අනුබද්ධිත මුදල් ආයතනයකි. විශේෂිත ලීසිං සමාගමක් ලෙස වර්ෂ 1996 දී මෙහෙයුම් කටයුතු ආරම්භ කළ පීපල්ස් ලීසිං සමාගම 2011 වසරේ කොළඹ කොටස් වෙළඳපලේ ලැයිස්තුගත විය. පීපල්ස් ලීසිං සමාගම බංග්ලාදේශයේ විදේශීය ව්‍යාපාරයක් ඇතුළු අනුබද්ධිත ක්ෂේත්‍ර හයක් හරහා විවිධාංගීකරණය වු බැංකු නොවන මූල්‍ය බලවතෙක් දක්වා වර්ධනය වී ඇත. 


Share with your friend
Exit mobile version