පීපල්ස් ලීසිං සමාගම CA Sri Lanka TAGS Awards 2022 හි තවත් කීර්තිමත් සම්මානයක් දිනාගනී

Share with your friend

පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පි.එල්.සි සම්මානලාභි මුල්‍ය විසඳූම් සපයන්නා ලෙස CA Sri Lanka TAGS Awards 2022 සම්මාන උළෙලේදී බැංකු නොවන මුල්‍ය අංශයේ ලෝකඩ පදක්කම දිනාගැනීමට සමත් විය.

පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පි.එල්.සි එසේ සම්මානයට පාත්‍රවූයේ කොළඹ ෂ්‍රැංග්‍රිලා හෝටල් පරිශ්‍රයේ පසුගියදා පැවති CA Sri Lanka TAGS Awards 2022 සම්මාන උළෙලේදී 2021/2022 වසරවල (බැංකු නොවන මුල්‍ය අංශයේ) මුළු සමූහ වත්කම් රුපියල් බිලියන 20ට වැඩි සමාගම් අංශයෙනි.

පීපල්ස් ලීසිං මුල්‍ය සමාගම වාර්තාකරණයේ විනිවිදභාවය හා සමාජ වගකීම් පවත්වාගෙන යාමට දරන උත්සාහය, අඛණ්ඩව වාර්ෂික වාර්තාව සඳහා ලැබෙන දේශිය හා ජාත්‍යන්තර සම්මාන තුළින් මනාව පිළිබිඹුවේ. මෙම ක්ෂේත්‍රයන්හි පවතින ප්‍රමිතීන් අනුගමනය කරමින් කටයුතු කිරීමට සමාගම ගන්නා වු  කැපවීම  තවදුරටත් මෙම සම්මාන වලින් සනාථ වේ. 

මෙම CA Sri Lanka TAGS Awards 2022 සම්මාන ප්‍රදානය ශ්‍රි ලංකා වරලත් ගණකාධිකාරීවරුන්ගේ ආයතනය විසින් සංවිධානය කරනු ලබන්නකි. මෙරට ව්‍යාපාරික ක්ෂේත්‍රය වෙනුවෙන් පවත්වන සම්මාන ප්‍රදානයන් අතරින් වඩාත් කීර්තිමත් සහ ස්ථාපිත ආයතනික සම්මාන ප්‍රදානය මෙය ලෙසින් සැලකේ. පුරා වසර 57ක් පුරා මෙරට ආයතනික විශිෂ්ටත්වය හා පැවැත්මකට අණදෙමින් CA Sri Lanka නව පරිච්ජේදයක් සනිටුහන් කරමින් වාර්ෂික වාර්තා සංකල්පගත කර එහි විනිවිදභාවය, වගවීම, පාලනය තිරසාරත්වය ගවේෂණාත්මකව නැවත සංකල්පනයකිරීම සහ සන්නාමකරණය තුළින් සුරක්ෂිත කර ඇත. 

මෙවර පීපල්ස් ලීසිං සමාගමේ 2021/22 වාර්ෂික වාර්තාවේ තේමාව වුයේ සාර්ථකත්වයේ ‘සබැඳියාවය’ ^’Linked’& යන්නය. ඒ අනුව සමාගමේ 9වන සමෝධානික වාර්ෂික වාර්තාව තිරසාරත්වයේ මුලික කරුණු පවත්වාගනිමින් ඩිජිටල්කරණයද සමඟ සිය සමාගමේ සන්නාමය පුළුල්කිරීමේ මෙහෙවර උදෙසා මෙවර සමාගමේ උපාය මාර්ග විදහා දක්වයි.  

2021/2022 පීපල්ස් ලීසිං වාර්ෂික වාර්තාව “CMA විශිෂ්ට ඒකාබද්ධ වාර්තාකරණ සම්මාන 2022හිද පිළිගැනීමට ලක්වූ අතර ‘රජය සතු ව්‍යවසාය සමාගම්-මූල්‍ය හා ලීසිං’ කාණ්ඩයේ හොදම ඒකාබද්ධ වාර්තාව සඳහා කුසලතා  සම්මානයක්ද  දිනාගනු ලැබීය. එමෙන්ම 2020/2021 SAFA හොදම ඉදිරිපත්කිරීමේ වාර්ෂික වාර්තා සම්මාන උළෙලේදී හා SAARC Anniversary Awards for the Corporate Governance Disclosures Competition- 2021 මූල්‍ය සේවා අංශයෙන් 2021 වසර සඳහා කුසලතා සහතිකයක්ද දිනාගත්තේය. 

පීපල්ස් ලීසිං සමාගම යනු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ බැංකු නොවන මුදල් ආයතනයක් වන අතර ප්‍රමුඛ රාජ්‍ය බැංකුවක් වන මහජන බැංකුවට අනුබද්ධිත මුදල් ආයතනයකි. විශේෂිත ලීසිං සමාගමක් ලෙස වර්ෂ 1996දී මෙහෙයුම් කටයුතු ආරම්භ කළ පීපල්ස් ලීසිං සමාගම 2011 වසරේ කොළඹ කොටස් වෙළඳපලේ ලැයිස්තුගත විය. පීපල්ස් ලීසිං සමාගම බංග්ලාදේශයේ විදේශීය ව්‍යාපාරයක් ඇතුළු අනුබද්ධිත ක්ෂේත්‍ර හයක් හරහා විවිධාංගීකරණය වු බැංකු නොවන මූල්‍ය බලවතෙක් දක්වා වර්ධනය වී ඇත.

ඡායාරූප විස්තරය

පීපල්ස් ලීසිං මුල්‍ය අංශයේ ප්‍රධාන කළමණාකාර ඔමල් සුමනසිරි මහතා (දකුණේ සිට සිව්වැනි) හා පීපල්ස් ලීසිං හි අවදානම් කළමණාකරණ හා පාලන කළමණාකාරිනී අකිලා සමරසිංහ මෙනෙවිය (දකුණේ සිට තෙවැනි) විසින් CA Sri Lanka TAGS Awards 2022 සම්මාන උළෙලේදී පීපල්ස් ලීසිං ආයතනයට හිමිවූ ලෝකඩ සම්මානය, CA Sri Lanka  සභාපති සංජය බණ්ඩාර මහතා අතින් තම සමාගමට හිමි සම්මානය ලබාගත් අවස්ථාව CA Sri Lanka TAGS Awards හි කමිටු සභාපති තිවංක ජයසිංහ මහතා (දකුණේ සිට පළමු), දුලානි ප්‍රනාන්දු මෙනෙවිය, CA Sri Lanka හි ප්‍රධාන විධායක නිලධාරී (වමේ සිට පළමුව), ශ්‍රි ලංකා ජර්මානු කර්මාන්ත හා වාණිජ නියෝජිත පිරිසේ ප්‍රධාන නියෝජිත මාරී ඇන්ටෝනියා වොන් ෂොන්බර්ග් මහත්මිය (වමේ සිට දෙවැනි) ඡායාරූපයෙහි දැක්වේ.


Share with your friend
Leave a Comment

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply