Site icon Eyeview Sri Lanka

පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිවල විශාල මිල ගණන් සම්බන්ධයෙන් අමාත්‍ය කබීර්  සිදුකළ ප්‍රකාශය පුනර්ජනනීය බලශක්ති කැඳවුම්කරු විසින් ප්‍රශ්න කරයි.

Share with your friend

පාර්ලිමේන්තු අදහස් දැක්වීමෙන් පසු විනිවිදභාවය සහ ලංසු ප්‍රසම්පාදනය අනාරක්ෂිත බව පවසයි.

මෙරට තිරසාර බලශක්තිය සහ ප්‍රජා සුබසාධන කටයුතු  ප්‍රවර්ධනය කිරීම කෙරෙහි දායකත්වය සපයන ශ්‍රී ලංකා නීල – හරිත සන්ධානය (Sri Lanka blue – green Alliance ) විසින්  ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්තිය සඳහා සිදු කෙරෙන ආයෝජන පිළිබඳ ඔවුන්ගේ අනාගත දැක්ම ඉදිරිපත් කිරීමේ අරමුණින් සංවිධානය කළ  මාධ්‍ය හමුවක් පසුගියදා  ශ්‍රී ලංකා ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේදී  පවත්වන ලදී.

මෙහිදී සභාව ආමන්ත්‍රණය කරමින් ශ්‍රී ලංකා නීල – හරිත සන්ධානයේ ප්‍රධාන ලේකම් රාජිත අබේගුණසේකර මහතා මෙසේ සඳහන් කළේය. “අපගේ සංවිධානයේ ප්‍රධාන අරමුණ වන්නේ හරිත ආර්ථිකය සහ හරිත බලශක්තිය ප්‍රවර්ධනය කිරීමයි.  දූපතක පිහිටි රාජ්‍යයක් ලෙස අපි අපගේ ස්වභාවික සම්පත් උපරිමයෙන් ප්‍රයෝජනයට ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. එම නිසා පුනර්ජනනීය බලශක්තිය අපිට ඉතා වැදගත් වෙනවා.”

පසුගිය දිනවලදී  පාර්ලිමේන්තුවේදී ද මේ පිළිබඳ  කරුණු රැසක් සාකච්ඡාවට ලක්විය.

ජාතික විදුලිබල පද්ධතිය වෙත 50MW එකතු කිරීමේ ව්‍යාපෘතිය සඳහා ලංකා විදුලිබල මණ්ඩලය (ලංවිම) විසින් ටෙන්ඩර් කැඳවා තිබෙන බැවින් අදානි සමූහයේ 500MW ව්‍යාපෘතිය ප්‍රමාද කරන ලෙස ගරු කබීර් හෂීම් මහතා විසින් පාර්ලිමේන්තුවේදී ඉල්ලීමක් සිදු කර තිබේ. එහිදී තවදුරටත් අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ , ‘යෝජිත ඒකක මිල ඇමරිකානු ඩොලර් ශත 7ක් බව ඔහු දැනගත්තේ ටෙන්ඩර් මඟින්’ බවයි. මෙමඟින් කබිර් හෂීම් මහතාට කිසියම් ප්‍රතිලාභයක් හිමිවන්නේද යන ගැටලුව ඔහුගේ මෙම අවදානම් සහගත ප්‍රකාශය තුළින් මතු වේ. මෙවැනි මිල හෙලිකිරීම් මඟින් 500MW ව්‍යාපෘතියට මෙන්ම 50MW ව්‍යාපෘතිය සඳහා අපගේ ප්‍රසම්පාදන ක්‍රියාපටිපාටිය පිළිබඳ ලංසුකරුවන්ගේ විශ්වාසයට ද තර්ජනයක් ඇති කරනු ඇත. එම නිසා මෙම ප්‍රකාශය හුදෙක් දේශපාලනික ක්‍රියාවක් බව පසක් වන අතර එහි කිසිදු හරයක් ද නැත.ඒ අනුව නීල – හරිත සන්ධානය විසින් එම ප්‍රකාශයන්හි පදනම් විරහිත බව මෙන්ම එමඟින් රටේ පුරවැසියන්ට සිදුකරන අහිතකර බලපෑම පිළිබඳ  පෙන්වා දෙයි. 

මෙවැනි අර්ථපූර්ණ සංවාදයන්ට නායකත්වය ලබාදෙමින් ප්‍රගතිශීලී ප්‍රතිපත්ති වෙනුවෙන් සිය දාකත්වය සැපයීම ඔස්සේ ශ්‍රී ලංකා නීල – හරිත සන්ධානයේ සාමුහික ප්‍රයත්නයන් තුළ තිබෙන අපේක්ෂාසහගත බව සහ අධිෂ්ඨානය මැනවින් පැහැදිලි වේ.

වීඩියෝ දර්ශන සබැඳිය වෙත පිවිසීම සඳහා –  https://we.tl/t-lgjF6lRwHz 


Share with your friend
Exit mobile version