බවර් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී රොල්ෆ් බ්ලාසර්, 2022 වසරේ වඩාත්ම ඇගයීමට පත් ප්‍රධාන විධායක නිලධාරියා ලෙස නම්කෙරේ

Share with your friend

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විවිධාංගීකරණයට ලක්වූ ව්‍යාපාර සමූහයක්වන A. Baur & Co. (පුද්ගලික) සමාගම හෙවත්, බවර් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සහ කළමනාකාර අධ්‍යක්ෂ රොල්ෆ් බ්ලාසර් මහතා, 2022 වසරේ වඩාත්ම ඇගයීමට පත් ප්‍රධාන විධායක නිලධාරියා ලෙස පසුගියදා සම්මානයට පාත්‍ර වූයේය. අභියෝගවලින් පිරුණු 2022 වර්ෂය තුළ ඔහුගේ නායකත්ව දැක්ම, ශක්තිය සහ නවෝත්පාදන වර්ධනීය චින්තනය ඇගයීමට ලක්කරමින් මෙම සම්මානය හිමිවිය.  

The CEO Magazine Sri Lanka සඟරාව විසින් සංවිධානය කරන ලද 2022 CEO of the Year සම්මාන උළෙල, පෙබරවාරි 1 වැනිදා කොළඹ Cinnamon Grand හෝටලයේදී පැවැත්වුණි. ශ්‍රී ලංකාවේ ව්‍යාපාර සහ ආර්ථික ක්ෂේත්‍රය තුළ සුවිසල් කාර්යභාරයක් ඉටුකරන ප්‍රකට සම්භාවනීය ආරාධිතයෝ රැසක් එම උත්සවයට එක්ව සිටියහ.  

දශක ගණනාවක් පුරා ප්‍රකට සහ කීර්තිමත් දේශීය සහ ජාත්‍යන්තර සැපයුම්කරුවන් අතර ඉහළම ඉල්ලුමක් ඇති ව්‍යාපාරික සහකරුවෙක් ලෙස අඛණ්ඩව රැඳීසිටීමේ අරමුණ ඇතිව, බ්ලාසර් මහතාගේ නායකත්වය යටතේ, සිය ක්‍රමෝපායික දිශානතියේ ශීඝ්‍ර පරිවර්තනයක් ළඟාකරගැනීමට බවර් සමාගමට හැකිවිය. ශ්‍රී ලාංකිකයින් රැසකගේ සේවා ස්ථාන තෝරාගැනීමට බවට බවර් එම කාලය තුළ පත්වීම ද කැපී පෙනෙන ජයග්‍රහණයකි. 

ඊට අමතරව සෙසු සමාගම්වලට ආදර්ශයක් සපයමින් අලුත්ම සේවක ප්‍රතිලාභ වැඩසටහන් හඳුන්වා දීමට ද බවර් සමාගම කටයුතු කළේය. ඒ අනුව ශ්‍රී ලංකාවේ පළමු වරට, සියලුම සේවකයින් සඳහා සුවිශේෂී ළමා උපකාරක ප්‍රතිලාභයක් හඳුන්වා දීමට ද සමාගම පියවර ගත්තේය. වසර 125ක ප්‍රගතිශීලී නවෝත්පාදන සංස්කෘතිය මෙන්ම සිය ස්විට්සර්ලන්ත උරුමය සහ වටිනාකම් පද්ධති සමඟ, හුදෙක් ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික පොහොර සමාගම පමණක් නොව විවිධ අංශවල වේගයෙන් වර්ධනයවන නාමයක් බවට බවර් සමාගම පත්ව තිබේ. 

Sandoz, Norvatis, Roche (ඖෂධ), Omron, Nouvag, Medtronic (ශල්‍ය වෛද්‍ය සහ රෝග විනිශ්චය), Johnson & Johnson, Nestle, Marico (පාරිභෝගික), Kluber Lubrication, Kisco, Datacolor (රෙදි යන්ත්‍ර), Elanco, Lonza, AgBiTech (කෘෂිකර්මාන්ත), සහ Swiss Air Lines, Swiss Tours, Edelweiss, සහ Ecole hôtelière de Lausanne (සංචාරක සහ අධ්‍යාපන) ආදී බවර්හි දිගුකාලීන හවුල්කරුවන් සමඟ පවතින සබඳතා ද තවදුරටත් ශක්තිමත් වෙමින් පවතී.

නිසඟ විශ්වාසය, අභිමානය, මිත්‍රත්වය සහ විනෝදය ආදියෙන් හෙබි ඉහළ මට්ටමේ සේවා ස්ථාන සංස්කෘතියක් ද බවර් සමාගම සතු ය. අන්‍යෝන්‍ය ගෞරවය, සැලකිල්ල සහ අඛණ්ඩතාව සහතික කරන අතරම, නව අවස්ථා සහ වගකීම් භාර ගැනීමට අවස්ථාව සලසා දෙමින් සිය කාර්යමණ්ඩලයේ පෞද්ගලික සහ වෘත්තීය සංවර්ධනය සඳහා ද බවර් සමාගම සහාය වෙයි. සමාගම විසින් ක්‍රියාත්මක කරනු ලබන නායකත්ව පෙරහුරු වැඩසටහන සහ Baurs Toastmasters Club ඒ අතුරින් කැපීපෙනෙයි.

වසංගතයේ උච්චතම අවස්ථාව තුළ රැකියා කප්පාදුවකින් හෝ වැටුප් අඩු කිරීමකින් තොරව ඉහළම රැකියා සුරක්ෂිතභාවයක් සහතික කළ මෙරට සමාගම් අතළොස්ස අතරට බවර් සමාගම ද අයත් වේ.  තව ද, අඩු ආදායම්ලාභී කාර්යමණ්ඩලයට රක්ෂණ ආවරණය වැඩි කිරීම ඇතුළු විවිධ මූල්‍ය හා මූල්‍ය නොවන ආධාර ලබා දුන් අතර සේවකයින් ආපසු පිළිගැනීම සඳහා ද සංවේදී ක්‍රියාකාරකම් රාශියක් සංවිධානය කරන්නට යෙදුනි. 

විවිධත්වය, සමානාත්මතාවය සහ අන්තර්කරණය ආදිය සමඟ පෙලගැසී ඇති ප්‍රතිපත්ති සහ වැඩසටහන් සමඟින් බවර් සමාගම සිය කාර්යමණ්ඩලයේ මානසික යහපැවැත්ම පිළිබඳ අන් කවරදාටත් වඩා වැඩි අවධානයක් යොමු කර තිබේ. ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ කාන්තාවන් සවිබල ගැන්වීම ද බවර් සමාගමේ දිගුකාලීන දර්ශනයක් සහ භාවිතයක් වේ. විශේෂයෙන්ම එය, එක්සත් ජාතීන්ගේ Global Compact (UNGC) වැඩසටහන සහ එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක 17 (SDGs) ළඟාකරගැනීමෙහිලා අත්‍යවශ්‍ය සාධකයකි. ප්‍රජාව වෙත නැවත සත්කාර කිරීමේ පරමාර්ථය ඔස්සේ, තම සේවකයින් සහ සැපයුම්කරුවන් සමඟ එක්ව බොහෝ ප්‍රජා සහ සමාජ විනෝදාස්වාද ක්‍රියාකාරකම් ද බවර් සමාගම සංවිධානය කරයි.


Share with your friend
Leave a Comment

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply