Eyeview Sri Lanka

බවර් සමාගම, ප්‍රගතිශීලීත්වයේ සහ නවෝත්පාදනයේ 127 වසරක අභිමානය සමරයි

Share with your friend

ශ්‍රී ලංකාවේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් පෙරදැක්මකින් යුතුව ක්‍රියාත්මකවන, විද්‍යාත්මක සහ වෘත්තීමය දැනුම මුසුකරගත් නවෝත්පාදන සමාගම් සමූහයක්වන බවර් සමාගම, සිය 127 වසරක අඛණ්ඩ වර්ධනය සහ ප්‍රගතිය මේ වසරේ  අභිමානයෙන් සමරනු ලබයි.   

බවර් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සහ කළමනාකාර අධ්‍යක්ෂ රොල්ෆ් බ්ලාසර් මහතා

දේශීය කෘෂිකර්මාන්තයේ සංවර්ධනය සහ නවෝත්පාදනය වෙනුවෙන් ද ප්‍රමුඛ කාර්යභාරයක් ඉටුකරන බවර් සමාගම, 2021 වසරේදී ශ්‍රී ලංකාව කාබනික කෘෂිකාර්මික ප්‍රතිපත්තියකට යොමුවීමත් සමඟ ඒ වෙනුවෙන් සුවිශේෂී පියවර ගණනාවක් ගනුලැබීය. සමාගම විසින් වසර ගණනාවක් පුරා පවත්වාගෙන යන පර්යේෂණ සහ සංවර්ධන වැඩපිළිවෙළ ද, තිරසර කාබනික කෘෂිකර්මාන්තයක් වෙනුවෙන් සාමූහික සැලසුම ද, ස්විට්සර්ලන්තයේ FiBL සහ HAFL ආයතනවල මෙන්ම මෙරට කෘෂි ක්ෂේත්‍රයේ විවිධ අංශවල විශේෂඥ දැනුම ද ඊට උපකාරී විය.

2018 වසරේ සිට සිදුකරන ලද අත්හදාබැලීම්වලින් අනතුරුව මේ වසර මුලදී සුපර් යූරියා වෙළෙඳපොළට ඉදිරිපත්කිරීමට බවර් සමාගම කටයුතු කළේ ද එම ප්‍රතිපත්තිය මූලික කරගනිමිනි. සුපර් යූරියාවල විශේෂත්වය වන්නේ අමෝනියා වාෂ්පශීලීත්වය අවමකරමින් සහ, පසේ නයිට්‍රජන් සංයුතිය වර්ධනය අවමකරමින් ද්විත්ව කාර්යභාරයක් සිදුකිරීමයි. ඒ හරහා නයිට්‍රජන් පොහොර භාවිතයේ කාර්යක්ෂමතාව වර්ධනයවන අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ඉහළ අස්වැන්නක් ද ලබාගත හැක. ඒ අවම පාරිසරික බලපෑමක් යටතේ ජනතාවට වඩාත් සෞඛ්‍ය සම්පන්න ආහාර ලබාගැනීමේ අවස්ථාව උදාකරදෙමිනි. ‍

බවර් සමාගමේ ඖෂධ බෙදාහැරීම් අංශය ද එහි දැවැන්ත බෙදාහැරීම් ජාලය, ලොව උසස්ම තත්ත්වයේ සේවාව සහ තාක්ෂණික දියුණුව හේතුවෙන් විශාල වර්ධනයක් අත්පත්කරගෙන තිබේ. පසුගිය වසරේදී ලොව දැවැන්තම ඖෂධ සේවා බහුජාතික සමාගමක්වන GSK සමඟ විශේෂ ගිවිසුමකට අත්සන් තැබූ බවර් සමාගම ශ්‍රී ලංකාව තුළ GSK නිර්දේශිත ඖෂධ සහ එන්නත් ආනයනය සහ බෙදාහැරීම සඳහා බලයලත් එකම නියෝජිතායතනය බවට ද පත්විය. ඊට අමතරව ප්‍රකට ජර්මානු බහුජාතික වෛද්‍ය උපකරණ නිෂ්පාදන සමාගමක්වන Fresenius Medical Care හි ශ්‍රී ලාංකික ශාඛාවවන Fresenius Medical Care Lanka සමාගම සමඟ ද බවර් සමාගම විශේෂ සහයෝගීතාවකට මුලපිරීය.

ඩිජිටල් පරිවර්තනයෙන් ද විශාල ඉදිරි පිමි රැසක් තැබීමට බවර් සමාගමට මෑතකාලීනව හැකිවිය. විශේෂයෙන්ම විකුණුම් බලකාය ඩිජිටල්කරණය කිරීම, දත්ත සහ විශ්ලේෂණ මෙන්ම විවිධ ව්‍යාපාර අංශ ඩිජිටල් ඒකාබද්ධතාවකට ලක්කිරීම, සයිබර් ආරක්ෂණය සහ ආපදා කළමනාකරණ පියවර, Machine learning, කෘතිම බුද්ධිය (AI) සහ Internet of Things ආදී නව ඩිජිටල් ක්‍රමවේද රැසක් බවර් සමාගමේ ප්‍රගතිය වෙනුවෙන් යොදාගැනුණි. එවැනි ඉදිරි පියවර ගණනාවකට නායකත්වය ලබාදුන් බවර් සමාගමේ තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂ අනෝජා බස්නායක, ශ්‍රී ලංකා පරිගණක සමාජය පළමුවරට ප්‍රකාශයට පත්කළ ජාතික ප්‍රධාන තොරතුරු තාක්ෂණ නිලධාරී ලැයිස්තුවට ද නම්කිරීම කැපීපෙනුණි.

බවර් සමාගමට අනුබද්ධිත ස්විස් හෝටල් කළමනාකරණ ඇකඩමිය Swiss Hotel Management Academy -SHMA) සහ තිරසර වර්ධනය සඳහා කුසලතා (Skills for Sustainable Growth -SSG)  වැඩසටහන මගින් මෙරට සංචාරක කර්මාන්තයට විශාල දායකත්වයක් හිමිකරදී තිබේ. ස්විස් රජය සමඟ සහයෝගීතාවයෙන් පවත්වාගෙන යනු ලබන මෙම වැඩසටහන හරහා මෙරට තරුණ ප්‍රජාවට සංචාරක කර්මාන්තයට අදාළ තාක්ෂණික දැනුමට අමතරව, ප්‍රයෝගික දැනුම සහ අත්දැකීම් මෙන්ම ජීවන කුසලතා දියුණුකරගැනීමේ අවස්ථාව ද උදාවී ඇත. මේ වසර තුළ නව පුහුණු මධ්‍යස්ථාන 10ක් විවෘත කිරීමට SSG වැඩසටහනට හැකිවූ අතර, 2025 වසර අවසාන වනවිට පුහුණු ශ්‍රමිකයින් 2,240ක් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට දායාද කිරීම එහි අරමුණයි.

සමාගමේ තිරසර වැඩපිළිවෙළ තවදුරටත් ඉදිරියට ගෙනයමින් ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේ නව සූර්ය පැනල පද්ධතියක් ස්ථාපිත කෙරුණි. කිලෝවොට් 168.56ක ධාරිතාවකින් යුත් මෙම සූර්ය පැනල පද්ධතිය මගින් වාර්ෂිකව කිලෝ වොට් පැය 233,792ක් නිපදවන අතර, කාර්යාල භූමියේ බලශක්ති අවශ්‍යතාවයෙන් 60%කට වැඩි ප්‍රමාණයක් සපුරාලීමට ඊට හැකියාව ඇත. ඒ හරහා වාර්ෂිකව කිලෝ ග්‍රෑම් 170,622ක කාබන් විමෝචන ප්‍රමාණයක් නවතාගැනීමටත් සමාගමේ පාරිසරික බලපෑම අවම කිරීමටත් මඟපෑදී තිබේ. ඉදිරියේදී මෙම වැඩපිළිවෙළ තවත් ප්‍රසාරණය කරමින් තම ගබඩා සංකීර්ණ සහ සෙසු මධ්‍යස්ථාන ද ආවරණයවන පරිදි මෙගා වොට් 7ක දැවැන්ත සූර්ය පැනල ජාලයක් සඳහා බවර් සමාගම ආයෝජනය කිරීමට සූදානමින් සිටී.

බවර් සමාගම ආරම්භයේ පටන්ම නවෝත්පාදනයට විශාල ඉඩක් ලබාදුනි. ස්විස් සාම්ප්‍රදායිකත්වය සහ වටිනාකම් හා බැඳුණු අතීතයක් හිමි බවර් සමාගම සිය සේවකයින්ගේ මෙන්ම ශ්‍රී ලාංකිකයින්ගේ ද අභිලාෂයන් වෙනුවෙන් සැමදා පෙනීසිටියේය. එබැවින් සමාගමේ ආයතනික සමාජ සත්කාර අංශය ද ශ්‍රී ලාංකික ජන සමාජය තුළ විශාල සුබවාදී වෙනසක් නිර්මාණය කිරීමට සමත්විය. UN Global Compact ආදී ආයතන සමඟ සහයෝගීතාව ඔස්සේ එම මෙහෙවර තවදුරටත් වර්ධනය විය.

මේ අතර තම සේවකයින්ගේ  වෘත්තිය වර්ධනය වෙනුවෙන් ද බවර් සමාගම විවිධ පියවර රැසක් ගෙන තිබේ. BMI Labs Switzerland  මගින් මෙහෙයවනු ලබන Business Model Innovation Training සහ Baurs Leadership Grooming for Young Leaders වැනි වැඩසටහන් ඊට සාක්ෂි සපයයි. තව ද සේවකයින්ගේ සේවා පැය ගණන් පිළිබඳ නම්‍යශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවර් සමාගම, පසුගිය දුෂ්කර කාලයන්හිදී තම සේවකයින්ගේ අවශ්‍යතා වෙනුවෙන් ද පෙනීසිටියේය. බවර් ටෝස්ට්මාස්ටර් සංගමය ද 2023/2024 වසරේ Golden Club Award, President Distinguished Club, Smedley Award, Dynamic Duo Award, Eight-80 Award, හා Early Bird Renewal Award වැනි සම්මාන රැසකින් පිදුම් ලැබීය. අපේ අරමුණ ශ්‍රී ලංකාවට හොඳම දේ දීම මිස ශ්‍රී ලංකාවේ හොඳම සමාගම වීම නොවෙයි, යනුවෙන් බවර් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සහ කළමනාකාර අධ්‍යක්ෂ රොල්ෆ් බ්ලාසර් මහතා ප්‍රකාශ කළේය.

– අවසන් –


Share with your friend
Exit mobile version