Eyeview Sri Lanka

බවර් හෙල්ත්කෙයාර් සමාගම සිය 80 වැනි සංවත්සරය අභිමානයෙන් සමරයි

Share with your friend

වසර 128 සාඩම්බර අතීතයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ දැවැන්තම විවිධාංගීකරණ සමාගම් සමූහයක්වන බවර් සමූහයට අනුබද්ධිත බවර් හෙල්ත්කෙයාර් සමාගම සිය 80 වැනි සංවත්සරය පසුගියදා අභිමානවත් ලෙස සමරන ලැබීය. 

වර්ෂ 1945දී ආරම්භකරන ලද බවර් හෙල්ත්කෙයාර් සමාගම එදා සිටම ගෝලීය මට්ටමේ ඖෂධ, වෛද්‍ය තාක්ෂණය, රෝග විනිශ්චය, ශල්‍ය උපකරණ සහ පෝෂණවේදය මෙරට ජනතාවට සමීප කරමින් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ප්‍රමිතිය ඉහළ නැංවීමට කැපවී සිටී. දශක අටක් පුරා නිරවද්‍යතාවය, ආචාර ධර්ම සහ ස්විස්-ගුණාත්මක වටිනාකම් පෙරටු කරගත් සමාගමේ අඛණ්ඩ කැපවීම තුළින් විශිෂ්ට පදනමක් ගොඩනඟාගෙන ඇත. ඉන් ඔබ්බට ගොස්, සිය ව්‍යාපාර සාර්ථකත්වය සමාජීය බලපෑම සමඟ පෙළගස්වමින් මෙරට ජනතාවගේ පොදු යහපැවැත්ම උදෙසා ද සමාගම විශිෂ්ට කාර්යභාරයක් ඉටුකරමින් සිටී. 

වසර ගණනාවක් පුරා, බවර් හෙල්ත්කෙයාර් ගෝලීය සෞඛ්‍ය සේවා සන්නාම රැසක් සමඟ උපායමාර්ගික හවුල්කාරිත්ව ගොඩනඟා ගෙන ඇත. GSK, Fresenius Medical Care, Nestlé Health Science, Roche, Sanofi, Isispharma, OMRON, Viatris (Mylan), Sandoz, Ajanta Pharma, Novartis, Alcon, Mega, Merck, Dexa, Eisai, MSD, Encube, CheplaPharm, Johnson & Johnson, Apex, Vitrolife, Unichem, Rohto, Medtronic, Welch Allyn, Becton Dickinson සහ Geister ඇතුළු ඉහළම ජාත්‍යන්තර සන්නාම නියෝජනය කිරීමටත් සහ බෙදා හැරීමටත් සමාගමට අවස්ථාව උදාවී තිබේ. මෙම උපායමාර්ගික සන්ධාන හරහා සෑම වයස් කාණ්ඩයකම සහ තරාතිරමකම පසුවන ශ්‍රී ලාංකිකයින්ට ජීවිතයේ ගුණාත්මක සෞඛ්‍ය සේවා විසඳුම් සඳහා ප්‍රවේශය සහතික කිරීමට ද තීරණාත්මක කාර්යභාරයක් ඉටු කර ඇත.

” බවර් හෙල්ත්කෙයාර් සමාගමට වසර 80 ක් සහ බවර්ස් සමූහයට වසර 128 ක් සපිරෙන මෙම සුවිශේෂී මොහොතේ, ශ්‍රී ලංකාව තුළ සෞඛ්‍ය සේවා ප්‍රවේශය, ගුණාත්මකභාවය සහ සෞඛ්‍ය සේවා සඳහා දැරිය හැකි මිල ගණන් හඳුන්වාදීම වෙනුවෙන් අපගේ සිදුකළ කාර්යභාර යළි සිහිපත් කිරීමට කැමැත්තමු. තව ද ගෝලීය වෛද්‍ය නවෝත්පාදන සහ ශ්‍රී ලාංකිකයින් අතර පාලමක් තැනීමට හැකිවීම ගැන අපි ආඩම්බර වෙමු,” යනුවෙන් බවර් සමූහයේ  ප්‍රධාන විධායක නිලධාරී/කළමනාකාර අධ්‍යක්ෂ රොල්ෆ් බ්ලාසර් මහතා පැවසුවේය. “අපගේ සාර්ථකත්වය අපගේ ප්‍රතිපත්ති, හවුල්කරුවන්, රෝහල් සහ, විශේෂයෙන්ම අපගේ සේවය ලබාගන්නා ජනතාව අප කෙරෙහි තබා ඇති විශ්වාසයට සාක්ෂියක්”, යනුවෙන් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

“අපගේ තිරසාර වර්ධනය සහ සෙසු ශක්තිමත් සබඳතා ගොඩනැගීමට දශක ගණනාවක විශ්වාසනීය සේවාව, ගුණාත්මකභාවය සහ ජාතික සෞඛ්‍ය  මට්ටම වැඩිදියුණු කිරීම සඳහා වූ පොදු දැක්ම උපකාරී විය. සුවිශේෂී චිකිත්සක සහ හදිසි රෝග සේවා සඳහා සැළකිය යුතු දායකත්වයක් දැක්වීමට හැකිවීම ගැන අපි ආඩම්බර වෙමු” යනුවෙන් බවර් හෙල්ත්කෙයාර් සමාගමේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ සහ අධ්‍යක්ෂ නිශාන්ත වීරසිංහ මහතා පැවසුවේය.

සිය 80 වැනි සංවත්සරයට සමගාමීව විශේෂ සමාජ සත්කාර වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට බවර් හෙල්ත්කෙයාර් සමාගම පියවර ගෙන තිබේ. ග්‍රෑන්ඩ්පාස් නව බස් මගී නැවතුම්පොළ ඉදිකිරීම, 1990 සුවසැරිය ගිලන්රථ සේවාව මඟින් හඳුන්වාදී ඇති ‘Adopt an Ambulance’ වැඩසටහන යටතේ ගිලන් රථයක් අලුත්වැඩියා කිරීම, සෙසු බවර් අනුබද්ධිත සමාගම් හා එක්ව දියත් කරන මුහුදු වෙරළ පිරිසිදු කිරීමේ ව්‍යාපෘතිය, රිජ්වේ ආර්යා රෝහලේ ළමා වාට්ටුව නවීකරණය කිරීම ආදී ව්‍යාපෘති රැසක් ඒ් අතර වේ. 

ISO 9001 සහ ISO 22000 සහතික දෙකම හිමි ශ්‍රී ලංකාවේ එකම සෞඛ්‍ය සේවා සමාගම, බවර් හෙල්ත්කෙයාර් වන අතර ඖෂධ ගබඩා කිරීම, බෙදා හැරීම සහ මෙහෙයුම් සම්බන්ධයෙන් සමාගම අනුගමනය කරන ඉහළ ප්‍රමිතීන් ඊට හේතුවී ඇත.  සමාගම සතුව අඛණ්ඩ උෂ්ණත්ව සටහන් කිරීම, දුරස්ථ සංවේදක අනතුරු ඇඟවීම් සහ විකල්ප බලශක්ති පහසුකම් ද සහිත ඝන අඩි 1,500 ක ශීතාගාර පහසුකමක් ද, වර්ග අඩි 20,000 ක පරිසර උෂ්ණත්ව පාලිත ඖෂධ ගබඩාවක් පවතී. එමඟින් WHO යහපත් ඖෂධ ගබඩා පිළිවෙත් (GSP) මෙන්ම සියලුම ප්‍රධාන හවුල්කරුවන්ගේ අනුකූලතා සාධනය කිරීමට ද හැකිව තිබේ. මෙනිසා ශ්‍රී ලංකාවේ ඕනෑම තැනකට පැය 24 ක් ඇතුළත පාරිභෝගික ඇණවුම් ලබා දීමට බවර් හෙල්ත්කෙයාර් සමාගමට හැකි වන අතර කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පැය දෙකක් ඇතුළත හදිසි ඇණවුම් හසුරුවනු ලැබේ.

නැවත බෙදාහැරීමේ මෘදුකාංග සහ ඩිජිටල් අලෙවි බලකායේ ස්වයංක්‍රීයකරණය වැනි අති නවීන තාක්‍ෂණය භාවිතයට ගනු ලබන බවර් හෙල්ත්කෙයාර් සමාගම, ඒ හරහා සැපයුම් දාම ක්‍රියාවලියේ කාර්යක්ෂමතාව ඉහළ නංවාගැනීමටත්, ඇණවුම් විධිමත් ලෙස ස්ථානගත කිරීමටත්, පාරිභෝගික සහ රෝගී අවශ්‍යතා පිළිබඳ වැදගත් තොරතුරු සපයාගැනීමටත් සමත්ව තිබේ. රට පුරා විහිදුණු බෙදාහැරීමේ ජාලය මගින් අත්‍යවශ්‍ය ඖෂධ, රෝග විනිශ්චය සහ වෛද්‍ය උපකරණ නියමිත වේලාවට, විශ්වාසදායක ලෙස සැපයීම සහතික කරයි. ඒ හරහා රට තුළ සෞඛ්‍ය සේවා සමානාත්මතාවය වැඩි දියුණු කිරීමට ද සමත්ව ඇත.

මෙම සුවිශේෂී සන්ධිස්ථානය සමරන අතරතුර, බවර් හෙල්ත්කෙයාර් සමාගම නවෝත්පාදනය, විශ්වසනීයත්වය සහ සත්කාරයේ උරුමය මත සිය අනාගතය සකස්කරගැනීමට සූදානමින් සිටී. ඉදිරියේදීත් නව හවුල්කාරිත්ව සබඳතා, යටිතල පහසුකම් සහ නව්‍ය තාක්‍ෂණය මත පදනම් වූ සැපයුම් දාම විසඳුම් සඳහා ආයෝජනය කිරීම සහ වෛද්‍ය සහ සමාජීය අවශ්‍යතා සපුරාලන ව්‍යාපෘති සඳහා සහාය වීමට සමාගම කටයුතු කරනු ඇත. මේ සියල්ල හරහා, සෞඛ්‍ය සේවා සැපයීම සහ සංවර්ධනය සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම හවුල්කරු ලෙස තම භූමිකාව තවදුරටත් ශක්තිමත් කිරීම බවර් සමූහයේ අපේක්ෂාවයි.


Share with your friend
Exit mobile version