Eyeview Sri Lanka

මහින්ද්‍ර, SUV කාණ්ඩයේ සැලසුම්, තාක්ෂණය සහ ආරක්ෂාව යළි අර්ථකථනය කරමින් XUV 3XO ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

Share with your friend

මහින්ද්‍ර ශ්‍රී ලංකා වෙළඳපොළට සිය නවතම සහ වඩාත් ආකර්ෂණීය SUV රථය වන Mahindra XUV 3XO හඳුන්වා දෙන ලදී. කැපී පෙනෙන නිමාවක්, අති නවීන තාක්ෂණයක්, ඉහළ මට්ටමේ ආරක්ෂාවක් සහ ශක්තිමත් කාර්ය සාධනයක් ලබා දෙන XUV 3XO මාදිලිය, MX3, AX5 සහ AX7L යනුවෙන් මාදිලි තුනකින් රුපියල් මිලියන 10.49ක් වැනි ආරම්භක මිලකට මිලදී මිලදී ගත හැකිය. XUV 3XO හඳුන්වාදීම, ශ්‍රී ලංකාව තුළ මහින්ද්‍ර අනන්‍යතාවය තවදුරටත් ශක්තිමත් කරන අතර, ශ්‍රී ලාංකේය පාරිභෝගිකයන් සඳහා නිර්මාණය කරන ලද උසස් තත්වයේ SUV රථ ලබා දීමට සමාගමේ ඇති කැපවීම අවධාරණය කරයි.  විශිෂ්ට කාර්ය සාධනයක් සහ නව තාක්ෂණික විශේෂාංග සමඟින් තරඟකාරී මිලකට ලබාදෙන XUV 3XO, වෙළඳපොළ තුළ සුවිශේෂී අවධානයක් දිනා ඇති අතර, එය මහින්ද්‍ර හි ශක්තිමත් කීර්තිනාමය, පාරිභෝගික විශ්වාසය සහ එහි නවීන SUV රථ සඳහා ඇති ඉහළ ඉල්ලුම මනාව පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාවේ මාර්ග සඳහා ගැළපෙන ලෙස නිර්මාණය කර ඇත.

කොළඹ නගරයේ කාර්යබහුල වීදිවල සිට සුන්දර වෙරළබඩ සහ කඳුකර මාර්ග දක්වා, ශ්‍රී ලංකාවේ විවිධ භූමි ප්‍රදේශවලට මනාව ගැළපෙන පරිදි XUV 3XO නිර්මාණය කර ඇත. මහින්ද්‍ර හි Global Design Studio හි නිර්මාණය කරන ලද එය ශක්තිමත් බව සහ නවීනත්වය මැනවින් සමතුලිත කරයි. නගරවල මෙන්ම ශ්‍රී ලංකාවේ ඕනෑම රළු පරළු මාර්ගයක වුවද එකසේ සුවපහසුව ගමන් කිරීමේ හැකියාව XUV 3XO රථය සතුවේ. 

මහින්ද්‍ර සමාගමේ ජාත්‍යන්තර මෙහෙයුම් ප්‍රධානී, සචින් අරොල්කාර් මහතා අදහස් දක්වමින් මෙසේ පැවසීය. “ශ්‍රී ලංකාව අපගේ ගෝලීය ව්‍යාප්ති සැලසුම්වල ප්‍රධාන වෙළඳපොළක් වන අතර XUV 3XO හඳුන්වාදීම මඟින් ශ්‍රී ලාංකික පාරිභෝගිකයින්ට ගැළපෙන තත්වයෙන් උසස් SUV රථයක් ලබා දීමට අප කළ කැපවීම මනාව පෙන්වා දෙනවා. මෙම XUV 3XO රථයේ  ශක්තිමත් ක්‍රියාකාරිත්වය, උසස් ආරක්ෂාව, නවීන තාක්‍ෂණය සහ විශිෂ්ට වටිනාකම නිසා එය ශ්‍රී ලංකාව තුළ සාර්ථක වනු ඇතැයි සහ එය ශ්‍රී ලංකාව තුළ මහින්ද්‍ර සන්නාමයෙහි පැවැත්ම ශක්තිමත් කරනු ඇතැයි අපි අපේක්ෂා කරනවා.”

අයිඩියල් මෝටර්ස් හි නිර්මාතෘ සහ සභාපති නලින් වෙල්ගම මහතා පැවසුවේ, “නව්‍යකරණය, නිර්මාණකරණය සහ කාර්ය සාධනයේ විශිෂ්ටත්වය නියෝජනය කරන මහින්ද්‍ර XUV 3XO රථය මහින්ද්‍ර සමාගම විසින් එළිදැක්වීම පිළිබඳව අපි සතුටු වෙනවා. මෙම හඳුන්වා දීම මහින්ද්‍ර සමඟ අපගේ දිගුකාලීන ව්‍යාපාර හවුල්කාරිත්වයේ තවත් වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරන අතරම ජාත්‍යන්තර තලයේ ගමනාගමන විසඳුම් ශ්‍රී ලංකාවට ගෙන ඒම සඳහා වන අපගේ දැක්ම තවදුරටත් ශක්තිමත් කරනවා. XUV 3XO යනු මහින්ද්‍ර හි ඉංජිනේරු විශිෂ්ටත්වය සහ වෙනස් වන පාරිභෝගික අවශ්‍යතා පිළිබඳ ඔවුන් සතු ගැඹුරු අවබෝධය සඳහා කදිම නිදසුනක්. අයිඩියල් මෝටර්ස් හි අපි මෙවැනි අති නවීන වාහන ශ්‍රී ලංකා වෙළඳපොළට හඳුන්වා දීම සඳහා පෙරමුණ ගැනීමට හැකිවීම පිළිබඳ ආඩම්බර වෙනවා වගේම, මෙම SUV රථය එම කාණ්ඩයේ සාර්ථකත්වය අත්කර ගනු ඇතැයි අපි දැඩිව විශ්වාස කරනවා.” යනුවෙනි.

වගකීම් කාලය, සේවා සැලැස්ම, මිල ගණන් සහ ලබා ගැනීමේ හැකියාව

මාදිලියසිල්ලර මිල
XUV 3XO MX3රුපියල් මිලියන 10.495
XUV 3XO AX5රුපියල් මිලියන 11.995
XUV 3XO AX7Lරුපියල් මිලියන 12.995


– වසර 5ක හෝ කිලෝමීටර් 150,000ක කර්මාන්තශාලා වගකීමක්.

– වැඩි විස්තර සඳහා හෝ පරීක්ෂණ ධාවනයක් (Test Drive) වෙන්කරවා ගැනීමට, www.mahindrasrilanka.lk වෙත පිවිසෙන්න.

* මිල ගණන් හි VAT බදු සහ වත්මන් බදු ඇතුළත් වේ. නියමයන් සහ කොන්දේසි අදාළ වේ.

ශ්‍රී ලංකාවේ ගමනාගමනයේ අනාගතය හැඩගැස්වීම සඳහා කැපවී සිටින අයිඩියල් මෝටර්ස්, උසස් නිෂ්පාදන හඳුන්වාදීම, තිරසාර විසඳුම් ලබා දීම සහ අසමසම පාරිභෝගික අත්දැකීම් ලබා දීම කෙරෙහි අඛණ්ඩ අවධානය යොමු කරයි.


Share with your friend
Exit mobile version