Eyeview Sri Lanka

මැලිබන් බිස්කට් සමාගම SSC කාන්තා සහ පිරිමි  ක්‍රිකට් වර්ධනය සඳහා එක්වෙයි.

Share with your friend

වසර 70කට වැඩි ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ බිස්කට් සන්නාමයක් වන මැලිබන්, රටේ ඓතිහාසික ක්‍රීඩා ආයතනයක් වන සිංහල ක්‍රීඩා සමාජය (SSC) සමඟ නව හවුල්කාරිත්වයකට එළඹ තිබේ. මෙම හවුල්කාරිත්වය යටතේ, මැලිබන් ආයතනය්ස් මගින් SSC හි පිරිමි සහ කාන්තා ක්‍රිකට් කණ්ඩායම් දෙකටම අනුග්‍රහය ලබාදෙන අතර, ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව නගාසිටුවීමට සහ තරුණ දක්ෂතා පෝෂණය කිරීමට තම කැපවීම තහවුරු කරයි.

මැලිබන් ආයතනය, දශක ගණනාවක උරුමයකින් යුතුව, එකමුතුකම සහ ප්‍රගතිය වැනි ගුණාංග වෙනුවෙන් පෙනී සිට ඇත. SSC සමඟ මෙම හවුල්කාරිත්වය, ශ්‍රී ලංකාවේ ක්‍රීඩා සංස්කෘතිය ඉහළ නැංවීමට එක්ව කටයුතු කරන ආයතන දෙකක එකමුතුවකි.

1899දී ආරම්භ වූ SSC, ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ “නිවහන” ලෙස සැලකේ. අර්ජුන රණතුංග, අරවින්ද ද සිල්වා, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන සහ දිමුත් කරුණාරත්න වැනි ජාත්‍යන්තර ක්‍රීඩකයන් බිහිකිරීමට SSC මූලික වී ඇත. අදටත්, මෙම සමාජය තරුණ ක්‍රීඩකයන්ගේ දක්ෂතා වර්ධනය කරමින් අනාගත ශූරයන් බිහිකිරීමට මඟ පාදයි.

SSC හි සභාපති රංජිත් පණ්ඩිතගේ මහතා පැවසුවේ, “මැලිබන් ආයතනයේ ත්‍යාගශීලී අනුග්‍රහයට අපි බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. මෙම හවුල්කාරිත්වය ශ්‍රී ලංකාවේ ක්‍රිකට් උරුමය රැකගනිමින් ක්‍රීඩා විශිෂ්ටත්වය පෝෂණය කිරීමට ඇති අපගේ කැපවීම පිළිබිඹු කරනවා. ඔවුන්ගේ දායකත්වය අපගේ ක්‍රිකට් ක්ෂේත්‍රය ඉහළ නැංවීමට ඉතා වැදගත් වෙනවා.”

මැලිබන් ආයතනික සන්නිවේදන ප්‍රධානී පෝසිත පෙරේරා මහතා මෙසේ පැවසීය , ක්‍රිඩා අලෙවිකරණයේ බලය අපි වටහාගත්තා. එය වෙළඳ නාම ගොඩනැඟීමට පමණක් නොව, ක්‍රීඩාව සහ ක්‍රීඩකයන් ඉහළ නැංවීමටත් උපකාරී වෙනවා. SSC සමඟ මෙම හවුල්කාරිත්වය ශ්‍රී ලාංකිකයන්ගේ හැකියාවන් එළිදැක්වීමට සහය වෙනවා. SSC කියන්නේ ක්‍රිකට් ක්‍රීඩකයන්ට තෝතැන්නක්. ඔවුන් සමඟ එක්ව අපි තරුණ දක්ෂතාවයන්ට බබළන්න මඟ සලසමින්, ශ්‍රී ලංකාවේ ක්‍රිකට් උරුමය ශක්තිමත් කරනවා.”

SSC හි ක්‍රිකට් කමිටුවේ සභාපති සමන්ත දොඩන්වෙල මහතා පැවසුවේ, “මැලිබන් වැනි සන්නාමයක් සමඟ හවුල් වීම අපට ගෞරවයක්. මැලිබන් රටේ ජනප්‍රිය වෙළඳ නාමයක් වන අතර, SSC ශ්‍රී ලංකාවේ ගෞරවනීය ක්‍රීඩා සමාජයක්. මෙවැනි හවුල්කාරිත්වයන් ශක්තිමත් ක්‍රීඩා සංස්කෘතියක් ගොඩනැඟීමට මඟ පාදනවා. ඔවුන්ගේ මූල්‍ය ආධාර තරුණ ක්‍රීඩකයන්ගේ කුසලතා වර්ධනයට උපකාරී වෙනවා.”
මෙම හවුල්කාරිත්වය තුළින් මැලිබන් ආයතනය ශ්‍රී ලංකාවේ ක්‍රීඩාවට සහය දක්වන පුරෝගාමියෙකු ලෙස පමණක් නොව, උරුමයන් රැකගනිමින් නව ඉලක්ක සපුරාලීමට SSC සමඟ එක්ව, ඊළඟ පරපුරේ ක්‍රිකට් ශූරයන් බිහිකිරීමට ද අපේක්ෂා කරයි.


Share with your friend
Exit mobile version