ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජීවිත රක්ෂණ සමාගමක් වන යූනියන් ඇෂුවරන්ස්, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කළ බව ඉමහත් සතුටින් යුතුව මෙසේ දැනුම් දී සිටිමු. දැනුම බෙදාහදා ගැනීම සහ අධ්‍යාපනික අවස්ථා ඉහළ නැංවීම සිදුකෙරෙන සංස්කෘතියක් ගොඩනැගීම හරහා ජනසමාජයේ පිරිපුන් සුවසෙත ඇතිකිරීමට යූනියන් ඇෂුවරන්ස් දක්වන කැපවීම මෙම උපායමාර්ගික සහකාරත්වය මඟින් විදහා දැක්වෙයි. ශ්‍රී ලංකාවේ රැකියා වෙළෙඳපොළෙහි ගතික ස්වාභාවය සැලකිල්ලට ගනිමින්, මෙම නව වැඩසටහන ඔස්සේ ක්‍රියාකාරී ප්‍රවේශයක් ගනු ලබන්නේ සිය තෝරාගත් ක්ෂේත්රවල සාර්ථකත්වය ලබා ගැනීමට අවශ්‍ය වන අදාළ කුසලතාවන්ගෙන් සහ දැනුමෙන් උපාධිධාරීන් සන්නද්ධ කිරීම සඳහාය. යූනියන් ඇෂුවරන්ස් හි අරමුණ වන්නේ, අධ්‍යාපනික ආයතන සමඟ සහයෝගිතාවන් ඇතිකර ගනිමින්, සේවා බලකායේ ඉල්ලුම සඳහා සිසුන් මනාව සූදානම් කිරීමට අවශ්‍ය කටයුතු සලසමින්, ක්ෂේත්රයේ පවතින අවශ්‍යතාවන්ට අනුකූල වන පරිදි අධ්‍යාපනික වැඩසටහන් සැලසුම් කිරීමට දායකත්වය සැපයීමය.
මෙම අවබෝධතා ගිවිසුම මඟින් විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්ෂකයින් සඳහා පරිපූර්ණ පුහුණු වැඩසටහන් සහ සීමාවාසික සේවා අවස්ථා පිරිනැමෙන සහාකාරත්ව කාර්යරාමුවක් ස්ථාපිත වෙයි. සේවාස්ථ ඉගෙනුම් අත්දැකීම්, මාර්ගෝපදේශයන්, සහ කුසලතා සංවර්ධනය ඔස්සේ අධ්‍යාපනික සිද්ධාන්ත සහ වෘත්තීය ක්‍රමවේද අතර ඇති හිඩැස සපුරාලීම අරමුණු කරගත් මෙම සහකාරත්වය මඟින් උපාධි අපේක්ෂකයින් සවිබල ගන්වන අතරම දිනෙන් දින වෙනස් වන ව්‍යාපාර ක්ෂේත්රයේ අභියෝගවලට මුහුණදීමට සූදානම් දක්ෂතා සපිරි නව පරපුරක් බිහිකිරීමටද පසුබිම සැකසෙනු ඇත.
මේ පිළිබඳව අදහස් පළකරමින්, යූනියන් ඇෂුවරන්ස් හි ප්‍රධාන නියෝජිතායතන නිලධාරී ඉම්තියාස් අනීෆ් මෙසේ පැවසීය: “අධ්‍යාපනය වෙනුවෙන් ආයෝජනය කිරීම අපේ දේශයේ ප්‍රගතිය සඳහා අතිශය වැදගත්. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සමඟ ඇතිකර ගත් අපේ සහයෝගිතාව ඔස්සේ රැකියා සඳහා අවශ්‍ය සුදුසුකම් සපුරා ගැනීමට අත්‍යවශ්‍ය වන කුසලතාවලින් සිසුන් සවිබල ගන්වන අතරම ජාතික සංවර්ධනයට දායකත්වය සැපයීමට අප කටයුතු කරනවා. දක්ෂතා ඔප්නංවා ගැනීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කර දෙමින්, හැකි සියලු ආකාරවලින් ශ්‍රී ලාංකිකයින්ගේ පිරිපුන් සුවසෙත සැලසීමට යූනියන් ඇෂුවරන්ස් හි කැපවීම මෙම නව වැඩසටහන්වලින් පිළිබිඹු වෙනවා”.
යූනියන් ඇෂුවරන්ස් යනු විවිධාංගීකෘත කර්මාන්ත අංශයන් 7ක පවතින සමාගම් 80කට අධික ප්‍රමාණයක් සමඟ ක්‍රියාත්මක, කොළඹ කොටස් වෙළෙඳපොළේ විශාලතම ලැයිස්තුගත සමූහ ව්‍යාපාරයක් වන ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පී.එල්.සී (JKH) හි අනුබද්ධ සමාගමකි. වර්ෂ 2024 ජූනි මාසය අවසාන වනවිට රු. බිලියන 28.6ක වෙළෙඳපොළ ප්‍රාග්ධනකරණයක්, සහ රු. බිලියන 71.6ක ජීවිත අරමුදලක් සහිතව දශක තුනකට අධික කාලයක් සාර්ථක ලෙස සම්පූර්ණ කිරීමට මෙම සමාගම සමත්ව ඇත. ජීවිත වෙත රැකවරණය සලසන අතරම සියලු ශ්‍රී ලාංකිකයින් සඳහා පිරිපුන් සුවසෙත සැලසීමට කැපවී සිටින යුනියන් ඇෂුවරන්ස්, ශ්‍රී ලාංකිකයින්ගේ සෞඛ්‍ය, ආයෝජන, රැකවරණ, විශ්‍රාම, සහ අධ්‍යාපන අවශ්‍යතා ආවරණය කරන ජීවිත රක්ෂණ විසඳුම් පිරිනමයි. දිවයින පුරා ව්‍යාප්ත ශාඛා ජාලයක් සහ 3,000කට අධික සවිමත් සේවා බලකායක් සමඟ ජීවිත රක්ෂණ ක්ෂේත්රයේ නිරන්තර වෙනස්වීම් අනුව හැඩගැසෙමින් පාරිභෝගික කේන්ද්‍රීය විශේෂ අවධානයක් සහිතව ජනතාව, නිෂ්පාදන, සහ ක්‍රියාවලීන් උදෙසා ආයෝජනය කිරීමට යුනියන් ඇෂුවරන්ස් නිබඳව කටයුතු කරයි.