රීලෝඞ් උගුලෙන් පාරිභෝගිකයින් මුදවා ගැනීමට එයාර්ටෙල් ශ්‍රී ලංකාව පුරා 4G සේවාවන් දියත් කරයි

Share with your friend

එයාර්ටෙල් හි සුවිශේෂීී ’Freedom Packs’ සමඟින් 4G සේවාවන් දියත් කරමින් ශ්‍රී ලංකාවේ ජංගම විදුලි සංදේශ සේවා ක්ෂේත‍්‍රයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කිරීමට සමත් විය. එක් වරක් රීලෝඞ් කිරීමෙන් ‘Freedom Packs’ මගින් ඔබට මාසයක් පුරාවට කොන්දේසි විරහිතව ප‍්‍රමාණවත් මෙන්ම අමතර ඬේටා සහ ඇමතුම් ප‍්‍රතිලාභ ලබා දෙයි. මේ සියල්ල ඔබ වෙත ගෙන එනු ලබන්නේ එයාර්ටෙල් හි ජාත්‍යන්තර මට්ටමේ Buffering රහිත 4G ජාලයක සුපිරි අත්දැකීමක් සමඟින්ය.

මෙම Freedom Pack සමඟින් පාරිභෝගිකයින් සඳහා වඩාත් විනිවිදභාවයකින් යුතු, කොන්දේසි රහිත හා වැඩි ඇමතුම් ප‍්‍රතිලාභ සහිතව මසකට කිහිප වරක් රීලෝඞ් කිරීමේ අවශ්‍යතාවය එයාර්ටෙල් ඉවත් කර ඇත. තවද කොවිඞ්-19 වසංගතය හේතුවෙන් අන්තර්ජාල භාවිතාව විශාල ලෙස ඉහළ ගොස් තිබේ. මෙම නව පැකේජය පාරිභෝගිකයාගේ අවබෝධය පදනම් කරගනිමින් හඳුන්වා දී ඇති අතර නව්‍යකරණයෙන් පාරිභෝගිකයාට පහසු සේවාවන් සැලසීම යන එයාර්ටෙල් හි දර්ශනයද එමගින් විශේෂයෙන් පෙන්වා දෙයි.

මෙම පැකේජ විවිධ කාණ්ඩ හතරක් ඔස්සේ විවිධ පරිශීලක අවශ්‍යතාවලට ගැලපෙන අයුරින් හඳුන්වා දී ඇති අතර පස් ගුණයකට වඩා වැඩි වටිනාකමක් සහිත අසමසම පාරිභෝගික අත්දැකීමක් ලබා දෙනු ඇත. මෙම සෑම පැකේජයකටම සමාජ මාධ්‍ය, නිවසේ සිට වැඩ කිරීම (WFH) නිවසේ සිට ඉගෙනුම් කටයුතු කිරීම (SFH) වැනි  ඕනෑම අන්තර්ජාල අවශ්‍යතාවයක් සඳහා භාවිතා කළ හැකි අධිවේගී දෛනික ඬේටා ලබා දී තිබීම විශේෂිතය. ලබා ගන්නා ඇමතුම් සඳහා, සියලූම පැකේජ මගින් එයාර්ටෙල් ජාලය තුළ ඇමතුම් ලබා ගැනීමේදී අසීමිත ඇමතුම් හා වෙනත්  ඕනෑම දුරකතන ජාලයකට ඇමතුම් ලබා ගැනීමේදී ප‍්‍රමාණවත් මිනිත්තු හා කෙටි පණිවිඩ ගණනක් ලබා දී ඇත. මීට අමතරව සාමාන්‍ය පරිශීලකයින් සඳහා ‘Freedom Lite’ මගින් ඔවුන්ගේ ජංගම දුරකතන භාවිතයට ප‍්‍රමණවත් පරිදි සකස් කරන ලද පැකේජ දෙකක් ලබා දෙයි. එමෙන්ම එයාර්ටෙල් ’Freedom Packs’ හි ඇති තවත් සුවිශේෂත්වයක් වන්නේ මෙම පැකේජ ඔස්සේ ලබා දී ඇති නියමිත කාලය ඉක්මවා වෙනත් ජාලවලට ලබා ගන්නා ඇමතුම් සඳහා 66%කින් බදු අඩු කර තිබීමයි.

තවද එයාර්ටෙල් විසින් ‘Freedom Pack’ හි පවතින ඬේටා භාවිතාව ඉක්මවා අමතර ඬේටා බලාපොරොත්තු වන පරිභෝගිකයින් සඳහා ආකර්ෂණීය මිලකට ඬේටා top up කාඞ්පත් ද හඳුන්වා දී තිබේ. මෙම විශේෂාංගය සියලූ ඬේටා පරිශීලකයින්ට මහත් අස්වැසිල්ලක් වනු ඇත.

මේ පිළිබඳව අදහස් දක්වන එයාර්ටෙල් ශ්‍රී ලංකා කළමනාකාර අධ්‍යක්ෂ හා ප‍්‍රධාන විධායක නිලධාරී අශීෂ් චන්ද්‍රා මහතා ‘‘ජංගම විදුලි සංදේශ සේවා ක්ෂේත‍්‍රයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරන මෙම හඳුන්වා දීමත් සමඟ එයාර්ටෙල් විසින් ශ්‍රී ලාංකික පාරිභෝගිකයින්ට අවශ්‍ය කරන සරල බව හා හොඳම වටිනාකම රැගෙන එනවා. පරිශීලකයින්ට දැන් කිසිඳු ආකාරයක සීමාවන් පිළිබඳව කරදර නොවී අපගේ ‘Freedom Pack’ භාවිතා කරමින් ජාත්‍යන්තර මට්ටමේ 4G ජාලයකින් වඩා වැඩියෙන් වැඩ කටයුතු කළ හැකියිx එයාර්ටෙල් වෙතට මාරු වීමට හොඳම කාලය මෙයයි.’’ යනුවෙන් පැවසුවේය.

ශ‍්‍රී ලංකාව දිනකට ආසන්න වශයෙන් මිලියන 3 ක රීචාජ් භාවිතා කරයි. එය මෙරට මිලියන 14ක් වන වැඩිහිටි ජනගහනයට සාපේක්ෂව ඇදහිය නොහැකි සංඛ්‍යාවකි. වෙළඳපොලේ තිබෙන රීචාජ් කාඞ්පත් සංඛ්‍යාව සීඝ‍්‍රයෙන් ඉහළ යාමෙන් මෙම ප‍්‍රවණතාවය තවත් වැඩි වී තිබේ. මෙය සාමාන්‍යයෙන් ඇමතුම් හා ඬේටා, භාවිතා කරන අවස්ථාවේදී බලපැවැත්වෙන තත්වයන්, ගුණාත්මකභාවය පිළිබඳ තත්වයන් ආදී විශේෂ පැකේජවල සිට සමාජ මාධ්‍ය හා නිවසේ සිට වැඩ කටයුතු කිරීමට භාවිතා කරනු ලබන වේදිකාවන් කෙරෙහි අවධානය යොමු කරන වෙනත් පැකේජ දක්වා සියලූම පරාසවල පවතී. මෙහි ප‍්‍රතිඵලයක් වශයෙන් පාරිභෝගිකයින්ට තමන් වියදම් කරනු ලබන දේවල් හා මිලදී ගනු ලබන දේවල් පිළිබඳව නිසි අවබෝධයක් නොමැත.

එයාර්ටෙල් ‘Freedom Packs’ සමඟින් පරිශීලකයින්ට මෙම තත්වය වෙනස් කරගැනීමට හැකියාව ඇති අතර අවශ්‍ය වන්නේ මසකට එක් වරක් රීලෝඞ් කිරීම පමණි. භාවිතා කිරීමේදී සීමාවන් නොමැති නිසා පරිශීලකයාට ඔවුන්ගේ ජංගම දුරකතනය භාවිතා කර රිසි සේ අන්තර්ජාල අවශ්‍යතාවන් සපුරා ගැනීමට රීලෝඞ් එකක් ප‍්‍රමාණවත් වේ. 

2011 දී මෙරට මෙහෙයුම් ආරම්භ කළ දා සිට එයාර්ටෙල් විසින් ශ්‍රී ලංකාව තුළ සිදු කරන ලද විශාලතම තනි ආයෝජනය ලෙස මෙම ‘Freedom Packs’ හැඳින්විය හැකිය. එයාර්ටෙල් හි purpose-built 4G සේවාව මගින් 99%ක් buffering රහිත වීඩියෝ නැරඹීමේ හැකියාව හා 4G සංඥා සමඟින් වැඩි දියුණූ කළ අසමසම ගෘහස්ත ආවරණය ඇතුළුව පරීශීලකයාට සුපිරි අත්දැකීමක් ලබා දීමට අපේක්ෂා කරයි. 


Share with your friend
Leave a Comment

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply