Eyeview Sri Lanka

ලින්ක් සමහන්, කඳු නැගීමේ ශූර යොහාන් පීරිස්ට සවියක් වෙයි

Share with your friend

CIC Holdings අනුබද්ධ ලින්ක් නැචුරල්, ශ්‍රී ලාංකේය කඳු නැගීමේ ශූරයෙකු වන  යොහාන් පීරිස් සමග අත්වැල් බැඳගනිමින්, උතුරු ඇමරිකාවේ උසම කන්ද වන ඩෙනාලි කන්ද තරණය කිරීමේ උත්සාහයේ දී ඔහුට ශක්තියක් වෙයි. කොළඹ 7, මේට්ලන්ඩ් ක්‍රෙසන්ට් හි අංක 6 දරන ස්ථානයෙහි අභිනවයෙන් විවෘත කළ ‘ලින්ක් නැචුරල් ස්වස්ථ’ පරිශ්‍රයේදී ඒ පිළිබඳව පසුගියදා නිවේදනය කරන ලදී. 

2018 වසරේදී එවරස්ට් කන්ද තරණය කළ  දෙවැනි ශ්‍රී ලාංකික කඳු නගින්නා බවට ලෝක කඳු නගින්නන් අතර නමක් සනිටුහන් කර ගත් යොහාන් පිරිස්, මේ වන විටත් නේපාලයේ කිලිමන්ජාරෝ කන්ද, කලපට්ටර් කන්ද මෙන්ම, ස්විට්සර්ලන්තයේ මොන්ට් බ්ලොන්ක් සහ ඕස්ට්‍රේලියාවේ Kosciuszka කන්ද තරණය කර තිබේ. ඔහු මෙවර තරණය කිරීම සඳහා තෝරාගෙන තිබෙන උතුරු ඇමරිකාවේ උසම කන්ද වන ඩෙනාලි කන්ද මුහුදු මට්ටමේ සිට අඩි 20310 ක උසකින් පිහිටි කන්දකි. එමෙන්ම එය, බිම් මට්ටමේ සිට ලොව උසම කන්ද ලෙසින් විරුදාවලි ලැබූ කඳු මුදුන වන අතර, බිම් මට්ටමේ සිට එහි උස අඩි 18000 කි.

සිය නවතම අභියෝගය පිළිබඳව යොහාන් පීරිස් මෙසේ අදහස් ගෙනහැර දැක්විය. “මෙවැනි අභියෝගයක් මට සැමවිටම සතුටක්. ඒ වගේම මෙම අභියෝගය ජය ගැනීම  සඳහා ලින්ක් නැචුරල් ලබා දෙන  සහයෝගය ඉතාමත් හොඳ ශක්තියක්. මම මේ වන විටත් සෑම ලින්ක් නැචුරල් නිෂ්පාදනයක් ම පාවිච්චි කර ඒවායේ ප්‍රතිඵලදායක බව අත්දැක තිබෙනවා. ඒ නිසා මෙම අභියෝගය කරා යන ගමනේ දී ඇති වල ඇති වන සියලු ශාරීරික අපහසුතා සමහන් කිරීමට ලින්ක් සමහන් සමත් වන බවට මට විශ්වාසයක් තියෙනවා. ඉතාමත් අභියෝගාත්මක ශීතල කාලගුණික තත්වයක් යටතේ වුවත්, ශරීරයේ ප්‍රතිශක්තිය ඉහළ මට්ටමක පවත්වා ගැනීමට ලින්ක් නිෂ්පාදනවලින් ලැබෙන ශක්තිය මට මහත් රුකුලක්. මාංශ පේශි හා සම්බන්ධ ආබාධ වලට එරෙහිව Musclegard මගින් හා අසීරු කාලගුණික තත්ත්වයන් යටතේ ඇති විය හැකි මස්පිඬු පෙරළීම් වළක්වා ගැනීමට Crampgard Plus මගින් ලැබෙන හැකියාව අතිමහත්.” 

ලින්ක් නැචුරල් ප්‍රඩක්ට්ස් සමාගමේ අලෙවි ප්‍රධානී රොමේරෝ ලින්ඩන් මහතාද මෙහිදී අදහස් දැක්විය. “යොහාන් පීරිස් කියන්නෙ,  වික්‍රමාන්විත ක්‍රීඩාවන්හි නියැලෙමින් ශ්‍රී ලංකාව දිගින් දිගටම ජාත්‍යන්තර මට්ටමට ඔසවා තබන්නට උත්සාහ කරන කඳු නැගීමේ ශූරයෙක්. ඔහු යළිත් වරක් කඳු නැගීමෙන් ජාත්‍යන්තර තලයේ අභියෝගයක් කරා යාමට සූදානම් වෙන්නෙ, උත්සාහයෙන් හා කැපවීමෙන් කටයුතු කළොත් ඕනෑම අභියෝගයක් ජයග්‍රහණය කිරීම අපහසු නොවන බව සනාථ කරමින්. ජාත්‍යන්තර මට්ටමේ ශ්‍රී ලාංකීය සන්නාමයක් වන ලින්ක් නැචුරල්, උතුරු ඇමරිකාවේ උසම කන්ද වන Denali කන්ද තරණය කිරීමේ යොහාන්ගේ උත්සාහය සමගින් අත්වැල් බැඳ ගැනීම අපට සතුටට කරුණක්.”

ලින්ක් නැචුරල්, ආයුර්වේද ඖෂධ නිෂ්පාදවලට අමතරව, සෞඛ්‍ය ආරක්ෂිත  ස්ව සත්කාරක නිෂ්පාදනවලට නම් දැරූ, ප්‍රමුඛතම නිෂ්පාදන සහ අලෙවිකරණ සමාගමකි. ආයුර්වේද දැනුම, නවීන විද්‍යාත්මක ක්‍රමවේද සහ අතිනවීන තාක්‍ෂණය මුසුකර පාරිභෝගිකයින්ට සෞඛ්‍ය සම්පන්න, දිගු හා ක්‍රියාශීලී ජීවිතයක් ගත කිරීමට හැකි පරිදි, උසස් තත්ත්වයේ සෞඛ්‍යාරක්ෂිත නිෂ්පාදන කාර්යක්ෂම අයුරින් ලබා දීමේ උදාර දර්ශනය මගින් ලින්ක් නැචුරල් මෙහෙයවනු ලැබේ. එහි ප්‍රමුඛතම සන්නාමය වන ලින්ක් සමහන්, ශරීර සෞඛ්‍යය සහ යහපැවැත්ම වර්ධනය කිරීම උදෙසා ශතවර්ෂ ගණනාවක් පුරා සාම්ප්‍රදායිකව භාවිතා කරන ලද ආයුර්වේද ඖෂධ 14 ක සාරය ඇසුරෙන් සකස් කරන ලද 100% ක් ස්වභාවික ශාකසාර නිෂ්පාදනයක් වන අතර, දිනපතා පරිභෝජනයෙන් ශරීරයේ ප්‍රතිශක්තිය ඉහළ නැංවේ. එපමණක් නොව, පාරිභෝගික කැමැත්ත පරිදි ලින්ක් සමහන්, උණු වතුර, තේ හෝ කෝපි සමග දියකර පහසුවෙන් පානය කළ හැකිය.

සුදන්ත, ස්වස්ත අමෘත, ස්වස්ථ ත්‍රිඵලා, Musclegard, SP බාම්, කේශා  ඇතුළුව පාරිභෝගික විශ්වාසය දිනූ නිෂ්පාදන ගණනාවක් ලින්ක් නැචුරල් පරිශ්‍රය තුළින් පාරිභෝගිකයින් අතට පත්වෙයි. පරම්පරා ගණනාවක් තිස්සේ මෙරට පාරිභෝගිකයින් මුහුණ දෙන ශාරීරික අපහසුතාවලදී අත්දුටු සහනය වෙමින්, ලින්ක් නැචුරල් නිෂ්පාදන මෙලෙස පාරිභෝගික විශ්වාසය දිනා ගෙන තිබේ.  සමාගමේ නවතම නිෂ්පාදනයක් වන Earth Essence ශාක ඖෂධීය ස්ව සත්කාරක නිෂ්පාදන එකතුවක් වන  අතර, එයද මේ වන විට වෙළඳපොළට නිකුත්කර තිබේ. 


Share with your friend
Exit mobile version