Eyeview Sri Lanka

වින්ඩ්ෆෝර්ස්පීඑල්සී, ලක්දනවි Ltd සහ ද බ්ලූ සර්කල් Pte Ltd  එක්ව ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික අංශයේ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිය භාර ගනී.

Share with your friend

වින්ඩ්ෆෝර්ස්  පීඑල්සී, ලක්දනවි Ltd සහ ද බ්ලූ සර්කල් Pte Ltd එක්ව සහයෝගයෙන් ලංකා විදුලි බල මණ්ඩලය විසින් පවරන ලද ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික අංශයේ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිය භාර ගන්නා ලදි. මෙය මොණරාගල දිස්ත්‍රික්කයේ සියඹලාණ්ඩුව ප්‍රදේශයේ ස්ථාපිත කිරීමට නියමිත සම්ප්‍රේෂණ පහසුකම් සහිත මෙගාවොට් 100 ක සූර්ය බලාගාරයකි. මෙම සුවිශේෂී ව්‍යාපාරය ඇමරිකානු ඩොලර් මිලියන 152 ක සම්පූර්ණ ආයෝජනයක් සමඟින්, පිරිසිදු බලශක්තිය කරා රට පරිවර්තනය කිරීමේ වැදගත් සන්ධිස්ථානයක් නියෝජනය කරයි.  2025 අවසානයට පෙර නිම කිරීමට සැලසුම් කර ඇති මෙම ව්‍යාපෘතිය වින්ඩ්ෆෝර්හි ස්ථාපිත ධාරිතාව 30% කින් පමණ වැඩි දියුණු කරනවා පමණක් නොව ඊට සම්බන්ධ වූ සියලුම හවුල්කරුවන්ගේ විශේෂඥභාවය සහ කැපවීමද එමගින් ප්‍රදර්ශනය කරනු ඇත.

පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ කීර්තිමත් ප්‍රමුඛයා වන වින්ඩ්ෆෝර්ස් මෙන්ම, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ස්වාධීන බලශක්ති නිෂ්පාදකයා වන ලක්දනවි Ltd සහ සිංගප්පූරුව පදනම් කරගත් කීර්තිමත් පුනර්ජනනීය බලශක්ති සමාගමක් වන ද බ්ලූ සර්කල් Pte Ltd යන සමාගම් මෙම ව්‍යාපෘතියට නායකත්වය දෙන බලවත් එකමුතුවට ඇතුළත් වේ. කර්මාන්තයේ ප්‍රමුඛයන් වන මොවුන්ගේ සාමූහික අත්දැකීම්, විශේෂඥභාවය සහ කැපවීම මෙම පෙරළිකාර මුලපිරීම සාර්ථක කර ගැනීම සඳහා වඩාත් යෝග්‍ය වේ.

මෙම ව්‍යාපෘතියේ විශාලත්වය පෙර නොවූ විරූ විශාලත්වයකින් සමන්විත වනු ඇත. එමෙන්ම එය ලංකා විදුලිබල මණ්ඩලය (CEB) විසින් පුද්ගලික අංශයට මෙතෙක් පිරිනමන ලද විශාලතම පුනර්ජනනීය බලශක්ති ප්‍රයත්නයද වේ. මෙම සුවිශේෂී ජයග්‍රහණය ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති දායකත්වයේ මුල්තැන ගන්නෙකු ලෙස වින්ඩ්ෆෝර්ස් සවිබල ගන්වයි. තවද, මෙම ව්‍යාපෘතිය තනි පැකේජයක් ලෙස ප්‍රදානය කිරීමෙන් නව මාවතක් විවර කරනු ඇත. මෙගා වොට් 100ක සූර්ය බලාගාරයක්ද මෙගා වොට් පැය 12ක බැටරි බලශක්ති ගබඩා පද්ධතියක්ද (Battery Energy Storage System; BESS) 2×63.5MVAක සහ 132/33kVක ජාලයකින් සැදුම් ලත් උපපොළක් සහ කිලෝ මීටර 27ක, 132/33kVක සම්ප්‍රේෂණ මාර්ගයක්ද මීට ඇතුළත් වේ. මෙම සාකල්‍ය සහ ඒකාබද්ධ ප්‍රවේශය රට පුරා පිරිසිදු බලශක්තිය බාධාවකින් තොරව හා කාර්යක්ෂමව බෙදා හැරීම සහතික කරයි.

ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ නව ප්‍රමිතියක් ඇති කරමින්, මෙම ව්‍යාපෘතියට සූර්ය බලාගාරය සමග BESS ඒකාබද්ධ කිරීමද සිදු කරනු ඇත. මෙවැනි දුර දක්නා  ප්‍රවේශයක් හරහා ශ්‍රී ලංකාවේ බලශක්ති භූ දර්ශනය තුළ නවෝත්පාදන ජනිත කිරීමට සහ තිරසාරභාවය මෙහෙයවීමට සාමුහිකව දරනු ලබන කැපවීම පෙන්නුම් කරයි.

මෙම ව්‍යාපෘතිය සාර්ථක සහ කාලෝචිත ලෙස ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා රජයේ නොමඳ සහයෝගයට ස්තූතිවන්ත විය යුතුය. ඉදි කිරීමට සූදානම් ව්‍යාපෘතියක් ලෙස අවශ්‍ය සියලුම ඉඩම් ප්‍රතිපාදන සහ අනුමැතිය ලබා දීම මගින් සහ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සඳහා පහසුකම් සැලසීමට සහ කඩිනම් කිරීම මගින් මේ සඳහා රජයේ ඇති කැපවීම පිළිබිඹු කරයි. පෞද්ගලික අංශය සහ රජය අතර ඇති මෙම සහයෝගීතාවය තිරසාර සංවර්ධනයට අවශ්‍ය සක්‍රීය පරිසරයක් නිර්මාණය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ කැපවීමද අවධාරණය කරයි.

මෙම ව්‍යාපෘතියේ වැදගත්කම සහ පරිමාණය සලකා බැලීමේදී මෙහි විදුලි අය ක්‍රමය ඩොලරය මත පදනම් වනු ඇත. මෙය පාරිභෝගිකයින්ට තරඟකාරී මෙන්ම විශ්වාසනීය විදුලි ගාස්තුවක් ලබා දෙන අතරම සමූහ ව්‍යාපාරය සඳහා ආයෝජනය කිරීම මත සාධාරණ සහ තිරසාර ප්‍රතිලාභයක්ද සහතික කරයි. ඩොලරය මත පදනම් වූ විදුලි අය ක්‍රමය, දිගු කාලීන ශක්‍යතාව සඳහා වූ සම්මුතියේ විනිවිදභාවය සහ කැපවීමද මේ හරහා පෙන්නුම්  කරන්නේ ව්‍යාපෘතියේ සාර්ථකත්වය සහ අඛණ්ඩතාව තවදුරටත් සහතික කරමිනි.

ලක්දනවි Ltd සහ ද බ්ලූ සර්කල් Pte Ltd සමඟ එක්ව, වින්ඩ්ෆෝර්ස් ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික අංශයේ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතියේ මූලිකත්වය ගෙන කටයුතු කරයි. මෙම මුලපිරීම රටේ පිරිසිදු බලශක්ති සංක්‍රාන්තිය මෙහෙයවීම සඳහා මෙම එකමුතුවේ විශේෂඥභාවය සහ කැපවීම ප්‍රදර්ශනය කරන්නේ සූර්ය බලාගාරයක්, BESS, ජාල උපපොළක් සහ සම්ප්‍රේෂණ මාර්ගයක් ඇතුළත් විස්තීරණ ප්‍රවේශයක් සමඟිනි.  2025 අවසානය වන විට ව්‍යාපෘතිය නිම කිරීමට නියමිතව ඇති හෙයින්, හරිත හා වඩා තිරසාර අනාගතයක් සඳහා කැපී පෙනෙන පියවරක් තැබීමට  ශ්‍රී ලංකාව සූදානමින් සිටී.


Share with your friend
Exit mobile version