Eyeview Sri Lanka

වෙළඳ සේවා ක්‍රිකට් සංගමයේ F කාණ්ඩයේ තරගාවලිය හරහා CameraLK ක්‍රිකට් පිටියට පිවිසෙයි

Share with your friend

ශ්‍රී ලංකාවේ සුවිසල්ම කැමරා ආම්පන්න අලෙවි ආයතනය CameraLK, ලංකාවේ සැවොම සිය ප්‍රියතම ක්‍රීඩාව කරගත් ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසීමට සූදානම් වෙයි. සිය ආයතනයේ ක්‍රිකට් ක්‍රීඩාවට දක්ෂ සහ තම ක්‍රීඩා කෞෂල්‍ය පෙන්වීමට කැමති සියලු දෙනාගේම සහභාගීත්වය ඇතිව සමාගම 2024 දී වෙළඳ සේවා ක්‍රිකට් සංගමයේ 

 (Mercantile Cricket Association)  F කාණ්ඩයේ ක්‍රීඩා තරගාවලිය සඳහා පිවිසීමට නියමිතය. මෙම පියවර 

CameraLK හීි ක්‍රීඩාව කෙරෙහි ඇති උද්යෝගය පිළිබිඹු කරන අතරම ක්‍රිකට් ක්‍රීඩාව කෙරෙහි දැඩි උනන්දුවක් දක්වන එහි දක්ෂ සේවකයින්ට සිය ක්‍රීඩා කෞෂල්‍ය විදහා දැක්වීමට වඩාත් 

පුළුල් අවකාශයක් සහ වේදිකාවක් ද සපයයි.


කුසල් මෙන්ඩිස්, පැතුම් නිශ්ශංක සහ අවිශ්ක ප්‍රනාන්දු වැනි තරුණ ක්‍රීඩාශීලීත්වයෙන් පිරිපුන් ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන්ට අනුග්‍රහක දායකත්වය ලබාදෙමින් ලංකාවේ ක්‍රිකට් ක්‍රිඩාවට සිය අනුපමේය දායකත්වය ලබාදීමට CameraLK කටයුතු කර තිබේ. පසුගිය වසරේ දී ශ්‍රි ලංකා කණ්ඩායමේ නැගී එන තරුණ ක්‍රීඩක පැතුම් නිශ්ශංකව සිය සන්නාම සන්නිවේදකයා ලෙස පත්කර ගනිමින් ක්‍රිකට් ක්‍රීඩාව සහ CameraLK අතර සහසම්බන්ධතාවයක් ගොඩනගා ක්ෂේත්‍රයට නව මානයක් නිර්මාණය කිරීමට සමත් විය.


පසුගිය ජූනි මාසයේ දී CameraLK කළමනාකාර අධ්‍යක්ෂ අනුෂ්ක ගුණසිංහ මහතාගේ මගපෙන්වීම සහ නායකත්වය ඇතිව CameraLK ක්‍රිකට් කණ්ඩායම SSC පුහුණුකරු සංචිතයේ සහ LPL Jaffna Kings කණ්ඩායමේ පුහුණුකරු සංචිතයේ සිටින  විමුක්ති දේශප්‍රිය මහතා යටතේ පුහුණුවීම් ආරම්භ කළේය. මෙම කණ්ඩායම ඉතාම ඉහළ ප්‍රගතියක් සහ ක්‍රීඩා කෞෂල්‍යයක් පෙන්නුම් කරමින් අති සාර්ථකව සිය දක්ෂතා ඔප්නංවා ගැනීමට සමත් වී තිබෙන අතර පසුගිය මාස හය පුරා තමන් මුහුණදුන් තරග දොළහෙන් හයක් ජයග්‍රහණය කර 50%ක ජයග්‍රහණ ප්‍රතිශතයක් වාර්තා කර තිබේ. මාසය හයක කාලය හා සැසඳීමේ දී මෙය ඉතාම සීඝ්‍ර ජයග්‍රහණ වර්ධනයක් ලෙස සැළකිය හැක. සිය සංචිතයේ 19 දෙනා අතරින් තුන් දෙනෙක් පමණක් මීට පෙර දෘඪ පන්දු ක්‍රිකට් ක්‍රීඩා කර තිබෙන අතර අනෙක් සියලු දෙනාම සිය උනන්දුව හැකියාව මත මේ වෙනුවෙන් පෙළ ගැසුණු පිරිසකි. එසේම ආරම්භයේ සිට මේ දක්වා ලබා තිබෙන ප්‍රගතිය ඔවුන්ගේ කැපවීම සහ ක්‍රීඩාශීලීත්වය මොනවට පිළිඹිබු කරයි.


19 දෙනෙකුගෙන් යුත් CameraLK  ක්‍රිකට් සංචිතයේ අති දක්ෂ සහ විවිධ හැකියාවන්ගෙන් පිරිපුන් ක්‍රීඩකයන්ගේ සංකලනයකි. තීක්ෂණ මධුවන්ත, නිරෝෂ් ශ්‍රීමල්, හිමන්ත දිනූෂ, සමීර පීරිස්, යොහාන් ජස්ටින්, අංජන රාජපක්ෂ, මලිදු චතුරංග, චමුක බාලසූරිය, අසිත චාමර, තිළිණ විජේසිරි, ගයාන් මධුශංක, ආර්.ජී. නිලේෂ්, හිමාල නිමංසල, ජනිත් චාමර, තරිඳු පරණවිතාන, ඕෂද සිල්වා, අවිශ්ක සංජුල, සත්‍යශිවම් සති සහ අශාන් වීරවංශ යන ක්‍රීඩකයන්ගෙන් මෙම කණ්ඩායම ශක්තිමත් වී ඇත. මෙම කණ්ඩායමට සහය දීම සඳහා කළමනාකරු ලෙස ලක්සිසි ද සිල්වා සහ සහකාර කළමනාකරු ලෙස තිලක රත්න කටයුතු කරයි. දක්ෂතාවයෙන් පිරිපුන් අත්දැකීම් බහුල ක්‍රීඩකයන්ගේ සිට නව හැකියාවන්ගේ හෙබි ක්‍රීඩකයන් දක්වා ඉහළ ක්‍රීඩාශීලිත්වයක් සහිත මෙම කණ්ඩායම ඉදිරියේ දී එන තරගාවලියේ දී ඉහළ තරගකාරීත්වයක් පෙන්නුම් කරමින් දක්ෂතා, ජයග්‍රහණ අතරට පැමිණෙනු ඇත.

  
2010 වසරේ දී ආරම්භ වූ CameraLK ආයතනය දකුණු ආසියාවේ විශාලතම කැමරා ආම්පන්න මිලදී ගැනීමේ අලෙවිසැල වන අතර විශාලතම ඔන්ලයින් මිලදී ගැනීමේ අවකාශය ද වෙයි. ශ්‍රී ලාංකික ඡායාරූපකරණ ක්ෂේත්‍රයට අවශ්‍ය නවතම සහ හොඳම කැමරා සහ කැමරා ආම්පන්න වඩාත් සාධාරණ මිලකට ලබාදෙන ආයතනයක් ලෙස ඉහළ ජනප්‍රසාදයක් හිමි CameraLK ආයතනය ඡායාරූපකරණයේ තාක්ෂණික ගුණාත්මකභාවය වර්ධනය කරමින් ඉතා විශිෂ්ට පාරිභෝගික සේවාවක් ලබාදීමට කැපවී කටයුතු කරයි.  Canon, Nikon, Sony, Sigma, Tamron, Tokina, DJI, GoPro, Profotto සහ Wescott ආදී සන්නාමයන්ගේ කැමරා සහ කැමරා ආම්පන්න 500කට වැඩි ප්‍රමාණයක් CameraLK ආයතනයේ දී ඔබට දැකබලා ගැනීමට හැකියාව පවතී. කොළඹ, නුවර, යාපනය ශාඛාවන් සහ ඔන්ලයින් අවකාශය හරහා ඡායාරූපකරණයේ උනන්දුව ඇති ශ්‍රි ලාංකිකයන් සෑම දෙනාට වඩාත් උසස් තාක්ෂණික උපකරණ සහ දැනුම බෙදන CameraLK ආයතනය කැමරා උපකරණ ලබාගැනීමේ දී සියලු අවශ්‍යතාවයන් සපුරන එකම ස්ථානය ලෙස පාරිභෝගිකයන් අතර ප්‍රචලිත වී තිබේ.


Share with your friend
Exit mobile version