British Council විසින් HSBC සහ අධ්‍යාපන අමාත්‍යාංශය සමග එක්ව ක්‍රියාවට නංවන ලද ‘English Communication Skills for Remote Delivery Project (ECSRD) 2025’ පසුගියදා සාර්ථක ලෙස අවසන් විය. ඒ වෙනුවෙන් 2025 පෙබරවාරි 24 දින විශේෂ සම්මාන උළෙලක්ද පවත්වන ලදි.

මෙම සම්මාන උළෙලට ගුරුවරුන් හා උපදේශකවරුන් 300 කට අධික පිරිසක් සහභාගී වූ අතර, ප්‍රාදේශීය ඉංග්‍රීසි භාෂා සහය මධ්‍යස්ථාන (Regional English Support Centres (RESCs)] හරහා මෙම ව්‍යාපෘතියට සම්බන්ධ වූ ගුරුවරුන් 279 දෙනෙකුට සහ උපදේශකවරුන් 51 දෙනෙකුට එහිදී සහතිකපත් ප්‍රදානය කරන ලදි.
2022 වසරේදී ආරම්භ කරන ලද ECSRD ව්‍යාපෘතියේ මූලික අරමුණ වූයේ ශ්‍රී ලංකාවේ ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනයේ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීමය. රටේ ග්‍රාමීය ප්‍රදේශ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කළ මෙම ව්‍යාපෘතිය යටතේ සිසුන්ගේ ශ්‍රවණ හා කථන හැකියාවන් වඩාත් හොඳින් තක්සේරු කිරීමට හැකි වන ආකාරයට ගුරුවරුන්ගේ දැනුම හා පුහුණුව වැඩිදියුණු කරන ලදි. මෙමගින් සිසුන්ට වඩාත් හොඳ ඉංග්‍රීසි අධ්‍යාපනයක් හිමි වනු ඇති අතර, එය එම සිසුන්ට අනාගතයේදී සාර්ථක වෘත්තීය ජීවිත ගොඩනංවා ගැනීම සඳහා බෙහෙවින් ප්‍රයෝජනවත් වනු ඇත.
මෙම වැඩසටහන යටතේ කනිෂ්ඨ අංශවල ඉංග්‍රීසි භාෂා ගුරුවරුන්ට හා ගුරුවරියන්ට තම ඉගැන්වීම් කටයුතුවලදී වඩාත් හොඳින් කථන හා ශ්‍රවණ ක්‍රියාකාරකම් භාවිතා කරන ආකාරය සම්බන්ධයෙන් ප්‍රායෝගික පුහුණුවක් ලබාදෙන ලදි. එමෙන්ම සිසුන්ගේ කුසලතා වැඩිදියුණු කිරීම සඳහා ඉංග්‍රීසි භාෂා පෙළපොත් වඩාත් ඵලදායී ලෙස භාවිතා කළ හැකි ක්‍රමවේදයන් සම්බන්ධයෙන් ඔවුන් දැනුවත් කිරීමද සිදු විය.
මාස 9 ක කාලයක් පුරා පැවති මෙම වැඩසටහනේදී ගුරුවරුන්ට මගපෙන්වීම් සිදුකරන ලද්දේ දිවයිනේ පළාත් 9 ම ආවරණය වන පරිදි පිහිටුවා ඇති ප්‍රාදේශීය ඉංග්‍රීසි භාෂා සහය මධ්‍යස්ථාන 29 හි සේවය කරන උපදේශකවරුන් විසිනි. වැඩසටහනේ අධ්‍යයන සැසි එම මධ්‍යස්ථානවලදී පැවැත්වුණු අතර, එහිදී ගුරුවරුවන්ට නව දැනුම මෙන්ම එම දැනුම ප්‍රායෝගිකව භාවිතා කරන ආකාරය සම්බන්ධ පුහුණුවක්ද ලබාදෙන ලදි.
මෙම ව්‍යාපෘතිය යටතේ 2022 වසරේ සිට මේ දක්වා ප්‍රාදේශීය ඉංග්‍රීසි භාෂා සහය මධ්‍යස්ථානවල සේවය කරන උපදේශකවරුන් 66 දෙනෙකුට සහ ගුරුවරුන් 501 දෙනෙකුට පුහුණුව ලබා දී තිබේ.
අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යාපන අධ්‍යක්ෂිකා (ඉංග්‍රීසි සහ විදේශ භාෂා) නිමාලි බදුරලිය මහත්මිය පැවසුවේ මෙම ව්‍යාපෘතිය නිසා කනිෂ්ඨ පාසල් රැසක ගුරුවරුන් හා ගුරුවරියන්ගේ ශ්‍රවණ හා කථන තක්සේරුකරණ හැකියාවන් වැඩිදියුණු කිරීමට හැකි වූ බවයි. මෙමගින් ගුරුවරුන්ට විශාල යහපතක් සිදු වී ඇති බවත්, ඔවුන් භාවිතා කරන විධික්‍රම වැඩිදියුණු වීම හේතුවෙන් සිසුන්ගේ ශ්‍රවණ හා කථන හැකියාවන් වැඩිදියුණු වනු ඇති බවත් ඇය වැඩිදුරටත් පැවසුවාය.
“මෙම ව්‍යාපෘතියේ විශේෂත්වය වුණේ එය දිවයින පුරා පිහිටි ප්‍රාදේශීය ඉංග්‍රීසි භාෂා සහය මධ්‍යස්ථාන හරහා ක්‍රියාත්මක වීමයි. එහිදී පුහුණුකරුවන්ටත් උපදේශකවරුන් ලෙස තම හැකියාවන් වැඩිදියුණු කරගැනීමට අවස්ථාව ලැබුණා. වැඩසටහන තුළදී අඛණ්ඩව ඵලදායී ප්‍රතිචාර ලැබීම නිසා ගුරුවරුන්ට වඩාත් හොඳින් ශ්‍රවණ හා කථන හැකියාවන් වර්ධනය කිරීමේ හා තක්සේරු කිරීමේ කුසලතා වැඩිදියුණු කරගැනීමට හැකි වී තිබෙනවා. British Council සමග එක් වී ගුරුවරුන්ට මෙබඳු පුහුණුවක් ලබාදීම සඳහා HSBC දැරූ මෙම උත්සාහය ප්‍රශංසනීයයි. අවසන් වශයෙන් මෙහි වැඩිම වාසිය අත්වුණේ මෙරට ශිෂ්‍ය ප්‍රජාවට බව කියන්නට පුළුවන්. මින් ඉදිරියට ඔවුන්ට ඉංග්‍රීසි භාෂාවෙන් සන්නිවේදනය කිරීමේදී වැදගත්ම අංග වන ශ්‍රවණ හා කථන හැකියාවන් හොඳින් වැඩිදියුණු කරගැනීමට හැකි වේවි,” නිමාලි බදුරලිය මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.
මේ අතර, අධ්‍යාපනය යනු දියුණුවේ අඩිතාලම බව තමන් විශ්වාස කරන බවත්, ඉංග්‍රීසි භාෂාව යනු සවිබල ගැන්වීමේ බලවත් මෙවලමක් බවත් HSBC Sri Lanka ප්‍රධාන විධායක නිලධාරී මාර්ක් සර්ජනර් මහතා පැවසීය. British Council සහ අධ්‍යාපන අමාත්‍යාංශය සමග ඇතිකරගත් මෙම හවුල්කාරීත්වය ඔස්සේ ගුරුවරුන්ගේ ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතාව වැඩිදියුණු කිරීමට හැකි වීම පිළිබඳව තමන් බෙහෙවින් සතුටු වන බවත්, එමගින් සිසුන්ට වඩාත් හොඳ දැනුමක් හා මගපෙන්වීමක් ලබාදීමට ඔවුන්ට හැකි වනු ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.
“ගුරුවරුන්ට නිවැරදි මෙවලම් ලබාදීම මගින් අප උත්සාහ කරන්නේ මතු පරපුරට ගෝලීය වෙළඳපොළක් තුළ වෘත්තීය වශයෙන් සාර්ථක වීමට අවශ්‍ය භාෂා කුසලතා වැඩිදියුණු කරගැනීමට අත්වැලක් වීමටයි. මෙය ප්‍රජාවන්ගේ අනාගතය වෙනුවෙන් ආයෝජනය කරමින් දීර්ඝකාලීන ආර්ථික වර්ධනයක් ඇතිකිරීම සඳහා අප දක්වන උනන්දුවට මනා සාක්ෂියක්,” මාර්ක් සර්ජනර් මහතා වැඩිදුරටත් පැවසීය.
මේ අතර ECSRD ව්‍යාපෘතියේ සාර්ථකත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් British Council Sri Lanka හි මෙරට අධ්‍යක්ෂ ඕර්ලන්ඩෝ එඩ්වර්ඩ්ස් මහතා පැවසුවේ මෙම ව්‍යාපෘතියේ සාර්ථකත්වය සම්බන්ධයෙන් British Council මෙන්ම HSBC සහ අධ්‍යාපන අමාත්‍යාංශයද බෙහෙවින් සතුටු වන බවයි.
“උසස් උපදේශන හා තක්සේරුකරණ ක්‍රමවේදයන් සම්බන්ධයෙන් ගුරුවරුන් දැනුවත් කිරීම තුළින් අපට විශේෂයෙන්ම ග්‍රාමීය ප්‍රදේශවල ඉංග්‍රීසි භාෂාවේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට හැකියාව ලැබෙනවා. මෙය ශ්‍රී ලංකාවේ පොදු අධ්‍යාපන ඉලක්ක සමග හොඳින් සමපාත වන වැඩසටහනක්. මෙහිදී කාලෝචිත, තිරසාර සහ පරිමාණිත විධික්‍රම හඳුන්වා දීමට අප වගබලා ගත්තා. අද දින පැවැත්වූ මෙම සම්මාන උළෙල හුදෙක් ගුරුවරුන්ගේ කැපවීම වෙනුවෙන් සිදුකරන ලද ඇගයීමක් පමණක් නොවෙයි. එය ශ්‍රී ලංකාව තුළ වඩාත් ශක්තිමත් සහ ආත්ම විශ්වාසයෙන් යුතු ඉංග්‍රීසි ගුරුවර ගුරුවරියන් පිරිසක් නිර්මාණය කිරීමේ ප්‍රයත්නයක ආරම්භක සන්ධිස්ථානයක් ලෙස හැඳින්වීමට පුළුවන්,” ඕර්ලන්ඩෝ එඩ්වර්ඩ්ස් මහතා වැඩිදුරටත් පැවසීය.