ශ්‍රී ලාංකීය ඇඟලුම් ක්ෂේත්‍රය ගෝලීය ප්‍රමිතීන්ට අනුගත වෙමින් ඔරොත්තු දීමේ හැකියාව, තරගකාරීත්ව වර්ධනය කරගැනීම සඳහා නව තිරසාර ප්‍රවේශයකට ඒළැඹී ඇත. දකුණු ආසියාවේ තිරසාර ව්‍යාපාරික වැඩසටහන්වල විනිවිද බව වර්ධනය කිරීම සඳහා වන ඒකාබද්ධ ගෝලීය වාර්තාකරන ප්‍රවේශය (ITSB) , ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන සභාව, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය, සහ ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය යන ආයතනයන් ශ්‍රී ලංකාව තුල ජාත්‍යන්තර මට්ටමේ පාරිසරික, සමාජ සහ පාලන ( ESG) වාර්තාකරණ භාවිතයක් ශ්‍රී ලංකිව පුරා විසිර සිටින ප්‍රමුඛ පෙලේ අපනයන ක්ෂේත්‍රයන් හි ක්‍රියාත්මක කිරීම සඳහා කටයුතු කරමින් සිටී.

ස්වීඩනයේ ජාත්‍යන්තර සංවර්ධන සහයෝගීතා ඒජන්සියේ ( SIDA) සහාය ඇතිව දකුණු ආසියාවේ ක්‍රියාත්මක වන දකුණු ආසියාවේ තිරසාර ව්‍යාපාරික වැඩසටහන්වල විනිවිද බව වර්ධනය කිරීම සඳහා වන ඒකාබද්ධ ගෝලීය වාර්තාකරන ප්‍රවේශය (ITSB) මගින් මෙම කලාපයේ බහුජාතික, සුලු හා මධ්‍ය පරිමාණයේ රෙදි පිලි හා ඇඟලුම් සමාගම් හි දිගුකාලීන ධාරිතා පුලුල් කීරීම සඳහා අවධානය යොමු කෙරේ. මෙම වැඩපිලිවෙලට සහභාගී වන සමාගම් ගෝලීය වාර්තාකරණ සඳහා වන GRI ප්‍රමිතීන්ට අනුකූලව වඩාත් විනිවිදබවින් යුතුව තමන්ගේ සේවක භාවිතයෙහි තිරසර බව, දේශගුණික බලපෑම්, බලශක්ති භාවිතය, ආර්ථික බලපෑම්, සහ අපද්‍රව්‍ය කළමනාකරණය පිලිබඳව අවධානය යොමු කෙරේ. ව්‍යාපාරයන්ට ඔබ්බෙන් වූ ජාතික සහ ජාත්‍යන්තර සාධකයන් , නියාමන ආවරණයන්, ආයෝජකයින්, කර්මාන්තයන්හි නියැලී සිටින්නන්, ක්‍රියාකාරී කණ්ඩායම්, මාධ්‍ය සහ ශාස්ත්‍රාලීය උගතුන් මෙම ITSB ප්‍රවේශය සමග වඩාත් සමීපව කටයුතු කරයි.
ITSB ප්‍රවේශය පිලිබඳව වඩාත් පැහැදිලි කිරීම සඳහා ධාරිතා ගොඩනැංවීමේ ආරම්භක සැසිවාරයක් ජූලි 16වන දින කොළඹ Courtyard by Marriott හෝටලයේදී පැවති අතර මේ සඳහා රාජ්‍ය සහ පුද්ගලික අංශයේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයින් , අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ, ඒ්කාබද්ධ ඇගලුම් සංගම් සංසදයේ මහ ලේකම් යොහාන් ලෝරන්ස් , සහ SDC හි අධ්‍යක්ෂ ජීවන්ති සේනානායක යන මහත්ම මහත්මීහුද සහභාගී වූහ.
දකුණු ආසියානු ගෝලීය වාර්තාකරණ ප්‍රවේශයෙහි ජ්‍යෙෂ්ඨ කළමනාකාර රාහුල් සිං මෙම වැඩසටහන පිලිබඳව අදහස් දක්වමින් “ ITSB ප්‍රවේශය නිර්මාණය කර තිබෙන්නේ දකුණු ආසියාවේ රෙදිපිලි හා ඇඟලුම් කර්මාන්තයෙහි විනිවිද බව සහ තිරසර භාවිතයන් ඉහළ නැංවීමටත්, දිගු කාලීනව අභීයෝගයන්ට මුහුණ දීමේ හැකියාව ප්‍රගුණ කිරීමටත්, ලාභය, සහ ගෝලීය නායකත්වය වර්ධනය කිරීමට යන සාධක ප්‍රමුඛ කොට ගෙනයි. මෙම බහු වාර්ෂික ප්‍රවේශය තුලින් අපි මෙරට ඇඟලුම් හා රෙදිපි කර්මාන්තයේ ප්‍රමුඛතම කොටස්කරුවන් ඒක වේදිකාවකට ගෙන ඒම අපගේ අරමුණයි. ගෝලීය වාර්ථාකරන ප්‍රමිතීන්ට අනුගත වීම යනු ලොව වැඩි වශයෙන් භාවිතා වන තිරසාරත්ව ප්‍රමිතීන් තුලින් ආයතනික විනිවිදබව වර්ධනය වීම පමණක් නොව ආයෝජකයින්ගේ ආත්ම විශ්වාසය හක්තිමත් කිරීම, ජාත්‍යන්තරය තුල ශ්‍රී ලංකාව ස්තානගත කිරීම, සහ නියාමන සූදානම ප්‍රවර්ධනය කිරීම, යන සාධක මගින් විනිවිද පෙනෙන ආනාගතයට සුදානම් ආර්ථිකයක් නිර්මානය කිරීමට ද හැකියාව ලැබෙනවා.”
මෙම වැඩසටහන මගින් ශ්‍රී ලංකාවේ ක්‍රියාකාරී වැඩසැලසුමට අනුව සංවර්ධනය අන්තර්ගත සහ තිරසාර ව්‍යාපාර ධරිතාවන්, UN ESCAP වැනි ජාත්‍යන්තර ආයතනයන් සමග වන සහයෝගීතාව වර්ධනය කර ගැනීම, කර්මාන්ත අමාත්‍යංශය වැනි ආයතනයන් සමග කටයුතු කරනු ඇත. ගෝලීය ගැනුම්කරුවන් විසින් මුලාශ්‍ර සොයාගැනීමේ හැකියාව වැනි සංකල්පයන්ට ප්‍රමුඛත්වයක් ලබා දීම, ආචාර ධර්මික මූලාශ්‍ර, වැනි යුරෝපා සංගමය විසින් ක්‍රියාත්මක කරනු ලබන ආයතනික තිරසාරබවට අදාල නිසි උද්යෝගී නියෝගයන්ට ( CSDDD ) අදාලව ජාත්‍යන්තර වෙළෙඳාම මේ වන විට වෙනත් මානයකට ගමන් ගනිමින් තිබේ.
මෙම සැසිවාරය තුල රෙදි පිලි හා ඇඟලුම් ක්ෂේත්‍රයේ ගෝලීය වාර්තාකරණ ප්‍රමිතීන්ට අදාල කෙටුම්පත ( 2025) පිලිබඳව විමසා බැලීම, අමුද්‍රව්‍ය පිලිබඳ ක්‍රියාකාරී වැඩමුලුව , සහ පරිසරය, සමාජය සහ පාලනයට අදාල ප්‍රතිපත්ති සහ ආයෝජන ප්‍රමුඛතා පිලිබඳ වටමේස සාකච්ඡාව වැනි අංගයන් මීට ඇතුලත් විය. මෙම ITSB ප්‍රවේශය මේ වසර අගදී ඉන්දියාව සහ බංග්ලාදේශය යන රටවලද ක්‍රියාත්මක කිරීමට නියමිත අතර මෙම ප්‍රවේශය කලාපයේ මුලින්ම ක්‍රියාත්මක කල රට ශ්‍රී ලංකාව වීම ද විශේෂත්වයකි. ඇඟලුම් ක්ෂේත්‍රය ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ආදායමෙන් 40%ක් නියෝජනය කරන අතර මෙම ක්ෂේත්‍රයෙහි සේවයෙහි නියුතු සමස්ත ශ්‍රම ලබකාය 350,000ක් වේ. ITSB ප්‍රවේශය මගින් අනාගත අවශ්‍යතාවන්ට පෙර සුදානමක් සහිත කර්මාන්ත ක්ෂේත්‍රයක් බිහිකිරීමට අවශ්‍ය උපායමාර්ගික මෙහෙයවීම ලැබෙන අතර වඩාත් තිරසාර සහ තරගකාරී ආයතන ව්‍යුහයක් නිර්මාණය කර ගැනීමට ද හැකියාව ලැබෙනු ඇත.